COVID-19-vaccine

මිනිස් ඉතිහාසය කියන්නේම වසංගත සමග සටන් කළ ඉතිහාසයක්. ඇසට නොපෙනෙන මේ සතුරාට එරෙහිව මේ තරම් සියුම් විදියට සටන් කරන්නට අපට හැකි වුණේ මිනිස් බුද්ධියේ තිබෙන විශිෂ්ටත්වය හා විද්‍යාව නිසායි. එහෙම බුද්ධියක් ඇයි අපි අවභාවිතා කරන්නෙ? මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි.Continue Reading

East Terminal of Colombo Port

වර්තමානයේ ලෝකය තුළ පවතින්නේ ගෝලීය ආර්ථික මූලෝපාය හා ජාතිකවාදය අතර ගැටුමක් ඔස්සේ ඉදිරියට යන ගමනකි. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන්නේ ඒ අනුව කටයුතු කිරීමටයි. එම ආර්ථික මූලෝපායෙහි රාමුව තුළ ජාතික දේපල, රටේ සම්පත් වැනි සංකල්පවල අර්ථය නැවත විග්‍රහ කරගත යුතුය. ජාතික සම්පත් විකුණනවා වැනි සටන් පාඨ එම කාර්ය රාමුව තුළ ඒ අර්ථයෙන් පවතින්නේ නැත. Continue Reading

Pavithra drinking COVID syrup

මේ මිථ්‍යාවන් හරහා අවදානම වැඩිවෙන්නෙ දිළින්දන්ටම තමයි. ෂෝ එකට ධම්මික පැණිය බීපු පවිත්‍රාට, පියල් නිශාන්තට හා ඒවා ප්‍රවර්ධනය කරපු දයාසිරි ජයසේකරට හා වාසුදේවට කොවිඩ් හැදුණාය කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ඔවුන්ට උපරිම සෞඛ්‍ය සත්කාර ලබාගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍ය කොවිඩ් රෝගීන්ට නොමැති විශේෂ සත්කාර ඔවුන්ට ලැබෙනවා. ඒ වුණාට ඔවුන් විසින් ප්‍රවර්ධනය කරන මිථ්‍යාවට අහු වී පෝලිම්වල ගොස් අවදානම් සහගත ලෙස පැණි අරන් ආ, ඒ ගැන විශ්වාසය තැබූ දිළිඳු ජනයාට පවිත්‍රලාට ලැබෙන අන්දමින් සෞඛ්‍ය සත්කාර ලැබෙන්නෙ නැහැ. ඔවුන් අතරින් කොටසක් මැරෙනවා. මෙතන තියෙන අසාධාරණේ ඒකයි. Continue Reading

anthropocene

ඇන්ත්‍රොපසීන අවධිය කියන්නේ කුමක්ද? එය නව මානව අවධිය ලෙස සරල ලෙස පරිවර්තනය කළ හැකියි. එය භූගර්භ විද්‍යාත්මක කාල වකවානු සමග සම්බන්ධ සංකල්පයක්. පෘථිවියේ පර්වත ස්ථරවල ෆොසිල තැන්පත් වන ආකාරය අධ්‍යයනය කර පෘථිවියේ භූගර්භ විද්‍යාත්මක යුග හා අවධි ආදිය නම්කිරීමේ බලය සහිත සංවිධානය වන්නේ ජාත්‍යන්තර භූගර්භ විද්‍යා සංගමයයි (IUGS). එම සංවිධානයේ නාමකරණය අනුව නම් පෘථිවිය වර්තමානයේදී ගතකරමින් සිටින්නේ හොලෝසීන අවධියයි. එය අවුරුදු 11,700ක පමණ කාලපරිච්ඡේදයක්. අවසන් අයිස් යුගයේ සිට නූතන අවධිය දක්වා විහිදෙන එම අවධියේ අවසන් කාලයේදී මානවයන් විසින් පෘථිවි භූගර්භය තුළ ස්ථාවර වෙනස්කම් සිදුකර තිබෙන නිසා අලුත් අවධියක් ඇරඹෙන බවට අදහසක් ඉදිරිපත් වුණා. නව මානවයන්ගේ අවධිය හෙවත් ඇන්ත්‍රොපසීන අවධිය ලෙස හඳුන්වනු ලබන්නේ එම අවධියයි. එය සම්පූර්ණයෙන්ම අලුත් භූවිද්‍යාත්මක අවධියක් බවට තර්ක කරනවා. Continue Reading

