COVID-19 strategy of Sri Lanka

ලොව සංවර්ධිත රටවල් හා බුද්ධිමත් නායකයන් සිටින වෙනත් රටවල් කටයුතු කරන්නේ කොවිඩ්-19 සමග ජීවත් වන්නට ජනතාව හුරු කිරීමටයි. කොවිඩ්-19 ප්‍රස්ථාරය බිංදුව කරන්නට උත්සාහ කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙන්නේ නැත. ඔවුන් උපදෙස් දෙන්නේ ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව තබාගැනීමටයි. මේ අතර ශ්‍රී ලංකාව තවමත් අනුගමනය කරමින් ඉන්නේ ‘ඔන්න ලෙඩෙක් අල්ලපියෝ’ ප්‍රතිපත්තියයි. එහි අරමුණ කොවිඩ්-19 බිංදුව කිරීමයි. කරන්නට පුළුවන් නම් එය නරක යයි කාටවත් කිව නොහැකිය. එහෙත්, එසේ කරන්නට පුළුවන් බවක් පෙනෙන්නේ නම් නැත. Continue Reading

Covid-19 thermometer

අජිත් පැරකුම් ජයසිංහ ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය දිනෙක සමීප මිතුරෙකු ඇවිත් රැයක් නිවසේ නතර වීත් ඉඳලා. ගෙදර පුටු, මේස, ඇඳන්, පිඟන්-කෝප්ප, නාන කාමර ආදිය පරිහරණය කරලා. මේ මිතුරාට අසනීප ගතියක් තිබිලා ඔහු කොවිඩ්-19 ආසාදිතයකු බව පීසීආර් පරීක්ෂණවලින්Continue Reading

drum

කොවිඩ්-19න් කරන දේශපාලනය දැන්වත් අතහැර දැමිය යුතුය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරන දේවතාවන් සේ පෙනී සිටින්නට පාලකයන් උත්සාහ නොකළ යුතු ය. ඒ වෙනුවට වයිරසයෙන් ආරක්ෂා වීමේ වගකීම වැඩි වැඩියෙන් මහජනතාවට භාර කරමින් ආණ්ඩුව වැඩි අවධානයක් ආර්ථිකය වෙත යොමු කළ යුතුය. Continue Reading

Banglasdesh cricket

ටෙස්ට් තරග තුනක් සඳහා සැප්තැම්බර් 27දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබෙන දින 14ක අනිවාර්ය නිරෝධායනය ඇතුළු දැඩි කොන්දේසි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර තරගාවලිය අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ. එකී දින 14 තුළ පුහුණුවට හෝ අවස්ථාව නොලැබීමContinue Reading

Covid-19 and the journalist

අජිත්පැරකුම් ජයසිංහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිගු කලක සිට සංචාරක රියදුරකු ලෙස සේවය කර, කොවිඩ්-19 නිසා රැකියාව අහිමිව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් රැඳී සිට නිරෝධායනය වූ මගේ මිතුරෙකු තවත් දින 14ක් ස්වයං නිරෝධායනය වීම සඳහා ඔහු මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තම නිවසට පැමිණියේ ය.Continue Reading

Kidney Patient in Galenbindunuweva

කොරෝනා වසංගතය නිසා ඇති වූ අනපේක්ෂිත තත්වය නිසා දැඩි දුෂ්කරතාවයන්  රැසකට මුහුණ පෑ පිරිසක් ලෙසට ශ්‍රී ලංකාවේ හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන පිරිස් හැදින්විය හැකිය. විශේෂයෙන්ම කොරෝනා ඇඳිරි නීති තත්වය යටතේ නොකඩවා වෛද්‍ය ප්‍රතිකාරවලට රෝහල්වලට යාමට පැවති දුෂ්කරතාවයන් මෙන්ම ආර්ථිකමය වශයෙන් මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ඔවුන් සහ ඔවුනගේ පවුල්වල පිරිස් මුහුණදුන්Continue Reading

ජුලි 22 දින ප.ව. 11.45 වන විට එම දිනය ඇතුළත කොවිඩ්-19 රෝගීන් 22ක් ශ්‍රී ලංකාවේ අලුතින් හඳුනාගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. මෙ වාර්තාව මෙතැනින්. මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කරගැනීම සඳහා මම නිල මූලාශ්‍ර සොයා ගියෙමි. පහත දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කොවිඩ්-19 ඩෑෂ්බෝඩ් එකේ 2020-07-23Continue Reading

Dinesh - AP photo by Eranga Jayawadena

ජාඇල, සුදුවැල්ලේ පදිංචි 33 හැවිරිදි විවාහක දෙදරු පියකු වන ප්‍රසාද් දිනේෂ් ත්‍රිරෝද ටැක්සි රියදුරකු ලෙස රැකියාව කළ අයෙකි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වූ ඔහු පසුගිය අප්‍රේල් 5දා ඇඳිරි නීතිය අතරතුර හෙරොයින් මිල දී ගැනීම පිණිස සගයන් කිහිපදෙනෙකු සමග ගොස් නිවසකින් පොල් සොරකම් කරන්නට උත්සාහ කිරීමේදී හසු වී, ගම්මුන් විසින් පහර දීContinue Reading

Gipsy people

කෝවිඩ් 19 වසංගතය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව තුළ මිලියනයකට අධික දෛනික ශ්‍රමිකයන් පත් වූවේ දැඩි අපහසුතාවයකටයි.ඒ ඔවුනගේ අවිධිමත් ආර්ථික කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතවීම නිසයි. මේ අතරින් දිවයිනේ වෙසෙන අහිකුණ්ඨික ජන ප්‍රජාවට ඇති වූ බලපෑම අති මහත් වූවක්. ඒ ඔවුනගේ  තැනින් තැනට යමින් සිදුකරන  සාස්තර කීම, නයි නැටවීම වැනිContinue Reading

Quarantine cartoon

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව, ඔහුගේ අන්තේවාසික සෙසු දේශපාලකයන් ද සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් ය කියා ය. ඇඳිරි නීති පැනවූ මුල් කාලේ පටන් ම ඔවුන්ට කොරෝනා නිරෝධායන නීති අදාළ නැති බවක් ඔවුන් පෙන්වන්නේ එහෙයිනි. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවිධ ආගමික වතාවත් සඳහා පන්සල් ගානේ රාජ්‍ය සංචාරවල යෙදෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යාමContinue Reading