Udayanga Weerathunga

සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කරන්නට දරන උත්සාහයන් තුළ මේ සියලු පාර්ශ්වකරුවන්ට අවස්ථා හිමි විය යුතුය. කොවිඩ්-19 ආපදාව සංචාරක කර්මාන්තය තුළ මහා සමාගම් ආධිපත්‍යය තහවුරු කරගන්නා ආපදා ධනවාදයක් නොවිය යුතුය. Continue Reading

Imported waste of Sri Lanka

කෙසේ වෙතත්, ප්‍රතිචක්‍රීයකරණය යනු ගෞරවනීය ව්‍යාපාරයක් වන අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර ව්‍යාපාරවල ශ්‍රී ලාංකික සමාගම් නීත්‍යානුකූලව යෙදීම වැරදි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබෙන සීමිත ආර්ථික අවස්ථා අතරින් එකකි. රජය එවැනි කටයුතු දිරිගැන්වීම ආර්ථිකය සම්බන්ධයෙන් නරක දෙයක් නොවේ. එහෙත්, එහිදී ජාත්‍යන්තර සම්මුති හා දේශීය නීති රීති අනුව කටයුතු කළ යුතුය. මෙහි ගැටලුව තිබෙන්නේ ඒවා අනුගමනය නොකිරීමයි. මෙම කසළ තොගයෙන් පවා යකඩ හා ස්පොන්ජ් වෙන් කරගෙන ප්‍රති අපනයනය කර තිබේ. එහෙත්, මෙවැනි ව්‍යාපාර සිදුකළ යුත්තේ මනා නියාමනයක් සහිත පසුබිමක ය. ශ්‍රී ලංකාවේ රජයට හා එහි නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මනා නියාමනයක් සිදුකිරීමේ ධාරිතා නැති බව මෙම නඩුවෙන් ද පෙනේ. Continue Reading

cancellation of extraordinary gazette of the government on encroached lands

අංක 2192/36 දරණ 2020 සැප්තැම්බර් 10 දාතම සඳහන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අති විශේෂ ගැසට් නිවේදනයෙන් බලාපොරොත්තු වූයේ රජයේ ඉඩම් පැහැරගත් මංකොල්ලකරුවන්ට මංකොල්ලකෑ ඉඩම් අයිතිකරගැනීමට අවස්ථාව ලබාදීමටයි. කෙසේ වෙතත්, තවත් ගැසට් නිවේදනයක් මගින් ඉහත දක්වන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීමට දැන් රජය ක්‍රියා කර තිබේ. අංක 2194/28 හා 2020 සැප්තැම්බර් 22 දිනය දරණ එම ගැසට් නිවේදනය පහත දැක්වේ. Continue Reading

Meeting with Sri lanka President

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වැඩ නොකිරීම යයි පසුගියදා ජනාධිපතිවරයා රැස්වීමකදී පැවසීය. වැඩ කරන්නට බැරිවෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ වැඩකට නැති රැස්වීම් බව හා බොහෝදෙනෙකුට වැඩ යනු ද රැස්වීම් බව සඳහන් කරමින් අප විසින් පළ කරන ලද ෆේස්බුක් පෝස්ටුවක් සම්බන්ධයෙන් ගැඹුරු සංවාදයක් ඇතිContinue Reading

CEB

අද දින දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ කමිටුවක් හරහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරාට නියෝග කර තිබේ. දිවයින පුරා විදුලිය බිඳවැටීම, අලුත්ඇමතිවරයකු අමාත්‍යාංශයට පත් වීමත් සමග ම සිදුවීම සැකයට භාජනය වන කරුණකි. එයට හේතුව පැහැදිලි ය. ලංකා විදුලිබලContinue Reading

Skills Development

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2021-2030 දශකය නිපුණතා සංවර්ධන දශකය ලෙස නම් කිරීම ඉතා වැදගත් සංවර්ධන මූලෝපායකි. ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන වාගාලංකාර බහුල නිවේදනය අනුව මේ පසුපස භාෂාවෙන් ශිල්ප දක්වන වෘත්තීයවේදීන්ගේ ව්‍යාපෘතියක් තිබෙන බව පෙනෙන මුත්, ඇත්තට ම ක්‍රියාත්මක කරනවා නම් එය ඉතා අගනා දේශපාලන වැඩකි. ශ්‍රීContinue Reading

China debt trap

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආණ්ඩුව අලුත් වටයකින් චීන ණය උගුලට හසු වන ආකාරය දක්නට ලැබෙන බව අපි වාර්තා කරන්නෙමු. එසේ සිදු වන්නේ, ඉන්දියාව හා චීනය අතර දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය සම්බන්ධයෙන් තිබෙන ගැටුම සියුම් ලෙස භාවිතා කරමින් ශ්‍රී ලංකාව අලෙවි කරගැනීමට මෙරට පාලකයන් දරන මුග්ධ උත්සාහය බව අපේContinue Reading

Mount Lavinia beach

අජිත් පැරකුම් ජයසිංහ මුහුදින් පොම්ප කර ගල්කිස්ස වෙරළේ වැලි පිරවීම හා එම වැලි සේදී යාම සමග ශ්‍රී ලංකාවේ සමාජයේ හා මාධ්‍යවල ඇති වූ කතාබහ ගැන විමසා බැලීම ඉතා වැදගත් ය. රු. මිලියන 890ක වියදමින් ඩෙන්මාර්ක සමාගමක් විසින් කරන ලද කොන්ත්‍රාත්තුවක් වූ මෙමගින් කළුතර කැලිඩෝ වෙරළේ, රත්මලානේ හා ගල්කිස්සේ වැලි පුරවනContinue Reading

cartoon by Ajith

අජිත් පැරකුම් ජයසිංහ දැන් රජය නැවත ආර්ථිකය පුනර්ජීවනය කරන්නට පියවර ගනිමින් සිටින බව කියයි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි අගමැතිවරයාටත් ඉහළින් බැසිල්තුමා පත් කර තිබේ. බැසිල්ගේ නමත් බැසිල් ය. තනතුරත් බැසිල් ය. කෙසේ වෙතත්, මේ පුනර්ජීවනය ගැන කතා කරන විට මේ ප්‍රශ්නයත් අසන්නට සිදු වේ. ලංකාවේ ආර්ථිකය අමුතුවෙන් හදන්නට සිදු වුණේContinue Reading

We need to work - Sri Lankan people

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට සාධක ලැබෙමින් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. කෙසේ වෙතත්, ආසාදිතයන් හඳුනාගැනීම වැඩි වීමට හේතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීම විය හැකි ය. සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් විශ්වාසContinue Reading