Crime

බැඳුම්කර වංචාව හා සීනි වංචාව

මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය. එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.

1 Minute
Life

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.

1 Minute
Crime

සහරාන්ලා ඊබ්‍රාහීම්ලා බෝම්බ සොයාගෙන හදාගෙන ගසාගෙන මරාගෙන මැරීම

වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ගම් මට්ටමේ බයියාවරුන් දක්වා සියලුදෙනා පසුගිය කාලයේ කී පරිදි මේ පිටුපස මහමොළ තිබේ. එසේ පුන පුනා කියූ වාර ගණන අනුව දැන් එය අපගේ සිත්වල ඇත්තක් ලෙස ස්ථාපිත වී හමාරය. එවැනි මහමොළ මේ පසුපස නැති බව දැන් අපට පිළිගත නොහැකිය. මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය.

1 Minute
Life

වේල්ලවීදියේ මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක් ආ කතාව බොරුවක්

නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි

0 Minute
Crime

උසාවියේදී නීතීඥයකුගේ හිසට කෙළ පඩික්කමක්

චෝදනාවක් ඔප්පු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. චෝදනා එල්ල කරන පොලිසිය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු. අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී විත්තිකරුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත.

0 Minute
Politics

පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?

එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ.

1 Minute
Democracy

ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ ‘බල්ලෙක් වගේ හතරගාතේ දාලා’ ගියේ සන්නද්ධ ප්‍රභාකරන් පමණක් නොවේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් වැනි තවත් බොහෝ නිරායුධ අයට ද එම ඉරණම ලබාදෙන ලදී. ජනාධිපතිවරයා කළ යුත්තේ ඒ ජාතියෙන් කරන එක නොවේ. මේ වෙලාවේ ඉතා අවාසනාවන්ත තත්වයකට පත්වී තිබෙන රට වෙනුවෙන් කරන්නට පුළුවන් දේ කරන්නට පුළුවන් හැම දෙනා ඒකරාශී කරගන්නා එකය. ඒ වෙනුවෙන් අපි ද පුළුවන් දෙයක් කරන්නෙමු.

1 Minute
Politics

සංචාරක කර්මාන්තයේ හිඟන්නාගේ පාත්තරයට වැහුණ රාජපක්ෂ පවුල

මේ හැම දෙයකින්ම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තම සැබෑ වර්ණ ප්‍රදර්ශනය කරමින් සිටින බව කියන්නට පුළුවන්. පැරණි වෘත්තිකමය නොවන චර්යාවන්, ගජමිතුරු ව්‍යාපාර හා දූෂණ නැවත පණගැන්වෙමින් තිබෙන්නේ මහජනතාව දැඩි දුෂ්කර තත්වයන් තුළ ජීවිත පවත්වාගැනීමට අරගල කරන සමයක වීම ඉතාම කණගාටුදායක තත්වයක්.

1 Minute