පොහොර සහනාධාරය නැතිව කෘෂිකර්මය බැරිද?

සහනාධාර දෙන්නට අවශ්‍ය නම් පොහොර වැනි යෙදවුම්වලින් නොදී ඵලදායිතා ඉලක්ක මත පදනම්ව නිසි ලෙස ඉලක්ක කර ලබාදිය හැකිය. කෘෂි සහනාධාර හා දිළිඳු සහනාධාර පටලාගත යුතු නැත. ගොවියා යනු දිළින්දෙකැයි සලකා කටයුතු නොකළ යුතුය. ගොවියාගේ ව්‍යවසායකත්වය නැංවිය යුතුය. දිළිඳු සහනාධාර වෙනම කළමනාකරණය කළ යුතුය.

News Detail

ඔබ කොයි තරම් රාජපක්ෂවාදියෙක්ද?මෙන්න මැනගන්න ක්‍රමයක්

තම තමන්ට අදාළ හා අදාළ නොවන ටික වෙන්කරගෙන බලන්න තමන් කොච්චර රාජපක්ෂවාදීද කියලා.

News Detail

දෑවුරුද්දක කෙරුවාව

ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ආකර්ශනීය කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට රජය සමත්වන බවක් දක්නට නොලැබේ. දිනෙන් දිනම රටෙහි අරාජිකත්වය වර්ධනය වෙමින් තිබේ. මේ වන විටත් මහජන විරෝධය රජයේ මර්දන හැකියාවට දරාගත හැකි සීමාවෙන් ඔබ්බට විහිදී තිබේ.

News Detail

අරගලයෙන් එහාට ගුරු වෘත්තිය

මේ ජයග්‍රහණයත් සමග ගුරුවරුන් ලෙස කොන්ද කෙළින් තබාගෙන වැඩකරන්නට ලැබුණු අවස්ථාව විනාශ කර නොගත යුතුයි. ගුරුවරුන් දෙවියන් වැනි පිරිසකැයි යන මිථ්‍යාව අත්හැරිය යුතුයි. සිසුන් ලවා අනවශ්‍ය අන්දමින් වන්දවාගනිමින් අනාගත පරම්පරාවේ කොන්ද බිඳදැමීමේ සිට පාසල්වල කරන දහසකුත් එකක් විකාර නවත්වා යහපත්, නිර්මාණශීලී අනාගත පරපුරක් ගොඩනැගීම වෙත අවධානය යොමුකරන්නට ගුරුවරුන්ට සමාජයෙන් ශක්තිය හා ධෛර්යය ලැබිය යුතුයි.

News Detail

අඥාන අසාර ‘එක රටක් – එක නීතියක්’

‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය කොහොමත් ක්‍රියාත්මක නොවන තත්වයක් වන්නේ ධනවත්කම හා බලවත්කමයි. උදාහරණයක් ලෙස, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක්වී සිටි දුමින්ද සිල්වාට ලැබෙන ජනාධිපති සමාව දිළිඳු සාමාන්‍ය පුරවැසියකුට කිසි කලෙක ලැබෙන්නේ නැත.

News Detail

යුද්දෙ දිනීම හා කාබනික පරිවර්තනය

රසායනික විරෝධයම කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ අදහසක්. ලෝක ජනගහනය වර්ධනය වුණේම රසායනික ද්‍රව්‍ය වන ඖෂධයි, කෘෂි රසායනික භාවිතා කරමින් කරපු ආහාර නිෂ්පාදනයයි නිසා. ජනගහනය වර්ධනය වෙන අතරෙ උපතේදී ආයු අපේක්ෂාවත් වර්ධනය වුණ බව අප අමතක නොකළ යුතුයි. නූතන මිනිසා හා සමාජය කියන්නෙ විද්‍යාවෙ ජයග්‍රහණයක්. සොබාදහමේ පසුබැසීමක්.

News Detail

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වැටෙයිද?

පරිපූර්ණ කාබනික ගොවිතැන ප්‍රායෝගික යථාර්ථයක් නොවේ. දැනටත් රජය පාලනයක් සහිතව කෘෂි රසායනික සඳහා අවසර ලබාදී තිබේ. කෙසේ වෙතත්, ඊනියා රසායනික විරෝධය කෘෂිකර්මාන්තයේ සිදුවන පරිවර්තනයට මනා ආවරණයක් සපයයි. එමගින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රමය මුළුමනින්ම විනාශ කර අලුතින් ප්‍රතිව්‍යූහගත කරනු ඇත. එය අත්‍යවශ්‍ය, විප්ලවීය පියවරකි. එහෙත්, එය අතිශය වේදනාකාරීය. වෙනස කොහොමත් අමාරු දෙයකි. ඇතැම්විට එය දැන් අප සිතන තරම් දුෂ්කර නොවන්නට ද පුළුවන. කෙසේ වෙතත්, අප වෙනසට විරුද්ධ විය යුත්තේ ඇයි?

News Detail

ගුරුවරුන්ට කළ හැකි දේ

අජිත් පැරකුම් ජයසිංහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමග නිර්මාණය වූ කොරෝනා පොකුරුවලින් හා ගුරුවරුන්ගේ දැවැන්ත අරගලයෙන් පසු පාසල් අද සිට හරියට ආරම්භ වේ. මුලින් ආරම්භ වන්නේ ප්‍රාථමික පන්ති පමණි.

News Detail

වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා.

News Detail

පොහොර අර්බුදය හා ක්‍රමයක අවසානය

රජය පොහොර තහනම් කිරීමට මුලින් පියවර ගත්තේ පොහොර සහනාධාරය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 60ක් පමණ වන වාර්ෂික වියදම අවම කරගැනීමටයි. ආනයනික පොහොර වෙනුවට දේශීය කාබනික පොහොර භාවිතය මගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිය. එහි තිබුණේ සරල ආර්ථික විද්‍යාවකි.

News Detail