Thilak Weerasinghe

මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්. Continue Reading

National flags

ජනාධිපති ගෝඨාභය රජයේ ඉහළ තනතුරුවලට හමුදා නිලධාරීන් පත්කිරීම කුමන්ත්‍රණ න්‍යායයෙන් විග්‍රහ කර භයානක චිත්‍රයක් නිර්මාණය කරන්නටත් පුළුවන්. එහෙත්, මා නම් හිතන්නේ ජනාධිපතිවරයාට සාර්ථක මර්දකයකු වන්නට ඉඩක් නැහැ. මහජන මර්දනයට බැස්සොත් ඔහුට ගොඩඑන්නට බැරි වේවි. ඒ වගේම, ජන මර්දනයකට හමුදා සහාය කොයිතරම් දුරට ලැබෙයිද කියන එකත් සැකයි. යුද කාලයේ හමුදාවලට වඩා ශිෂ්ට, වඩා වෘත්තික මට්ටමේ හමුදා තමයි දැන් තියෙන්නෙ. Continue Reading

Photo by Ajith Perakum Jayasinghe

දැනට යන විදියට නම්, මේ අවුරුද්දේම සිදුවිය හැකි ලොකුම විනාශය රටට සිදුවනු ඇද්ද? එය ලබන අවුරුද්දටවත් කල්දමාගන්නට හැකි වේද? දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතුව මියයන තත්වයක් නිර්මාණය වෙයිද? රජය රටේ පුරවැසියන් ඝාතනය කිරීම හා වධදීම තවතවත් වැඩි වේවිද? ජාති, ආගම් අතර ගැටුම් තවත් තීව්‍ර වෙයිද? සියල්ල අළු දූලි මතින් යළි පටන් ගන්නට සිදුවෙයිද? ඒ කවදාද? මෙරට ජනතාව ලෙස අප එයට සූදානම්ද?Continue Reading

flags of Sri Lanka's Provinces

දැනට ක්‍රියාත්මක පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුයි. එම සීමා නිර්ණය සම්මත කරගැනීමට අවශ්‍ය බහුතර බලය වත්මන් ආණ්ඩුවට තිබෙනවා. පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවා දැනට තිබෙන පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට තිබෙනවා Continue Reading

Mahinda Rajapaksa and Sarath Nanda Silva

සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි වංචා හෙල්පිං හම්බන්තොටට සීමා නොවුණු බව අපි පැහැදිලිවම කියන්නෙමු. ඒ පිළිබඳ ලිපියේ අගහරියේ දැක්වේ. සුනාමිය සමයේ ශ්‍රී ලංකාවේ අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලදContinue Reading

Sri Lanka sinking

වත්මන් පාලනය සමග ගැටෙන්නට නොගොස් ඔවුන් පොරකා උදුරාගත් රාජ්‍ය පාලන වගකීමේ රස බලන්නට හා හැදෙන්නට හෝ නැතිවන්නට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදිය යුතුය. බලය අල්ලාගැනීම තමන් විසින් ගොඩනගාගන්නා ලද මුග්ධ බලවේගයට ඔවුන් සමග ගනුදෙනු බේරාගන්නට ඉඩදිය යුතුය. අප අරගල කළ යුත්තේ හැකිතරම් ජනතාව ඒ මෝඩ පොකුරෙන් ගලවාගන්නටය. කාලය විසින් බොහෝ දේ විසඳා දෙන නිසා අප එතරම් කලබල විය යුතු නැත. Continue Reading

circulars on coconut, cartoon by Ajith Perakum Jayasinghe

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.Continue Reading

භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?Continue Reading

Champika Ranawaka and Sajith Premadasa

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත. Continue Reading

මුස්ලිම් ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබෙන කාරණයක් තිබේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මුස්ලිම් ජනතාවට කිසිවක් දිනාගැනීමට ලැබෙන්නේ නැත. ඒවාට ගොදුරු වීමෙන් ඔවුන් සිංහල ජනතාව අතර සිටින මිතුරන් ද අහිමි කරගනිමින් සිටියි. ඔවුන්ට ලෝකයේ වෙන කොහේවත් සිංහල ජනතාව තරම් සමීප මිතුරන් පිරිසක් නැත.Continue Reading