Kabar Makyay Bu හෙවත් ‘ලොව හිනැහෙන තුරු අපි නොනවතිමු’ යනුවෙන් අර්ථ දැක්විය හැකි මෙම ගීතය මේ දිනවල දිවා කාලයේදි සහ අනිවාර්යෙන්ම රාත්‍රි අටට බොහෝ පුරවැසියන් පවත්වන ජන ඝෝෂාවේදී ගායනා කරනු අසන්නට පිළිවන. මෙම ගීතය ප්‍රථම වරට ගායනා කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදි ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවන ලද උද්‌ඝෝෂණ ව්‍යාපාරය එහි උච්ච අවස්ථාවකට පැමිණි 8888 නමින් ප්‍රසිද්ධ වු 1988 අගෝස්තු 8 වන දිනය. Continue Reading

Minister C.B. Rathnayaka

අප ඉහත දක්වන ලද බස් කොන්දොස්තරවරුන්, රියදුරන්, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නන්, දුම්රිය ආරක්ෂකයන්, නාගරික කසල ඉවත්කරන සනීපාරක්ෂක කම්කරුවන්, සෑම මට්ටමකම අනෙකුත් සනීපාරක්ෂක කම්කරුවන් වැනි අය අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් තම ජීවිත කොරෝනා වයිරස අවදානමට ලක්කරගන්නා අයයි. තවත් මෙවැනි බොහෝදෙනා සිටිද්දී මහජන මුදලින් දෙන එන්නත මුලින් තමන්ට ගසාගන්නට තරම් ලජ්ජා විරහිතකමක් දේශපාලකයන්ට තිබිණි.Continue Reading

Sri Lanka police women

පොලිස් සේවයේ තනතුරු නාමයන් පවා කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන්කර තිබෙනවා. උසස්වීම් ලබාදීමේදීත් කාන්තා කාඩරය හා පිරිමි කාඩරය අනුව තමයි එය සිදුවන්නේ. අප ඉහත සඳහන් කරන ලද මූලික මානව අයිතිවාසිකම් පෙත්සමට හේතුව වන්නේත්, පොලිසියේ කාන්තා කාඩරයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොපැවතීමයි. Continue Reading

Nalin de Silva

මහාචාර්ය ද සිල්වා මහතාගේ දර්ශනය පිළිබඳ ඕනෑම සංවාදයකට හෝ විවාදයකට සහභාගීවීමට අප සුදානම්ව සිටිමු. මෙවන් විවාදයන්ට එළඹෙන මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ අනුගාමික ‘නලීන්වාදීන්’ අදාළ ප්‍රස්තුතය ගැන කතා නොකර තම ප්‍රතිවාදීන්ට බටහිර ගැත්තන්, එන්ජිඕ කාක්කන්, අනුකාරක උගතුන්, පඩිනැට්ටන්, ටයිමාමාලා වැනි අපහාසාත්මක වදන් වලින් ආමන්ත්‍රණය කරයි. මෙවන් පහත් ක්‍රියාවන්ට අප කෙසේවත් නොනැමෙනු ඇත. වයෝවෘද්ධ, සිංහල බෞද්ධ මහාචාර්යවරයකුට නොතරම් වන තරම් ද්වේෂයෙන් හා ක්‍රෝධයෙන් තම ප්‍රතිවාදීන්ට පහරදීම මහාචාර්ය ද සිල්වා මහතාගේ පිළිතුරු දීමේ කලාවයි. මෙවැනි අවලාදවලට අප පිළිතුරු නොදෙන බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු. අදාළ ප්‍රස්තුතය පිළිබඳව පමණක් සංවාදයකට හෝ විවාදයකට මහාචාර්ය ද සිල්වා මහතා සමග හෝ ‘නලීන්වාදී’ අනුගාමිකයින් සමග අප සුදානම්ය. Continue Reading

herd immunity

ශ්‍රී ලංකාවේ රජය මෙන්ම සමාජයේ අප සියලු දෙනා ද වර්තමානයේදී කටයුතු කරන ආකාරය මේ අනුව බැලූ කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිවලට අනුකූල නොවේ. රටේ ජනගහනයට එන්නත ලබාදීම තවමත් ආරම්භ කරවත් නැත. එහෙත් රජය පාසල් ද ඇතුළු සියලු අවකාශයන් විවෘත කරමින් සිටින්නේ රෝගය පැතිරීම වේගවත් වෙමින් තිබියදීය. මේ අතර කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ද අඩුවෙමින් තිබේ. කෝවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ තත්ව විශ්ලේෂණ දත්ත පුවරුවෙහි පසුගිය මාසයක පමණ කාලය තුළ කරන ලද පීසීආර් පරීක්ෂණ පිළිබඳ විස්තර ද අඩංගු වන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජයේ වගකීම් විරහිතභාවය හා සමාජය එයට අනුගත වීම, ප්‍රශ්න නොකිරීම හා චර්යාවන් වෙනස් කර නොගැනීම බරපතල ගැටලු සහගත තත්වයකි. Continue Reading

flowers and shadow - photo by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෙම කවිය 2021 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි.Continue Reading

Wimal Weerawansa

මේ වන විට විමල් වීරවංශ නැවතත් ප්‍රබල මාතෘකාවක් වී තිබේ. එයට හේතුව ඔහු බැසිල් රාජපක්ෂගේ දැවැන්ත ප්‍රහාරයකට ලක්වී තිබීමයි. එයට ආසන්න හේතුව විමල්ගේ ප්‍රකාශයක් විය හැකිය. ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු බව ඔහු කීවේය. එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයට එරෙහි කැරැල්ලක් යයි ඉස්මතු කරමින් බැසිල්වාදියෝ ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කරති. එහෙත්, සත්‍ය හේතුව වෙන එකකි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මිස නායකත්වය මේ මොහොතේ විමල්ට තබා බැසිල්ටවත් ප්‍රයෝජනවත් නැත. වැදගත් වන්නේ පොහොට්ටුවෙන් සංකේතවත් වන බලවේගයේ මීළග නායකත්වය කවුරුද යන්නයි.Continue Reading

International Day of the Girl Child

මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.Continue Reading

Jayalal Rohana

ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න. Continue Reading