Shukra Munawwar

මෙවැනි දක්ෂ දරුවන් සෑම සමාජයකම ඉන්නවා. ඒත් ශුක්‍රා මුනවර් අප විස්මයට පත්කළේ ඇයි? එය අපේ ගැටලුවක්. එම ගැටලුව ඇසුරෙන් මා ඔබට ඉදිරිපත් කරන්නේ ඒකාකෘති සංකල්පයයි. එයට ඉංග්‍රීසියෙන් කියන්නේ stereotype කියායි. ඒකාකෘති කියන්නේ මිනිස් කණ්ඩායම්වලට හෝ පුද්ගලයන්ට ඔවුන් අයත් වන ජනවර්ගය, ආගම, ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සමාජය විසින් පවරා දෙනු ලබන ලක්ෂණයි. විවිධ මිනිස් කණ්ඩායම්වලට සම්බන්ධ ඒකාකෘති තිබෙනවා. Continue Reading

public service

නායකත්වයක් නැහැ. මගපෙන්වීමක් නැහැ. ඇගයීමක් නැහැ. සමස්තයක් ලෙසම රජයේ සේවය තුළ පාරිභෝගිකයා වන මහජනයාට සේවා සැපයීම පිළිබඳ යහපත් ආකල්ප නැහැ. පුළුවන් නම්, ආපු වැඩේ කරගෙන පෙන්නපන් කියන එක තමයි ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. රජයට බදු ගෙවනකොට වුණත් එහෙමයි. Continue Reading

Thieves

වර්තමාන ආණ්ඩුවත්, මේ වරාය වෘත්තීය සමිතිත් අතර මහා ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ යයි සිතන්නේ නම් එය ද මුළාවකක් විය හැකිය. පසුගිය මහ මැතිවරණය අභිමුව වරාය වෘත්තීය සමිති විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය අරගලය අවසන් වූ හැටි නැවත සිහිපත් කරන්න. එදා අරලියගහ මන්දිරයට ගොස් පැමිණි වෘත්තීය සමිති නායකයන් කතාකළේ ගැහිගැහීය. ලිඛිත පොරොන්දු කිසිවක් නොමැතිව සටන අවසන් විය. දැන් වෘත්තීය සමිති නායකයන් අතර එහෙම බයක් නැත්තේ ඇයි? වරාය විකිණීමට එරෙහි සටන ද ආණ්ඩුව විසින්ම මෙහෙයවනවා වෙන්නට පුළුවන. ඉන්දියාවට නොදී රැකගන්නා දේ පසුව චීනයට දෙන්නට පුළුවන. Continue Reading

jetty in colombo port

ලංකාවේ සියලු ආණ්ඩු සිය ආර්ථික ප්‍රතිපත්ති විවෘතව කතාකරන්නේ නැත. මැතිවරණවලට එක ජාතියක පොරොන්දු දී බලයට පැමිණි පසු කරන්නේ වෙන දෙයකි. සියලු නායකයන් පෙනීසිටින්නේ රට වේගයෙන් සංවර්ධනය කළහැකි මැජික් පොල්ලක් අතැති විජ්ජාකාරයන් ලෙසයි. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිර්මාණය කරන්නේ සිංගප්පූරුව වැනි රටක් පිළිබඳ සිහිනයකි. මෙය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සැබෑ කරගත නොහැකි සිහිනයකි. මේ විජ්ජාකාරයන් ගෙදර යනවිට ඔවුන් වටා සිටි ගජමිතුරු බලවේග නම්, විජ්ජා බලයෙන් මෙන් ධනවතුන් වී සිටිනු දක්නට ලැබේ.Continue Reading

Ranjan Ramanayaka

රන්ජන් රැකගැනීම සඳහා අප සටන් කළ යුතුය. අද මෙන්ම හෙට ද ඔහු තනි නොකළ යුතුය. ඔහු නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාට බලපෑම් කළ යුුතුය. ඔහු විසින් නියෝජනය කරන ලද අරගලවල සංකේතයක් ලෙස ඔහු ප්‍රවර්ධනය කළ යුතුය. රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි. Continue Reading

Vasudewa Nanayakkara

ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි. Continue Reading