ළමා ශ්‍රමය තුරන් කිරීමේ ජාත්‍යන්තර වර්ෂයේදී බදුර්දීන්ගේ ගෙදරදී මරාදැමූ/ මියගිය හිෂාලිනී
රිශාඩ් බදුර්දීන්ගේ නිවසේදී මියගියේ දැරියක නොවේ. 16 හැවිරිදි ගැහැණු ළමයෙකි. දරුවා හෝ දැරිය හෝ කියන්නේ ළමයෙකුට පෙර වයසේ පුද්ගලයන්ටය. අපයෝජනයට ලක්වන ගැහැණු ළමයින් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා දැරිය යන වචනය යොදයි. දැන හෝ නොදැන මේ කරන්නේ ළමා අපයෝජකයන්ගේ පරිකල්පනීය ෆැන්ටසියට අවශ්‍ය පරිදි මේ ප්‍රවෘත්ති සංවේදී කර සැපයීමයි. නිසි තාක්ෂණික වචන භාවිතා නොකිරීම ද අපයෝජනවලට දිරි දීමකි. Continue Reading




















