Joseph Stalin

ජෝසප් ස්ටාලින් නම් ගුරු සංගම් නායකයාට කාලකණ්ණියෙකු යයි, අසාර්ථක පුද්ගලයකු යයි අවමන් කරන සාර්ථක පුද්ගලයා වන කෙහෙළිය රඹුක්වැල්ලගේ පැටිගිරිය එහෙමයි. සැබෑ කාලකණ්ණින් වන්නේ සමාජයට අවාසනාව උරුම කරදී, පව්කාර ලෙස, සැප සම්පතින් පිරි, තෘෂ්ණාභරිත, අතෘප්තිමත් ජීවිත ගතකරන මෙවැනි මිනිසුන් තමයි. මෙවැනි දේශපාලුවන් ගැන නොදන්නා කෙනෙකු නැහැ. ඒත්, ප්‍රශ්නය එය නොවෙයි. සමාජයක් ලෙස අප අනුගමනය කරන්නේ කාවද? එක් කෙළවරක කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනික, එහෙත්, සමෘද්ධිමත් පුද්ගලයන් සිටිනවා. අනෙක් කෙළවරේ තපස් ජීවිතයක් ගතකිරීම හේතුවෙන් රඹුක්වැල්ල වැනි අයගෙන් කාලකණ්ණින් යයි පද අසාගන්නා ජෝසප් ස්ටාලින් සහෝදරයා වැනි අය ඉන්නවා. එය දුෂ්කරයි. තෝරාගැනීම පෞද්ගලිකයි. එහි හොඳ වගේම නරකත් තිබෙනවා. ඒත්, කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනිකයකු නොවී සාධාරණව මුදල් උපයාගෙන සුවපහසු ජීවිතයක් ගතකරන්නටත් ඔබට උත්සාහ කරන්නට පුළුවන්. වඩා වැදගත් වන්නේ පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තෝරාගෙන පාරිභෝජනවාදයට යට නොවී සිටීමයි. Continue Reading

Keheliya

කෙහෙළිය රඹුක්වැල්ල සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ මංසලකුණක් ලෙස සැලකෙනවා. ලලිත් ඇතුලත්මුදලි නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී 2000 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වෙනවා. 2001, 2004 මහ මැතිවරණවලදීContinue Reading

COVAX

අජිත් පැරකුම් ජයසිංහ COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ළඟාවුණා. එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන එන්නත් මාත්‍රා 1,500,100ක් මෙම තොගයට අඩංගු වුණා. අද ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලැබෙන දෙවන ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකාContinue Reading

Beggar's injury cartoon by Ajith Perakum Jayasinghe

පාස්කු ප්‍රහාරය ගැන ආගමික දේශපාලක කාදිනල්වරයා වරින් වර නිකුත් කරන ප්‍රකාශ ගැන අපට කීමට ඇති සියල්ල මේ කාටුනයෙහි කියා තිබේ. දුෂ්ට අරමුණු සහිත මෙවැනි ප්‍රතිගාමී බලවේග සම්බන්ධයෙන් තවත් වචන නාස්ති කිරීම තේරුමක් නැත. තවත් විස්තර අවශ්‍ය නම් මේ ලිපි කියවන්න: පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?Continue Reading

Use of quarantine laws to suppress protests in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ නිරෝධායන නීති භාවිතා කරමින් විරෝධතා මර්දනය කිරීම හා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවක් රට පුරා පැනනැගී තිබේ. “මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාමාර්ග සිදුකිරීම මගින් කොවිඩ් රෝගය පැතිර යාමේ විශාල අවදානමක් පවතී. එබැවින් එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන පොදුContinue Reading

Basil on election day

බැසිල්ගේ වැඩසටහනට ඇත්තේ එකම අභියෝගයක් පමණි. එනම්, රාජපක්ෂ පවුලේ ආවේණික ගොබ්බකමය. බැසිල්ගේ එය අඩු ඇතැයි සිතමු. එහෙත්, රාජපක්ෂවාදී බලවේගයේ ගොන් ආතල්වලටත් යම් ඉඩක් දෙන්නට සිදුවේ. රටේ වෙන විකල්පයක් නැති නිසා එච්චර අවුලක් නැත. Continue Reading

Ranasinghe Premadasa

අජිත් පැරකුම් ජයසිංහ මාළිගාවිල බුදු පිළිමය කෙළින් කරන අති විශිෂ්ට ඉංජිනේරු කාර්යයේ ප්‍රධාන වගකීම දැරූ ඉංජිනේරු ගැමුණු සිල්වා මියගිය පුවත වාර්තා වී තිබුණා. මේ ලිපිය ඔහු පිළිබඳ නෙමෙයි. මාළිගාවිල පිළිමය කෙළින් කිරීම පිළිබඳ මීට කලකට ඉහත සිලෝන් ටුඩේ පුවත්පතට 2016 ජුලි මාසෙ කේ.එච්.ජේ. විජේදාස කළ ප්‍රකාශයක් ගැනයි (මේ සම්මුඛ සාකච්ඡාවContinue Reading

Jaffna farmers

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මහජනතාව තම බදු මුදලින් මේ රටේ ගොවි ජනතාවට නොමිලේ ජලය ලබාදී තිබේ. පොදු සම්පතක් වන ජලය ගොවීන්ට පරිහරණයට ලබාදී තිබෙන්නේ නිකම් නොවේ. වාරි සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් හා අඛණ්ඩව ඒවා නඩත්තු කරමිනි. මෑතක සිට වී ගොවීන්ට පොහොර ද නොමිලේ දෙන ලදී.Continue Reading

Ajith Perakum Jayasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න. Continue Reading

Chandrika Bandaranaike

පුරහල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයන් නිදහස් කරන්නැයි අප ඉල්ලාසිටින්නේ නැත. එහෙත්, දෙමළ ඊලාම් යුද්ධය සම්බන්ධ සිදුවීම්වලට වැරදිකරුවන් වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට පොදු සමාවක් ලබාදී, පුනරුත්ථාපනය කර, එම පරිච්ඡේදය අවසන් කළ යුතුය. Continue Reading