chinese tools

අජිත් පැරකුම් ජයසිංහ

අවුරුදු තුනකට කලින් ලියපු මේ සටහන නැවත මතුවෙලා තිබුණා. මේක ඇත්තටම නිෂ්පාදන ක්‍රියාවලිය හා වෙළඳපොළ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නට ඉවහල් කරගන්නට පුළුවන්.

//Screw them!

මං දවසක් කීල්ස් එකක තිබිලා මේ වගේ ලස්සන ඉස්කුරුප්පු නියන්/ බොක්ස්පැනර් සෙට් එකක් ගත්තා. ලාභයි. එච්චර හොඳ නැති බව දන්නවා වුණත් ළමයින්ට සෙල්ලං කරන්න හරි පුළුවන් බව සිතුවා. පොඩි එකී එක ඇණයක් ඇල්ලුවා එතනින් එක ඉස්කුරුප්පු නියනක් ඉවරයි. අනෙක් ඒවාත් එහෙමයි.

‍මෙතන තියෙන ගැටලුව මේකයි. මේ නිෂ්පාදන, බෙදාහැරීම් හා අලෙවි දාමය කොච්චර විශාල ද? කොයි තරම් ජාත්‍යන්තර ද? මේ යකඩ හැදුවෙ ඕස්ට්‍රේලියාවෙ වෙන්න ඇති. අවසාන නිෂ්පාදනය ආවෙ ලංකාවට. ඒ වුණාට එක ඇණයක්වත් ගලවන්නට බැරි වුණා.//

ලෝකෙ කවුරුහරි මොකටද මේ වගේ නිෂ්පාදන කරන්නෙ? මේකෙන් පාරිභෝගිකයාට කිසිම වැඩක් නැහැ. ඇතැම් විට නිෂ්පාදනය කරන කම්කරුවන්ටත් වැඩක් නැතුව ඇති. චීනෙ මේ වගේ බාල බඩු නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවල ගෙවනවා ඇත්තෙ අඩු පඩි. අති විශාල ශ්‍රම සූරාකෑමක් කරනවා ඇති. මේ භාණ්ඩ ලංකාවෙ වෙළඳපොළේ මීට අවුරුදු තුනකට කලින් විකුණන්නට තිබුණෙ හිතන්න බැරි තරම් අඩු මිලකට. ඒ අපේ අතරමැදියන් ගත් මිලට සාපේක්ෂව එයින් අති විශාල ලාභයක් ලැබුවාට පසුව වෙන්න පුළුවන්.

කිසිම වැඩකට නැති මේ නිෂ්පාදන හා අලෙවිය වෙනුවෙන් රටවල් ගණනාවක් සම්බන්ධ වෙනවා. ඛනිජ සම්පත් පාවිච්චි කරනවා. අති විශාල ජල ප්‍රමාණයක් භාවිතා කරනවා. වායු දූෂණය කරනවා. නැව් මගින් ප්‍රවාහනය කරනකොට සාමුද්‍රික පරිසර දූෂණයක් ද කරනවා. අවසානයේදී ලංකාව වගේ රටවල මේවා ඩම්ප් කරනවා.

මෙතනදී මේ සමාජවාදී චීනයේ ව්‍යාපාරිකයන් කරන්නෙ ඉතාම නින්දිත වැඩක්. ඔවුන් ධනේශ්වර වෙළඳපොළ හා ලාභය කියන සංකල්ප පවා විනාශ කරනවා. මේ බාල බඩුවලට දියුණු ධනේශ්වර ලෝකයේ වෙළඳපොළවල ඉල්ලුමක් නැහැ. ඒවා එන්නෙ ලංකාව වගේ නොදියුණු රටවලට. සමාජවාදී චීනය කැතම සූරාකෑම කරන්නෙ ඒ රටවලින්. අපේ රටවල මිනිසුන්ගෙ දිළිඳුකම වගේම රජයන්ගෙ වෙළඳපොළ නියාමනයේ දුබලකමුත්, වෙළඳුන්ගෙ අධික ලාභ ලැබීමේ නීච ආසාවත් ඔවුන් පාවිච්චි කරනවා.

නියාමනයකින් තොර වෙළඳපොළ කෙසේ විය හැකිද කියන එක මේ උදාහරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ වෙනකොට ආණ්ඩුව මේ ප්‍රශ්නය සමග සටන් පෙරමුණු ගණනාවකින් යුද වදිනවා. එකක් බිත්තර වෙළඳපොළ. අනෙක අධ්‍යාපන වෙළඳපොළේ ප්‍රධාන පොදු භාණ්ඩයක් වන විභාග සම්බන්ධ වෙළඳපොළ.

පවතින තත්වයන් වෙනස් කිරීම ලේසි නැහැ. එක පැත්තකින් නීති හදන්නට ඕනැ. නීති හදලා විතරක් මදි. නීති ප්‍රජාවේ ඔලුව හදන්නත් ඕනැ. මොකද, නීති ප්‍රජාව හැඩගැහිලා තියෙන්නෙම නීතියේ සිදුරුවලින් ලාභ ලැබීම වෙනුවෙන්. අනෙක් පැත්තෙන් නීතිය සම්බන්ධ ආයතන ඉතා දූෂිතයි. දඩයක් නියම වෙන කෙනෙකුව කූඩුවට නොදා ඉන්න නිලධාරීන් පගා ගන්නෙ විනිශ්චයකාරවරුන් ඉදිරිපිටමයි.

අනෙකුත් ආයතනත් එහෙමයි. මහජනයාත් ඒ ජාතියෙම තමයි. මහජනයාට නායකත්වය දෙන බව කියන වාමාංශිකයන් ඇත්තෙන්ම කරන්නෙ මේ සකලවිධ පසුගාමීත්වයන් සංරක්ෂණය කරන එක. විප්ලවවාදීන් වන අපි වම ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ඒ නිසා.

විප්ලවය කියන්නෙ නොනවතින අඛණ්ඩ ක්‍රියාවලියක්. ඒක ඒක රේඛීය නැහැ. පොතේ විදියට සංවිධානය වෙලා පෙළගහලා නැහැ. ඒ සිට ඉසෙඩ් දක්වා ටික් කර කර යන ගමනක් නෙමෙයි මේ. ඉතිහාසගත වෙන්න තරම් පාරිශුද්ධ නායකයන් එක්ක මේක කරන්න බැහැ. එහෙම එවුන් ඇත්තෙත් නැහැ. කොටින්ම පුද්ගලයන්ගෙ කිසිම වැදගත්කමක් නැහැ. ඉතිහාසය තමයි වැදගත් විප්ලවය කියන්නෙ බාධක මැදින් කපාගෙන යන පාරක්. කැමති ඕනැම කෙනෙකුට එක උදලු පාරක් දෙන්න පුළුවන්.

1 thought on “නිෂ්පාදනය, වෙළඳපොළ, චීනය හා විප්ලවය

  1. Pramithigatha honda baduwak wedi mudalakata milata gaththah hondai .
    Ko honda badu .!
    Dhaneshwara yai hanwadu gesu ratawala nishpadanayan mila wedie . Dilindu ho nodiyunu ratawal ewwa nogenwai .
    Mudal hengaya haa laaba wediyen ganna beri nisaa viyaheka .
    Minissuth ganang aduwen hoyana nisath wenna athi .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: