10 yeras for 10 coconuts

දුප්පත් මිනිසුන්ට අධිකරණය අසාධාරණ දඬුවම් පමුණුවන බව පවසමින් ජනතාව අතර අධිකරණය කෙරෙහි ද්වේෂයක් ඇතිකිරීමේ අරමුණින් හා අරාජිකත්වය පැතිරවීමේ අරමුණින් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා මේ රූපයේ තිබෙන ප්‍රවෘත්තිය ගැන මෙහෙම කිව්වා.Continue Reading

Mahara prison

සිරකරුවන් කිසිවෙකුත් වෙඩිතැබීම්වලින් මියගොස් නැති බව අලුතෙන් පත් වූ බන්ධනාගාර භාර ඇමති ලොහාන් රත්වත්ත පාර්ලිමේන්තුවේ පැවසුවා. ඒත්, දැන් ඇත්ත හෙළිදරව් වෙලා. මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට ඊයේ (26) නියම කළා.Continue Reading

criminal defamation

ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා. අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා කළා. එහිදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. කොරියානු ජාතිකයාගේ ඉදිරිපත් කිරීමේ තිබුණු කොටසක් අල්ලාගෙන තමයි ඩේලි මිරර් ප්‍රවෘත්තියක් ප්‍රබන්ධ කළේ. අනුප ප්‍රමාද වූ නිසා කොරියානුවා ඔහුට දෙහි කැපුවා කියන එකයි කියවුණේ. ඒත්, එය කතාවේ තිබුණු උදාහරණයක් පමණයි.Continue Reading

Kandakadu Rehabilitation Centre

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්දේ කන්දකාඩුහි පිහිටි, යුද හමුදාව විසින් පාලනය කරනු ලබන මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කඳවුරේ ගැටුමකින් එක් සිරකරුවකු මියගොස් තිබේ. තවත් පිරිසක් පළාගිය බවක් ද කියැවේ. මේ සමගම අවධානය යොමු විය යුතු දීර්ඝකාලීන ගැටලුවක් කෙරෙහි අවධානය යොමුකිරීම අපගේ අරමුණයි. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා හමුදාව සහ තවත් අංශ අවිධිමත් ලෙස යෙදවීම කෙතරම් නිවැරදිද යන්නයි. Continue Reading

blood in hand

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතහි තිබෙන අඩුපාඩු මගහැරීමට යෝජිත සංශෝධන අසමත් බව සිවිල් සංවිධාන පෙන්වා දෙති. ඒ වෙනුවට යෝජනා කරනු ලබන්නේ දැනටත් පවතින, එහෙත්, බොහෝවිට උල්ලංඝනය වන බව පෙනෙන වෙනස්කම්ය. එසේ නැතහොත්, පවත්නා තත්වය ප්‍රමාණවත් අන්දමින් හෝ අර්ථවත් ලෙස හෝ වෙනස් කිරීමට ඉවහල් නොවන නොගැඹුරු වෙනස්කම්ය. ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාද දරන්නන් ප්‍රතිරැඩිකල්කරණය සඳහා වන රෙගුලාසි නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් පිළිබඳ ගැටලු මතුවේ.Continue Reading

Priyantha Kumara and family

මොබ්වලට සිංහලෙන් අයුතු ජනරාශි යයි ද කියැවේ. මොබ් එකක් යනු ආවේගශීලී මිනිස් සමූහයකි. එය තුළ තිබෙන්නේ තනි තනි මිනිස් හැඟීම් නොවේ. තනි තනි හැඟීම්වල එකතුවක් ද නොවේ. එය තනි තනි හැඟීම්වල එකතුවට වඩා වැඩි දෙයකි. මොබ් එකක් තුළදී මිනිසුන් හැසිරෙන්නේ තම තර්ක බුද්ධිය අනුව නොවේ. ඒ වෙනුවට ඔවුන් හැසිරෙන්නේ යම් මෝහනයකින් මෙනි. Continue Reading

Imaad Shah Zuberi

අජිත් නිවාඩ් කබ්රාල් විසින් පාලනය කරන ලද ශ්‍රී ලංකා මහබැංකුව හරහා සුබේරිට ලබාදුන් මෙම දැවැන්ත මුදල් කන්දරාව වනාහි මැදපෙරදිග ශ්‍රමිකයන් වැනි දුක් විඳින ජනයා විසින් මේ රටට දුකසේ උපයා දුන් මුදල්ය. අජිත් නිවාඩ් කබ්රාල් හා මහින්ද රාජපක්ෂ ඇමරිකානු පල්හොරෙකුට ලබාදුන් ඒ මුදල් ගැන පසුගිය යහපාලන රජය හෝ විමර්ශනයක් සිදුකළේ නැත. Continue Reading

Vimal-Rohitha-Mahindananda

උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී තවත් කෑකෝගැසීම් අතරතුර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුණේය. Continue Reading

Destroyed flower

වරද පිළිගෙන, තමන් එම ගැහැණු ළමයා සමග සංසර්ගයේ නොයෙදුණු බව ඔප්පු කර නීතියෙන් ගැලවීමට මෙම ප්‍රභූන් දරන උත්සාහය දෙස බැලූ විට ලිංගික පාරිභෝජනවාදයේ සීමා නොදැන සිටීම හේතුවෙන් පුද්ගලයන් කෙතරම් දුෂ්කර තත්වයන්ට පත්වෙනවාද යන්න තේරුම්ගත හැකිය. සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. එය ශාරීරික, මානසික අවශ්‍යතාවකි. එහෙත්, ඒ හා සම්බන්ධ නීති තිබෙන බව ද, නීති උල්ලංඝනය කළහොත් තමන් වැරදිකරුවකු වන බව ද අවබෝධ කරගත යුතුය. Continue Reading

Crow

මැලේසියාවේ සිටින රාජන් නමැති එල්ටීටීඊ ක්‍රියාකරුවක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද, ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන ග්‍රෙගරි පාරේ හා කිරුළපන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද 2010 ආසන්න වකවානුවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. Continue Reading