Rs. 2000

මෑතකාලීනව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යළිත් වේගයෙන් අවප්‍රමාණ වීම (පිරිහීම) බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ මාතෘකාවකි. මැදපෙරදිග අර්බුද හෝ වෙනත් ගෝලීය තත්ත්වයන් මීට හේතුව ලෙස ඇතැමුන් සිතුව ද, ඇඩ්වොකාටා (Advocata) ආයතනයේ ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මීට ප්‍රධාන හේතුව දේශීය මූල්‍ය පද්ධතිය තුළ සිදුවන ක්‍රියාවලියක් බවයි.Continue Reading

රජය ගෙන ඒමට සූදානම් වන 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ශිරාල් ලක්තිලක සහ “දිනන දකුණ” සාමූහිකය පෙන්වා දෙන පරිදි, මෙමගින් මෙතෙක් පැවති සාධාරණ බදු පද්ධතිය වෙනුවට, පුරවැසියා අපරාධකරුවෙකු බවට පත්කරන අතිශය භයානක “දණ්ඩනීය යාන්ත්‍රණයක්” හඳුන්වා දීමට රජය උත්සාහ කරමින් සිටී.Continue Reading

central bank

දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය අමු අමුවේ ඝාතනය කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශය මේ වන විට සිය ඉතිහාසයේ අඳුරුතම මෙන්ම භයානකම අර්බුදයකට මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන තුළින් නිතිපතා අසන්නට ලැබෙන මහා පරිමාණ සංවිධානාත්මක මූල්‍ය අපරාධ මගින් රටේ සමස්ත නියාමන පද්ධතියේම නිරුවත හෙළිදරව් කර ඇත.Continue Reading

charcoal

මෑතකදී රජය විසින් සිදු කර ඇතැයි කියනු ලබන ගල් අඟුරු වංචාව පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දෙන ආකාරයට, මෙම වංචාවේ හරය රැඳී පවතින්නේ ටෙන්ඩර් ක්‍රියාවලියක් තුළ සිදුවන ‘Quality Arbitrage’ (ගුණාත්මකභාවය පිළිබඳ අත්තනෝමතික වාසි ලබාගැනීම) නැමැති ක්‍රියාවලිය මතය.Continue Reading

Mahinda-Namal-2010

ඊයේ (මැයි 13) කොළඹදී බයියෝ සංදර්ශනයක් පැවැත්වූහ. බයියන් වැටී සිටි මට්ටම අනුව එය සැලකිය යුතු සංවර්ධනයකි. එම සංදර්ශනය සඳහා මග සැලසුවේ රංගලාගේ මෝඩ දේශපාලනයයි.Continue Reading

electricity tariff hike

මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එක්තරා තොරතුරු රූපසටහනක් (infographic) නොමඟ යවන සුළු රාමුගත කිරීම් (misleading framing) පිළිබඳ පැහැදිලි උදාහරණයකි. එය සාවද්‍ය තොරතුරුවල සූක්ෂ්ම එහෙත් භයානක ස්වරූපයකි.Continue Reading

femdom

අර මිනිහා සතියකටත් වැඩිය ඇවිද්දේ පස්ස පැත්තෙන්. මට ඒ මිනිහා පස්සෙන් ඇදි ඇදී ආපු චිත්‍රය සදාකාලිකව මතකයි. දරුණු පහර දීමකට පස්සේ ශරීරය පුරා තියෙන වේදනාව නිසා නොදැනීම වගේ දත් අතරින් හුස්ම ගැනීම, නො නවතින කෙඳිරිය, අධික වෙව්ලීම, දහදිය උතුරා යාම, ඇස් නිලංකාර වීම, ක්ලාන්තය, සිහි මඳ ගතිය ආදිය ඇති වෙනවා.Continue Reading

මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබල වී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය. අපට වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයෙ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව ආදී කයිවාරු ගැසීම වැඩි වී තිබෙන්නේ ඇයි?Continue Reading

මේ ආණ්ඩුව වට්ටන්න දෙයක් නෑ. ඒක වැටෙන්න කලින් රට වැටෙන්න ඉඩ තියෙනවා. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ඇතිවෙන අභියෝග ගැන මොවුන්ට කිසිදු අදහසක් නෑ. යුද්ධය නිසා තීව්‍ර වන බලශක්ති, පොහොර සහ ඒ පිටුපසින් එන ආහාර අර්බුද නිසා අපට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා.Continue Reading

කතාව මේකයි. මේක ධනේශ්වර විප්ලවීය මොහොතක්. කළ යුතුව තියෙන්නෙ ධනේශ්වර ක්‍රමය තිරසර කිරීම සඳහා අවශ්‍ය විප්ලවීය පියවර ගනිමින් කල් ලබාගැනීම. එහෙම යනකොට විකල්ප හොයන්නට පුළුවන් තත්වයන් නිර්මාණය වෙයි. එහෙම නැතත්, ධනේශ්වර ක්‍රමය තිරසර කර ගත්තොත්, පරණ තිබුණු සුබසාධනවාදය හරි තිරසර විදියට තරමක් ශක්තිමත් කරන්නට පුළුවන්.Continue Reading