rainbow flag

මෙය ‘අධිකරණමය මිනීකෑම’ ලෙස පරිවර්තනය කළ හැකිය. එමගින් අධිකරණය තුළ ස්වයං-විනාශකාරී හැසිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරයි. එහි අර්ථය වන්නේ උසාවි විසින් තමන්ගේම පූර්වාදර්ශයන් සහ ස්ථාපිත නීතිමය මූලධර්ම වලපල්ලට යවන බවයි.Continue Reading

rainbow flag

“+” ධන ලකුණෙන් අදහස් කරන්නේ කුමක්ද?

LGBTIQ+ යන කෙටි යෙදුමේ “+” ලකුණ විසින් නියෝජනය කරන්නේ ඊට පෙර අකුරුවලින් දැක්වෙන කිසිදු වර්ගයකට හරියටම නොගැලපෙන පුද්ගලයන්ය.Continue Reading

revolution

විප්ලවය පිළිබඳ අදහස මුලින්ම පැනනැගෙන ඇරිස්ටෝටලියානු යුගයේදීයි. ඒ කාලයේ එයින් අදහස් වූයේ ආණ්ඩු ක්‍රමවල චක්‍රීය වෙනස්කම් පිළිබඳවයි. එහෙත්, නූතන යුගයට එන විට විප්ලවයෙන් අදහස් කරනු ලබන්නේ පෙර පැවති දේශපාලන පර්යායට අභියෝගයක් වන රැඩිකල් ලෙස වෙනස් වූ නව පිළිවෙලක් ස්ථාපිත කරනු ලැබීමයි. ඉතිහාසයේ මහා විප්ලවයන් ලෙස සැලකෙන ඉංග්‍රීසි, ප්‍රංශ සහ රුසියානු විප්ලවයන්වලදී ආණ්ඩු ක්‍රමය මෙන්ම එම සමාජවල ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය සහ සංස්කෘතික වටිනාකම් ද පරිවර්තනයට ලක්වුණා.Continue Reading

Ranil Modi

මෙතනදී ලංකාවට ඒ තරම් තෝරාගැනීම් නැහැ. හේතුව තමයි ලංකාව කර වටක් ගිලී ඉන්න ආර්ථික අර්බුදය. අනෙක් පැත්තෙන්, ලංකාව ඉන්දියාවට අති විශාල වශයෙන් ණයයි. ඒ වගේම හදිසි අවස්ථාවකදී අතමාරුවක් ඉල්ලා ගන්නට ලංකාවට ඉන්න ප්‍රධානම ධනවත් මිතුරා ඉන්දියාව. ඒ නිසා ලංකාවේ බලයට පත් වන කිසිදු පාලකයකුට ඉන්දියාවට එරෙහිව යාමට හෝ ඉන්දීය මූලෝපායන්ට එරෙහිව ස්වාධීනත්වය ගැන ලොකුවට දර්ශන දාන්නට පුළුවන්කමක් ප්‍රායෝගිකව නැහැ. Continue Reading

Mathaka Gini Pupuru

මේ දිනවල මං කලින් ලියූ කේපොයින්ට් නවකතාව නැවත සංස්කරණය කරමින් ඉන්නවා. ඉතිහාසයේ විවිධ මූලාශ්‍ර තිබිය යුතුයි. දෘෂ්ටිවාදී දේශපාලනය, ප්‍රචණ්ඩත්වය, මර්දනය, මානව හිමිකම්, වධහිංසනය, සමාජ සංවර්ධනය හා විප්ලවය ගැන සමාජ කතිකාව පෝෂණය කිරීම මෙවැනි දේ නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍යයි.Continue Reading

Champika Ranawaka

චම්පක කියන්නෙ සපු ගසට. චම්පික කියන්නෙත් මල් පිපිය යුතු සපු ගසක්. රනිල්ට වගේම කොයි ආකාරයෙන් හෝ අවස්ථාව ලැබිය යුතු කෙනෙක්. Continue Reading

Urumaya land deeds

පුරවැසියන්ට නොමිලේ ඉඩම් අයිතිය පිරිනමන දකුණු ආසියාවේ එකම ජාතිය ශ්‍රී ලංකාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (24) පැවති සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී පැවසුවා.Continue Reading

JVP-US

හොරු පැරදවීම ලෙස සන්නාමගත කරන ලද ප්‍රභූ විරෝධය අවසානයේදී යොමු වී තිබෙන්නේ පැරණි ප්‍රභූන් වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දේශපාලන නායකත්වයට පත් කරන වැඩසටහනකටය. ඔවුන් ස්වයං ප්‍රකාශිත අවංක, දූෂණයෙන් තොර, දක්ෂ, උගත්, කළ යුතු දේ දන්නා පිරිසකි. ඔබට තිබෙන්නේ ඔවුන් නායකත්වයට පත් කර ඔවුන් කරන හැටි බලා සිටීමයි. ප්‍රභූ විරෝධය අවසානයේදී නතර වී තිබෙන්නේ එතැනයි.Continue Reading

Diana Gamage

ගෝඨාභය රාජපක්ෂ හෝ කුමාර් ගුනරත්නම් සම්බන්ධයෙන් ලංකාව එහෙම කළේ නැහැ. ඩයනාට එහෙම කරමුද? කෙසේ වෙතත්, පුරවැසිභාවය සම්බන්ධයෙන් වංචනික ලෙස කටයුතු කළ මෙවැනි පුද්ගලයන් කිසි සේත්ම විශ්වාස නොකළ යුතු අය බවයි මගේ නම් අදහස. ඒ අයමත් ඒ බව නැවත ඔප්පු කර තිබෙනවා.Continue Reading

ceylon tea

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම්
– අජිත් පැරකුම්, Praja.lk

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති.

