ආයෙමත් හදමුද බිල්ඩිං?
ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික කළමනාකරුවන් ගොඩඒම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව නොරහසකි. මෙවැනි සිල්ලර අභියෝග කරන්නන්ට පුවත්පත්වල ඉඩ වෙන්වන්නේ එවැනි පසුබිමකය.Continue Reading
ජවිපෙ කලබල වුණොත් කොරොස් කටෙත් අත දාගන්න බැරිවෙයි
ජවිපෙට තමයි දැන් ලොකුම කලබල ගතිය තියෙන්නෙ. ඒකට හේතුව මෙහෙමයි. ඔවුන් දන්නවා කලකිරීම හා වෛරය මත නිර්මාණය වුණ රැල්ල පවතින්නෙ ඉතාම කෙටි කාලයක් පමණක් බව. ඒ නිසා ඇත්තෙන්ම ඔවුන් බැලුවෙ තැටිය රත්වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න. රාජ්‍ය බලය අරගෙන කරන්නෙ මොකක්ද කියල අදහසක් ඔවුන්ට නැහැ. දැනට ඒ ගැන හිතන්නෙත් නැහැ. රාජ්‍ය බලය ගත්තොත්, ඉන් පසුව හිතයි.Continue Reading
මගේ පරණ සහෝදර සහෝදරියන්ට පොදු පැහැදිලි කිරීමක්
ඉතින් උඹලට මට කියන්න තියෙන්නෙ, උඹලා මං ගැන අඛණ්ඩව පුදුම වෙවී ඉන්න එක ගැන මට සතුටුයි. හැබැයි, මං උඹලගෙන් කවදාවත් සත පහක්වත් අරගෙන නැති නිසාත්, මං හැමදාමත් දේශපාලනය කළේ මගේ අතේ වියදමෙන්, ශ්‍රමයෙන්, බුද්ධියෙන් හා ජීවිතෙන් නිසාත්, උඹලාට මං ණය නැහැ. අතීතයේ උදව් කළාට ස්තුතියි. ඒක ඉතින් උඹලා උඹලාටම කරගත් දේ මිසක් මට කරපු දෙයක් නෙමෙයි. මට උඹලාගේ ඡන්දයක්වත් එපා. උඹලා මොනවා හිතුවත් මට කමක් නැහැ. ඒ කාලෙ වගේම තමයි. මම මේ වැඩේ කළ යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. ඔව්, අපි කරනවා. බැරි වුණොත් උඹලා දිනුම්. එච්චරයි. අපි සාර්ථක වුණොත්, සමහරවිට ආයෙමත් දෘෂ්ටිවාදී දේශපාලනය කරන්න මාත් එයි. එතකල් මං කරන්නෙ තත්කාර්යවාදී හෙවත් ප්‍රැග්මැටික් පොලිටික්ස්.Continue Reading
මාලිමාවේ අපේක්ෂක විජේන්ද්‍රගේ ප්‍රශ්නවලට අපේ පිළිතුරු
විජේන්ද්‍ර පැනසර ධීවර නායකයෙකි. ඔහු අප සමග කාලයක් හිරු කණ්ඩායමේ ඉදිරියෙන්ම කටයුතු කළ ක්‍රියාකාරිකයෙකි. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් අභීතව කටයුතු කළ කෙනෙකි. හිරු කණ්ඩායමෙන් ඉවත් වී අප නිර්මාණය කළ ලංකා ලෙෆ්ට් කණ්ඩායමේ ද ඔහු ක්‍රියාකාරීව දේශපාලනය කළේය. ඔහු මොන පක්ෂයෙන් හෝ කොළඹ නගර සභාවට පත්වීම හොඳ දෙයකි.Continue Reading
පැන්ෂන් ප්රශ්නය
මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මගේ සේවා ගිවිසුම අනුව මා ඔවුන් විසින් ලබාදෙන සමාජාරක්ෂක දීමනාව මවිසින් සොයාගත් විශ්‍රාම වැටුප් ගිනුමක ආයෝජනය කළ යුතු විය. මෙය එවැනි ආයතන විසින් තම ඩොලර් විශ්‍රාම වැටුපෙන් මෙන් ම දේශීය ඊපීඑෆ්, ඊටීඑෆ් ආදියෙන් ද සේවකයන්ගෙන් කොටසක් බැහැර කර ඇඟ බේරාගැනීම සඳහා අනුගමනය කරන කූට උපායකි. සේවා ගිවිසුමේ සඳහන් ඉහත කී අවශ්‍යතාව සඳහා මම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳ සොයා බැලුවෙමි. ඇත්තෙන් ම, සොයා බලන්නට තරම් විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම රැසක් මේ රටෙහි නැත. Continue Reading
ජවිපෙ ආණ්ඩුවක් යටතේ වෘත්තීය සමිති ප්‍රශ්නයට විසඳුම් යෝජනාවක්
ජවිපෙ ආණ්ඩුවක් පිහිටවූ පසුව ද ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ප්‍රමාද වී හෝ සිදු වේ. ප්‍රමාද වන තරමට ඒවා වඩාත් කෘර වේ. එවිට ද වෘත්තීය සමිතිවලින් මෙවැනිම ප්‍රතිචාර එල්ල වනු ඇත. ඒ නිසා ඔවුන්ට ද මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට සිදුවනු ඇත.Continue Reading
කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි
වර්තමානයේදී උද්ඝෝෂණ පවත්වන්නේ බලය පෙන්වීමට බව කවුරුත් දනිති. එය බල දේශපාලනයයි. එය වැරදි යයි මම නොකියමි. ඒ වෙනුවෙන් මැදිහත්වීම හෝ පාවිච්චි වීම තමන්ගේ කැමැත්තකි. එහෙත්, තමන්ගේ ආරක්ෂාව ගැන ද සිතීම ඉතා වැදගත්ය. එහෙයින්, කලකට ඉහතදී මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් කරන ලද පරිවර්තනයකින් උපුටාගත් මෙම කොටස මෙහි පළකරමි. Continue Reading
එයා දැන් බැඳලා අන්තිම විය
කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.Continue Reading
ප්‍රබුද්ධ හෝමොෆෝබියාව
මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක් මේ. ඔහු දැන් ආපහු ටිපිකල් හෙවත් සංකේතාත්මක වාමාංශිකකයෙක්. මේක හෝමෝෆෝබියාවෙ ප්‍රබුද්ධ ස්වරූපයක්. සාමාන්‍ය ජනප්‍රිය අදහසක්. ඒත් නිවැරදි නැහැ. කිසිදු අධ්‍යයනයකින් ඔය වගේ කරුණක් හෙළිදරව් වෙලාත් නැහැ. ඒ වගේම, කෙනෙකුගේ ජෙන්ඩර්Continue Reading




















