Constituent of Sri Lanka People's Party

මෙම කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි. 69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි. තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ. එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.Continue Reading

myths about locally produced Sri Lankan flag

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත. Continue Reading

Thieves

වර්තමාන ආණ්ඩුවත්, මේ වරාය වෘත්තීය සමිතිත් අතර මහා ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ යයි සිතන්නේ නම් එය ද මුළාවකක් විය හැකිය. පසුගිය මහ මැතිවරණය අභිමුව වරාය වෘත්තීය සමිති විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය අරගලය අවසන් වූ හැටි නැවත සිහිපත් කරන්න. එදා අරලියගහ මන්දිරයට ගොස් පැමිණි වෘත්තීය සමිති නායකයන් කතාකළේ ගැහිගැහීය. ලිඛිත පොරොන්දු කිසිවක් නොමැතිව සටන අවසන් විය. දැන් වෘත්තීය සමිති නායකයන් අතර එහෙම බයක් නැත්තේ ඇයි? වරාය විකිණීමට එරෙහි සටන ද ආණ්ඩුව විසින්ම මෙහෙයවනවා වෙන්නට පුළුවන. ඉන්දියාවට නොදී රැකගන්නා දේ පසුව චීනයට දෙන්නට පුළුවන. Continue Reading

Gotabaya on wall

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ ‘බල්ලෙක් වගේ හතරගාතේ දාලා’ ගියේ සන්නද්ධ ප්‍රභාකරන් පමණක් නොවේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වැනි තවත් බොහෝ නිරායුධ අයට ද එම ඉරණම ලබාදෙන ලදී. ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ ජාතියෙන් කරන එක නොවේ. මේ වෙලාවේ ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වී තිබෙන රට වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කරන්නට පුළුවන් හැම දෙනා ඒකරාශී කරගන්නා එකය. ඒ වෙනුවෙන් අපි ද පුළුවන් දෙයක් කරන්නෙමු. Continue Reading

Thilak Weerasinghe

මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්. Continue Reading

National flags

ජනාධිපති ගෝඨාභය රජයේ ඉහළ තනතුරුවලට හමුදා නිලධාරීන් පත්කිරීම කුමන්ත්‍රණ න්‍යායයෙන් විග්‍රහ කර භයානක චිත්‍රයක් නිර්මාණය කරන්නටත් පුළුවන්. එහෙත්, මා නම් හිතන්නේ ජනාධිපතිවරයාට සාර්ථක මර්දකයකු වන්නට ඉඩක් නැහැ. මහජන මර්දනයට බැස්සොත් ඔහුට ගොඩඑන්නට බැරි වේවි. ඒ වගේම, ජන මර්දනයකට හමුදා සහාය කොයිතරම් දුරට ලැබෙයිද කියන එකත් සැකයි. යුද කාලයේ හමුදාවලට වඩා ශිෂ්ට, වඩා වෘත්තික මට්ටමේ හමුදා තමයි දැන් තියෙන්නෙ. Continue Reading

Photo by Ajith Perakum Jayasinghe

දැනට යන විදියට නම්, මේ අවුරුද්දේම සිදුවිය හැකි ලොකුම විනාශය රටට සිදුවනු ඇද්ද? එය ලබන අවුරුද්දටවත් කල්දමාගන්නට හැකි වේද? දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතුව මියයන තත්වයක් නිර්මාණය වෙයිද? රජය රටේ පුරවැසියන් ඝාතනය කිරීම හා වධදීම තවතවත් වැඩි වේවිද? ජාති, ආගම් අතර ගැටුම් තවත් තීව්‍ර වෙයිද? සියල්ල අළු දූලි මතින් යළි පටන් ගන්නට සිදුවෙයිද? ඒ කවදාද? මෙරට ජනතාව ලෙස අප එයට සූදානම්ද?Continue Reading

flags of Sri Lanka's Provinces

දැනට ක්‍රියාත්මක පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කළ යුතුයි. එම සීමා නිර්ණය සම්මත කරගැනීමට අවශ්‍ය බහුතර බලය වත්මන් ආණ්ඩුවට තිබෙනවා. පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවා දැනට තිබෙන පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට තිබෙනවා Continue Reading

Mahinda Rajapaksa and Sarath Nanda Silva

සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි වංචා හෙල්පිං හම්බන්තොටට සීමා නොවුණු බව අපි පැහැදිලිවම කියන්නෙමු. ඒ පිළිබඳ ලිපියේ අගහරියේ දැක්වේ. සුනාමිය සමයේ ශ්‍රී ලංකාවේ අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලදContinue Reading