ලංකාවෙ මුස්ලිම් මිනිසුන් කතා කරන භාෂාව නොදත් ළමයි

“මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ? ” යන මේ ප්‍රශ්නය රූපවාහිනී වැඩසටහනකදී පාසල් ශිෂ්‍යාවක් දේශපාලනඥයන්ගෙන් අසා තිබේ. මෙය මේ දිනවල ජනප්‍රිය ප්‍රශ්නයකි.
වසර 12කට පෙර මා අගලවත්ත කොට්ඨාසයේ ප්‍රධාන පාසලක සේවය කරද්දී මා ඉංග්‍රීසි ඉගැන්වූ 10, 11, උසස් පෙළ ආදී පන්ති සියල්ලේ ළමයින්ගෙන් ප්‍රශ්නයක් ඇසුවෙමි. ලංකාවේ මුස්ලිම් ජනයා කතා කරන භාෂාව කුමක්ද යන්න එම ප්‍රශ්නයයි. පිළිතුර ලෙස අරාබි භාෂාව පමණක් නොව ඇදහිය නොහැකි පිළිතුරු පවා ලැබුණමුත්, එකද ළමයෙකු හෝ දෙමළ යන පිළිතුර දුන්නේ නැත.
මේ කාරණය මා ගුරු කාමරයේදී කියන විට අපේ මිතුරු ගුරුවරුන්, ගුරුවරියන්ගේ මුහුණින් ප්‍රකාශ වුණ නොදන්නාකම මට තවමත් මතක ය. වාසනාවට එක් අයෙකු ‘දෙමළ නේද?’ ඇසුවා ය. මේ තත්වය අද වන විට වෙනස් වී තිබේ ද?
ඒ ආසන්න වකවානුවකදී මා දුටු තවත් කරුණක් වන්නේ, දුෂ්කර පාසලක තුන්වන ශ්‍රේණියට ඉගැන්වූ ගුරුවරියක් විවිධ ඇඳුම් අන්දා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යයි ඉගැන්වීමයි.
භාෂාව, ජාතිය, ආගම ගැන දරුවන්ට පැහැදිලිව ඉගැන්වීමක් පාසල් අධ්‍යාපනය තුළ නැත. ළමයින්ට මේවා නිතර පැටලේ. ජාතිය වෙනුවට ආගමේ නම කියන ළමයින් එමට ය. ඉංග්‍රීසි භාෂාවෙන් මේ වෙනස්කම් සහිත පද භාවිතය ළමයින්ට හුරු ම නැත. මා මේ කියන්නේ ගුරුවරයකු ලෙස මගේ අත්දැකීම් ය. ඔබේ දරුවාගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරගත හැකි ය. මා ඉගැන්වූ සෑම පන්තියක ම ළමයින් සමග මම මේ කරුණු සාකච්ඡා කළෙමි.
පසු කලෙක මා අර්ධ නාගරික පාසලක ඉංග්‍රීසි, මාධ්‍ය යන විෂයන් උගන්වමින් පාසලේ ක්‍රිකට් භාරව ද කටයුතු කළෙමි. දෙමළ මාධ්‍යය ඉගැන්වූ පාසලක් ලෙස දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම පාසලේ දෙමළ අංශය ක්‍රියාත්මක වූයේ වෙනම අනුබද්ධයක් ලෙස ය. මේ අංශ දෙක එකම භූමියේ එකට තිබුණත්, සිංහල හා දෙමළ ළමයින් මුසු වන පරිදි ක්‍රියාකාරකම් සිදුකෙරුනේ නැත. පාසලේ පොදු ක්‍රියාකාරකම් බොහොමයකට දෙමළ සිසුන් සහභාගි කරගැනුණේ ද නැත. මා ක්‍රිකට් භාරව සිටියදී එම සිසුන් කිහිපදෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන්වාගත්තෙමි. ක්‍රීඩාවේ යෙදෙන විට ඔවුන් අතර භේද තිබුණේ නැත.