විදේශ රටක පුරවැසිභාවය ලබාගත්තාම ලංකාවේ පුරවැසි පනත අනුව මෙරට පුරවැසිභාවය ඉබේම අහිමි වෙනවා. නැවත ද්විත්ව පුරවැසිභාවයට අයදුම් කරලා නියමිත ගාස්තු ගෙවා එය ලබාගත යුතුයි. ඒත්, විදේශ පුරවැසිභාවය ලබාගත් රට එම ලාංකිකයා එරට පුරවැසිභාවය ලබාගත් බව මෙරටට නිල වශයෙන් දැනුම් දෙන ක්‍රමවේදයක් නොමැති නිසා ලංකාවට එය දැනගන්නට හැකියාවක් නැහැ.

ඒ නිසා බොහෝ අය ලංකාවේ පාස්පෝට් එක, හැඳුනුම්පත ආදිය පෙර පරිදිම භාවිතා කරමින් ලාංකික පුරවැසියන් ලෙස කටයුතු කරනවා. මෙවැනි අය වගකීම් සහිත පුරවැසියන් නෙමෙයි.

ඇමරිකානු පුරවැසියකු වී සිටි ගෝඨාභය රාජපක්ෂ අයියාගේ ලොකුකම නිසා ලංකාවේ පුරවැසිකම නොගත් බව පෙනෙන කෙනෙක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට ගිය වෙලාවේ ඔහුට අධිකරණයෙන් සහන ලැබුණා. ඒත්, ඔහු ලංකාවේ පුරවැසිකම ලබාගත් බවට සාක්කි නැහැ.

කුමාර් ගුනරත්නම් ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබාගත්තේ නොයෙල් මුදලිගේ යන නමින්. ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ආපු නොයෙල් මුදලිගේ ආපහු ගිහින් නැහැ. ඔහුට ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබෙනවා. පසුව කුමාර් ගුනරත්නම් යනුවෙන් ලංකාවේ සිටි පුද්ගලයා නැවත ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බව වාර්තා වුණා. ඒ නීතිමය ගැටලුවත් සම්පූර්ණයෙන් විසඳුණු එකක් නෙමෙයි. අමතක කර දැමූ එකක්. ඔහුටත් ලංකාව සහනයක් දීලා තියෙනවා.

ඩයනා ගමගේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයත් සංකීර්ණයි. ඇය ලාංකීය පුරවැසිකම ලබාගෙන නැති නම් දැන් ඉතින් කළ යුතු වන්නේ කුමක්ද? ඇය ලංකාවට පැමිණ මෙහි රැඳී සිටි බ්‍රිතාන්‍ය පුරවැසියකු නම්, දැන් කළ යුතුව තිබෙන්නේ ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ආපසු බ්‍රිතාන්‍යයට යැවීමයි. එවැනි බරපතල උල්ලංඝනයන් සිදු කළ අයට ලංකාව වීසා හෝ නිකුත් කළ යුතු නැහැ.

ගෝඨාභය රාජපක්ෂ හෝ කුමාර් ගුනරත්නම් සම්බන්ධයෙන් ලංකාව එහෙම කළේ නැහැ. ඩයනාට එහෙම කරමුද? කෙසේ වෙතත්, පුරවැසිභාවය සම්බන්ධයෙන් වංචනික ලෙස කටයුතු කළ මෙවැනි පුද්ගලයන් කිසි සේත්ම විශ්වාස නොකළ යුතු අය බවයි මගේ නම් අදහස. ඒ අයමත් ඒ බව නැවත ඔප්පු කර තිබෙනවා.

විදේශිකයකු විසින් ලංකාවේ දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරලා. අපේ ජාතික පෙරමුණ නම් එම පක්ෂය පසුව සමගි ජන බලවේගය ලෙස යළි නම් කරනවා. ඩයනාත් ඇගේ සැමියාත් අපේ ජාතික පෙරමුණේ තනතුරුවලින් ඉල්ලා අස් වූ බව කියනවා. දේශපාලන පක්ෂ කියන්නෙ ලංකාවේ ද්විතීය වෙළඳපොළේ අලෙවි වන සමාගම් වැනි ජාතියක්. ඩයනා කළ ‘පරිත්‍යාගය’ වෙනුවෙන් ඇයට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලැබෙනවා.

වර්තමාන විපක්ෂ නායකවරයා නියෝජනය කරන්නෙ ඒ පක්ෂය. ඩයනා පාර්ලිමේන්තු ආවෙත් ඒ පක්ෂෙ ජාතික ලැයිස්තුවෙන්. මේ පක්ෂයේ නීතිමය තත්වය කවුරු හෝ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන්නට ඉඩ තියෙනවා. ඒක විසඳන්නට කාලයක් යයි.Continue Reading