ජාතික ප්‍රාර්ථනා
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද දේශපාලන උපහාස කවියකි.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද දේශපාලන උපහාස කවියකි.Continue Reading
අයවැය යෝජනාවල තියෙන ඇත්තෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකි එකම දෙය වන්නේ රු. බිලියන 2,900ක ඉහළ සීමාවකට යටත්ව රජය ණය ගැනීමයි. 2020 වසරේද රජය රු. බිලියන 2,650ක් ණය ගත්තේය. 2021 වසරේ ගන්නට යන ණය ප්‍රමාණය අයවැය පරතරය මෙන් දෙගුණයකට ආසන්න ණය ප්‍රමාණයකි. එසේ ණයට ගන්නා මුදල්වලින් කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය. Continue Reading
පන්සල් ගිය පමණින් ඉල්ලාගෙන දමාගත් උරචක්‍රමාලයෙන් ගැලවිය නොහැකිය. ආණ්ඩුවේ සියලු දේශපාලකයන්ගේ, විපක්ෂයේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ, පෞද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානවල හා පුරවැසියන්ගේ සහයෝගය බලමුළුගන්වාගන්නට ජනාධිපතිවරයා මුලපිරිය යුතුය. යාහැකි වෙනත් මාර්ගයක් නැත. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ නිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 27 සිට දෙසැම්බර් මැදභාගය දක්වා පැවැත්වේ. විස්තර මෙතැනින් Read Lanka Memo>> අලුත් සාමාන්‍ය තත්වයට ගැලපෙන පරිදි රජය ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසා තිබේ. ඒContinue Reading
බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය. කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත. දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත. Continue Reading
ඉන්දියාව එක්සත් ජනපද මූලෝපායේ වැදගත් අවධානයක් වේවි. බොහෝ අවස්ථාවලදී, ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉන්දියාව හා චීනය සම්බන්ධ වඩා පුළුල් මූලෝපායන් සමග අනුගත වන්නටයි. ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්‍රමුඛතාවක් වනු ඇතැයි සිතීම ටිකක් යථාර්ථවාදී නැහැ. Continue Reading
ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ. Continue Reading
මෙම අවසානාවන්ත කාලයේ ඉදිරි වසර කීපය තුළ රට ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත්, පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට අපගේ සහයෝගය ලබාදිය යුතු ය. වෛද්‍ය වැනි හේතුවක් පෙරට දමා බලය අතහැර පළා යන්නට නායකයන් පෙළඹෙන තරමේ අසහනකාරී අර්බුදයක් මැද සිටින පාලකයන් රැකගත යුතුව ඇත්තේ අන් හේතුවක් නිසා නොවේ. පාලකයන් මාරු කිරීම තේරුමක් නැත. කවුරු ආවත් මෙම වසර කීපය තුළ කළ හැකි දේ අවම ය. පොර කා අවාසනාව වැළඳගත් පාලකයන්ට ගත්තා නම් කරගන්නට ඉඩ දීම පුරවැසියන් ලෙස අපගේ වගකීම ය. Continue Reading
ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත. Continue Reading
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ගෝඨාභය රාජපක්ෂට දැන් කළ නොහැකි කිසිවක් න්‍යායිකව නම් පැවතිය නොහැකි ය. ඒ නිසා දැන් ඉතින් අරක නැති නිසා බැරි ය. මේක නැති නිසා බැරි ය කියන්නට ද බැරි ය. එම්සීසී ගිවිසුම්, සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම්, ඉන්දියාවට වරාය බදු දෙන ගිවිසුම් ආදී ඕනැ එකක් කරන්නට පුළුවන් වෙනවා වගේ ම මහජන බලාපොරොත්තු ඉටු කර රට සෞභාග්‍යවත් කර ජනතාව සුඛිත මුදිත කරන්නටත් බැරි වෙන්නට දැන් ඉතින් කිසිදු හේතුවක් නැත. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us