ඉහත කී සිසුවිය තමන්ට දෙමළ මිතුරකු නැති වීම ගැන වැඩිහිටියන්ට දොස් පැවරීමේ කිසිදු වරදක් නැත. මව්පියන්, ගුරුවරුන් දරුවන්ට ජාතිවාදය පුරුදු කරන හැටි මම දැක ඇත්තෙමි.
ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරන්නට ය කියා දෙවන බස ලෙස සිංහල සිසුන්ට දෙමළත්, දෙමළ හා මුස්ලිම් සිසුන්ට සිංහලත් ඉගැන්වීම හඳුන්වා දෙන ලදී. අවසානයේදී එය ද තව ටියුෂන් ජාවාරමක් පමණක් බවට පත් විය. සිංහල සිසුන්ට දෙමළ බස උගන්වන ගුරුවරුන් වැඩිදෙනෙකුට දෙමළ කතා කරන්නට බැරි බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි.
සාමය ගොඩනැගීම සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන දකුණෙන් උතුරට, උතුරෙන් දකුණට තරුණ හුවමාරු වැඩසටහන් කරනු මම දැක ඇත්තෙමි. එහෙත්, අපේ ගම් පැත්තේ එක ගම බෙදාහදාගෙන ජීවත් වෙන දෙමළ, සිංහල මිනිසුන් අතර ජාතික සමගිය ඇති කරන්නට වැඩ කරන කිසිවෙකු නැත. ලංකාවේ ජාතීන් අතර සාමය ගොඩනගන්නට ය කියා රාජ්‍ය නොවන සංවිධාන විසින් වියදම් කරන ලද මුදල් කන්දරාව අසීමිත ය. ඉහත කී ගැහැණු ළමයාගේ ප්‍රශ්නයට ඔවුන් වගකිව යුතු නැද්ද?
ගොඩාක් වෙලාවට සිංහල මිනිස්සු හිතන් ඉන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අය කතා කරන්නේ දෙමල නෙමෙයි මුස්ලිම් කියල වෙනම බශාවක් කියල,
හේතුව කොළොඹ මුස්‌ලිම අය කතා කරන දෙමල උතුරු නැගෙනහිර කතාකරන දෙමල වලට වඩා වෙනස්.
පැරකුම් මම මේ ගැන හොඳට හොයල බලල තියෙන්නේ මම දැන් කාලයක් ඉන්දියාවේ කේරලයේ හිටපු නිසා සෑහෙන තොරතුරු හොයාගෙන තියෙනවා.
මේ ගැන වැඩිපුර ලියන්න නම් සිංහල භාෂාව දෙමල භාෂාව සහ මලයාලම් භාෂාව යන භාෂාවන් ත්‍රිත්වයම හොඳට දන්නා නිදහස් පුද්ගලයෙකු හොයාගන්න වෙනවා,
ඇත්තෙන්ම ලංකාවේ මුස්ළිම් ප්‍රජාවට අයත් බහුතරය මිශ්‍ර දෙමළ බස මවබස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාව ප්‍රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්‍යාපාරික ප්‍රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ. මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහි original ස්වරූපයෙන් වෙනස්ව ඇත. උදාහරණ ලෙස දෙමල බසට අරාබි වදන්ද, මැලේ බසට අරාබි හා දෙමළ වදන්ද සම්මිශ්‍රණයවී ඇත. මුළික කාරණය නම්, මුස්ළිම් යනු ආගමික ප්‍රජාවක් ( බෞද්ධ, කිතුණු වැනි) මිස වාර්ගික ප්‍රජාවක් නොවන බව ලංකාව තුළ අවබෝධ්යක් නැති