IMF

ලංකාවේ පාලකයන්ගේ උත්සාහයන් අපි අගය කරනවා

– ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැයි 11 සිට 23 දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ කළ කාර්ය මණ්ඩල අධ්‍යයනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනය

ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කළ යුතු දේ:

📌ප්‍රතිසංස්කරණ සඳහා උදාවී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම
📌ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් බැඳීම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කරන බව සහතික කිරීම
📌මහ බැංකු ස්වාධීනත්වය සහතික කිරීම
📌රාජ්‍ය පාලනය වැඩිදියුණු කිරීම
📌අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම
ආදිය

“මෙම සංචාරයේදී අපි මෑතකාලීන සාර්ව ආර්ථික සහ මූල්‍ය අංශයේ වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළෙමු. ශක්තිමත් ප්‍රතිපත්ති ප්‍රයත්නයන්ගෙන් පසුව, උද්ධමනය මධ්‍යස්ථ වීම, විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ මහ බැංකුව සංචිත ප්‍රතිස්ථාපනය කිරීම සමඟ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය තවදුරටත් අභියෝගාත්මකය.

“අරමුදල් අනුග්‍රහය සහිත වැඩසටහන යටතේ ප්‍රධාන වගකීම් ඉටුකිරීම සඳහා බලධාරීන්ගේ අඛණ්ඩ උත්සාහයන් අපි අගය කරන්නෙමු. 2023 සැප්තැම්බරයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානයේ පළමු සමාලෝචනයේ සන්දර්භය තුළ වැඩසටහන යටතේ කාර්ය සාධනය විධිමත් ලෙස තක්සේරු කරනු ලැබේ. සාර්ථක ආදායම් එක්රැස් කිරීම සහතික කිරීම සඳහා තීරණාත්මක වන අතිරේක රාජ්‍ය මූල්‍ය ප්‍රයත්නයන් පිළිබඳව මෙම දූත චාරිකාව අතරතුර සාකච්ඡා කරන ලදී. විදේශීය සහ දේශීය ණය හිමියන් සමඟ සිදුවෙමින් පවතින සාකච්ඡා සැලකිල්ලට ගනිමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද අපි සාකච්ඡා කළෙමු. පළමු සමාලෝචනය වන විට වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණයහිමියන් සමඟ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත ගිවිසුම් සාක්ෂාත් කර ගැනීම ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.”