Thushara Upuldeniya

මෙම සිදුවීමත් සමඟ එවකට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අතර, 2025 ජුනි 09 දින කැබිනට් මණ්ඩලය විසින් ඔහුගේ වැඩ තහනම් කරන ලදී.Continue Reading

In The Name Of The Father

මෙසේ වධහිංසනයට ලක් වන, ඝාතනයට ලක් වන සිරකරුවන් අතර මත්ද්‍රව්‍ය අපරාධ ජාලයේ සාමාජිකයන් සිටින බව මේ මොහොතේ බන්ධනාගාර නිලධාරීන්ට මතක් වන්නේ නැත. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ඉතා ඉක්මනින් විදේශ රටවල සිටින අපරාධ කල්ලි නායකයන් අතට ලැබේ. බන්ධනාගාර නිලධාරීන්ගේ පවුල් පිටින් අනාරක්ෂිත තත්වයට පත් වේ. සිරකරුවන්ට මෙන් ම බන්ධනාගාර නිලධාරීන්ට ද ආරක්ෂාව සැපයීමට ආණ්ඩුව අසමත් ය.Continue Reading

බන්ධනාගාරවල අධික තදබදය ඇති වීමට බල පෑ කරුණක් වන්නේ 2022දී : විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥාපනතට හඳුන්වා දුන් සංශෝධනය හා රස පරීක්ෂණ වාර්තා ප්‍රමාදය බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා අද දින පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.Continue Reading

Sri Lanka prison

“ඒ වෙලාවෙ ඕඅයිසී මහත්තයා මගේ බිරිඳව බිම දමා පයින් පාගමින් ඉතා අමානුෂික අයුරින් පහර දුන්නා. මටත්, මගේ අයියාටත් විතරක් නෙමෙයි, 74 හැවිරිදි තාත්තාටත් පහර දුන්නා,” යැයි එම කාන්තාවගේ සැමියා පවසයි. පහර දීමෙන් රෝගාතුර වූ පියා රෝහල්ගත කිරීමට පැමිණි 1990 ගිලන් රථය පවා හරවා යැවූ පොලිසිය, පවුලේ සිව්දෙනකු ම අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී පිරිමි පාර්ශ්වයට රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට ඇප හිමි වුව ද, කාන්තාවට හෙරොයින් ග්‍රෑම් 10ක් සහ මිලිග්‍රෑම් 200ක් ළඟ තබා ගත් බවට ව්‍යාජ චෝදනා ගොනු කර 54 වගන්තිය යටතේ රිමාන්ඩ් කෙරිණි. ඇයට මෙවැනි අසාධාරණයක් කළේ මන් දැයි ඇසූ විට ස්ථානාධිපතිවරයා ලබා දී තිබුණේ අතිශය සාහසික පිළිතුරකි: “උඹේ ගෑනිගෙ කට ටිකක් වැඩියි, ඔහොම අවුරුද්දක් විතර ඉදල ආවම හරි යාවි.”Continue Reading

ඉහත දැක්වෙන්නේ විමලරත්න කුමාරගමගේ අයියනායක කවියේ දැක්වෙන කවි පදයකි. ඡායාරූපයේ සිටින්නේ ආබාධිත, විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. ඊයේ අධිකරණයේදී යකඩ පටි එල්ලා ගත් පුද්ගලයකු ලෙස දිලීප පීරිස් විසින් හඳුන්වනු ලැබුවේ ඔහු ය.Continue Reading

Suresh Salley

මේ දිනවල මා සුරේෂ් සලේ සම්බන්ධයෙන් රැඩිකල් වාමාංශික ස්ථාවරයට ප්‍රතිපක්ෂව සිටගෙන සිටින නිසා ඔවුන්ගේ ප්‍රහාරයට ලක් වී ඇත. මට මෙය කිසි සේත් ම අලුත් තත්ත්වයක් නොවේ. මා වාමාංශිකයකු නො ව විප්ලවවාදියෙකි. සුරේෂ් සලේ පමණක් නො ව, සමස්ත රහස් ඔත්තු සේවා සම්බන්ධයෙන් ම මගේ කියවීමක් ඇත. බුද්ධි අංශ ලෙස ද හඳුන්වන රහස් ඔත්තු සේවා යනු ඉතිහාසයේ හැම කලෙක ම පැවති, රාජ්‍ය ආරක්ෂාවේ අත්‍යවශ්‍ය අංගයකි.Continue Reading

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කිසි සේත් ම පූර්ණ ධනවාදී හෝ වාණිජමය ආකෘතියක් (Commercial Farming) ගන්නේ නැත. ශ්‍රම බලකායෙන් 27%ක පමණ ප්‍රතිශතයක් සෘජුව ම කෘෂිකර්මාන්තයේ නියැළෙති. ඉන් අතිබහුතරය යැපුම් මට්ටමේ (Subsistence farming) ගොවීහු වෙති. සංඛ්‍යාලේඛනවලට අනුව, මෙරට වී ගොවීන්ගෙන් 70%කටත් වඩා වැඩි පිරිසකට ඇත්තේ හෙක්ටයාර 1කට (අක්කර 2.5) වඩා අඩු කුඩා ඉඩම් කට්ටි ය. මෙවැනි ඛණ්ඩනය වූ කුඩා ඉඩම් හිමියන් පිරිසක් ‘ධනවාදී වාණිජ ව්‍යවසායකයන්’ ලෙස සලකා නිදහස් වෙළඳපොළ තරගයකට ඇද දැමීම විද්‍යාත්මක මුළාවකි.Continue Reading

දැන් මේකට හිනා වෙන ජවිපෙ කට්ටිය ඒ කාලෙ නම් ගොවියන්ව සංකේතවත් කළේ අමුඩත් ගස්සලා. අමුඩ ලේන්සුවෙ ගාන මේ ලිස්ට් එකේ නැහැ. අමුඩ ගහන් ආවෙ ගොවියො නෙමෙයි, පක්ෂෙ කට්ටිය.Continue Reading

Justice

මෙම නඩුව පාදක කරගෙන පුරවැසියකු ලෙස විනිසුරු අභිමතය පිළිබඳ අදහසක් පළ කිරීමට සිතුවෙමි. එයට හේතුව, විනිසුරු අභිමතය යනු අසීමිත බලයක් ලෙස සලකන තත්වයක් ද දැකීමට හැකි වීමයි. එය පුරවැසියන්ට ප්‍රශ්න ඇති කරයි. Continue Reading

ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව, රජයේ 2025 මූල්‍ය ප්‍රකාශනවල විගණන සමාලෝචනය නිකුත් කර ඇත. එමඟින් රුපියල් බිලියන 2.67ක සංසන්දනය කිරීමේදී ඇති වන පරතරයක් ද, වාර්තා නොකළ විදේශ ණය සහ මුදල් ද භාණ්ඩාගාරය තුළ ප්‍රධාන වාර්තාකරණ නොගැළපීම් ද අනාවරණය වී තිබේ.Continue Reading