Vimal-Rohitha-Mahindananda

ඇත්තම කිව්වොත්, ජාතික ප්‍රශ්නය හෝ ජාතීන්ගේ ප්‍රශ්නය කියන එක දැන් විසඳුවොත් සිදුවන්නේ මළ කෙළියකි. ජාතික ප්‍රශ්නයට විසඳුම් නොදීම මත පදනම් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වටා නිර්මාණය වූ විශාල වෘත්තික, රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපෘති බිස්නස් ජාලයක් එයින් බිඳවැටේ. කොටින්ම ඔය ගැන යාතිකා කියන්නට, පොල් ගහන්නට අවුරුදු පතා ජිනීවා යන වන්දනා ගමනට මොකක් වේද? එපමණක් නොව, දෙමළ ඩයස්පෝරාවේ අරමුදල් සම්පාදනයේ සිට දේශපාලන රැකවරණ දක්වා තවත් ව්‍යාපාර රැසක් මෙමගින් අර්බුදයට පත්වේ. එසේම, තමිල්නාඩුවේ, කැනඩාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ ඡන්දවලදී කතා පවත්වන්නට ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් නැති වේ. එසේම කොටි ආපහු නැගිටින්නට ඉඩ තියෙන අවදානම නැති වී යුද්ධයක සේයාව නැතුව ලංකාවට මාර පාළුවක් දැනෙනු ඇත. හාමුදුරුවන්ට රට ජාතිය ආගම නැතුව බණ කියන්නට සිදුවී අන්තිමට බණ බුදුන් වදාළ ධර්මයට සීමා වී බෝරිං ද වනු ඇත. Continue Reading

Galleface protest

ශ්‍රී ලංකා රාජ්‍යය නිර්මාණය එළිපිටම සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුක්ත වූ අතර, එහි යටිතලයේ ආගමික ආධිපත්‍යයක් මෙන්ම, කුල ආධිපත්‍යයක් ද දක්නට ලැබේ. බෞද්ධ ආගමික ආධිපත්‍යය 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලදි. කුලය පිළිබඳ සාධකය අහෝසි නොවී පවතී. එහෙත්, විවෘතව සාකච්ඡා කරන්නේ නැත. එසේම, දේශපාලන ආධිපත්‍යය පැහැදිලිවම පිරිමි මූලිකය. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 10%ක මට්ටමටවත් ළඟාකරගැනීම දුෂ්කර වී තිබේ. Continue Reading

facebook hack

මේ ස්ක්‍රීන් ෂොට් එකේ තියෙන්නෙ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට කරපු දේ. ඒක හැක් කරලා, ප්‍රොෆයිල් ඉමේජ් එක වෙනස් කරලා, වහාම රිපෝට් කළා. බෑන් කරන්නට ඉතා කෙටි කාලයයි ගතවෙන්නෙ. ඒ අතරවාරයේ මිතුරෙකු ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මේ. මේක තමයි මේ මොහොතේ තියෙන ප්‍රචණ්ඩත්වයේ තත්වය. ඒක හෙට වෙනකොට ශාරීරික ප්‍රචණ්ඩත්වයක් දක්වා වෙනස් වෙන්න පුළුවන්.Continue Reading

Election Violence in Sri Lanka

අනිත් පැත්තෙන් මචං,
පුංචි ඡන්දෙ දියල්ලා, ඒකෙන් ජන මතේ පෙන්නනවා. ඊළඟට පාරට බහිනවා. මහ ඡන්දේ බලෙන් තියෝනවා. ( 2023 ට ඡන්ද දෙකක සංග්‍රහයක් හිඟා කන රටට ) අපි දිනනවා. කියන අයගේ මොරාල් බහිනවා.
සජබ ජවිපෙ දෙකේ දැන් පුංචි එක, ඊළඟට ලොකු එක, කියන ලොකු සීන් එකේ හිටියේ. ඒක ඉවර වෙනවා.Continue Reading

burnt buses

2022 මැයි 09 වනදා අරලියගහ මන්දිරයට සෙනග ප්‍රවාහනය කර ආපසු යන අවස්ථාවේ බස් රථවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් බස්රථ 50ක් පමණ විනාශ වූ බව ද, එයින් 38ක් මුළුමනින්ම විනාශ කරදමන ලද බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දුන්නේය.Continue Reading

over-45-graduates

රාජ්‍ය සේවයේ පුරප්පාඩු අභ්‍යන්තර බඳවාගැනීම් ඔස්සේ පිරවීම ඉතාම හොඳ දෙයක්. උපාධිධාරීන් අතර සිටින අති දක්ෂයන් ඍජුව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා බඳවාගැනීම සඳහා පවත්වන පරිපාලන සේවා විභාග, අධ්‍යාපන පරිපාලන විභාග, පොලිස් හා බන්ධනාගාර සහකාර අධිකාරීන් බඳවාගැනීමේ විභාග ආදිය හරහා ඇත්තටම එම සේවාවන්ට එන්නේ දක්ෂයන්ද නැතිනම් කුමන හෝ අන්දමකින් මෙම තරග විභාග සමත් වන අහඹු පිරිසක්ද යන්න ද නැවත කල්පනා කළ යුතුයි.Continue Reading

Nimal Punchihewa

මෙම පනත අනුව මැතිවරණයට නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාවට තීරණයකළ හැකිය. ඒ අනුව, මෙම මෙම පළාත් පාලන මැතිවරණයේදී එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රු. 20ක් බව ගැසට් මගින් ප්‍රසිද්ධ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා පවසයි. Continue Reading

spinning tops

මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම ආණ්ඩුවට කිසි සේත්ම වාසිදායක නොවන බව ඉතා පැහැදිලිය. ආණ්ඩුව සිදුකරමින් සිටින විප්ලවීය ධනේශ්වර ප්‍රතිසංස්කරණ හමුවේ මධ්‍යම පන්තිය දැඩි පීඩාවකට පත්වී සිටිති. මධ්‍යම පන්තිය නියෝජනය කරන ජාතික ජනතා බලවේගය වැනි බලවේගවලට මෙය අතිශය වාසිදායක තත්වයකි. මධ්‍යම පන්තික බලවේගය මුල්වී 2019දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමෙන් අනතුරුව ඔවුන්ට ලැබුණු බදු සහන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ආපසු හරවමින් තිබේ. Continue Reading

Anura Kumara Disanayaka

ක්‍රමය වෙනස් කරනවාය කියන්නෙ බලය හිමි පැළැන්තිය වෙනස් කිරීම නෙමෙයි. ජවිපෙ යෝජනා කරන්නෙ ප්‍රධාන ධාරාවෙ ප්‍රභූන් අතින් මධ්‍යම පන්තික ප්‍රභූන් වෙත බලය හුවමාරු කිරීම.Continue Reading