කමයි. දෙමළ බස භාවිතා කරණුයේ යෝනක/මරක්කළ (තම්බි යන පොදු වහර – MOORS) ප්‍රජාව වන අතර, මැලේ බස පරිහරණය කරනුයේ මැලේ/ජා ප්‍රජාවයි. මුස්ළිම් යන අරාබි වදන ගොඩනැගී ඇත්තේ මු+ඉස්ළාම් හෙවත් ඉස්ළාමය පිළිපදින්නා යන අරුතිනය තවත් පැහැදිළි කිරීමක් නම් අරාබි බසින් ඉංජිනේරු වැඩ යනු “හන්දසාත්” වන අතර මු+හන්දසාත් යනු මුහන්දිස් හෙවත් ඉංජිනේරුවා යන්නය. මෙම ගැටළුවට මුල යෝනක ප්‍රජාව කුමක් හෝ හේතුවක් නිසා තමුන්ගේ වාර්ගිකත්වය යෝනක (ද්‍රවිඩ බසින් නම් සෝනවන්) ලෙස ප්‍රසිද්ධියේ භාවිතා නොකර එය මුස්ළිම් ලෙස භාවිතා කිරීමයි මේ ලියුම්කරු මැලේ/ජා කෙනෙක් වන අතර වරක් රැකියා ස්ථානයේදී එක් යෝනක සගයෙක් මගෙන් අසා සිටියේ මට චතුර ලෙස දෙමළ කථා කරන්නට බැරිනම් මා මුස්ළිම් කෙනෙකු වන්නේ කෙසේද යන්නයි. ඔහුට මගේ සරළ පිළිතුර වූයේ නබිතුමා කථාකලේ ද්‍රවිඩ බසද යන්නයි. මෙම යථාර්තය ඔවුන් පවා නොදන්නා බව එයින් පැහැදිළි වන්නේ නැද්ද? මෙම ප්‍රජාවන් දෙක ආගමික අතින් එකක් වුවද සංස්කෘතික අතින් වෙනස් වෙති. නමුත් කේරළයේ හෝ තමිල්නාඩුවේ මෙම ප්‍රශ්ණය නැත. තමිල්නාඩුවේ නම් හින්දු, ක්‍රිස්තියානි, මුස්ළිම් භේදයකින් තොරව ඔවුන් සියල්ලෝම තමිල් හෙවත් ද්‍රවිඩයින් වන අතර කේරළයේ ඔවුන් සැම දෙනාම කේරළයින්/මලබාරී වරුන් වෙති. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය මෙම වැරැද්ද නිවැරදි කිරීමට උත්සාහ ගත්මුත්, බහුතරය යෝනකවරුන් නිසා එය සාර්ථක වුනේ නැත. රවුෆ් හකීම්, හිස්බුල්ලා, මුජිබර් රහුමාන්, ෆවුසි, සහරාන්, බදියුද්දීන් මහමුද් යනු යෝනකයින් වන අතර ටී.බී.ජායා, ලතීෆ්, ආමිත් මැලේ වරුන් වෙති. මෙම සටහන ගැන පැරා අවධානය යොමුකරාවි යැයි සිතන අතර සමාජයට මෙම නිවැරදි පණිවිඩය ගෙනගිය හැකිනම් praja.lk වෙත එම ගෞරවය හිමිවනු ඇත.
ලංකාවේ මූවර් මුස්ලිම් අය මෙන්ම ඊට අඩු සංඛ්යාවකින් යුතු මැලේ/ජා, බෝරා වැනි ජනවාර්ගික විවිධත්වය සහිත ආගමෙන් මුස්ලිම් වූ ජන කොටස් ද වාසය කරති. එයින් මූවර් මුස්ලිම්වරු වැඩි දෙනෙක් පළමු බස ලෙස දෙමළ බස කතා කරති. දෙමළ උප භාෂා අතර මුස්ලිම්වරුන්ගේ උපභාෂාව විශේෂය.
කැබිතිගොල්ලෑවේ සිංහල පාසලක දරුවන්ටත් කිලිනොච්චියේ පාසලක දරුවන්ට ත් එකිනෙකා හඳුනාගැනීමට ද එකිනෙකාගේ භාෂා ඉගෙනීමටද උදවු කරමින් මේ කතරට දිය දෝතක් හෝ එකතු කරන කණ්ඩායමක් ගැන දනිමි. එවැනි වෙනත් මා නොදන්නා කණ්ඩායම්ද ඇති බව මගේ අනුමානයයි.