Within the Whirlwind

අජිත් පැරකුම් ජයසිංහ Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන අත්දැකීම්. 1934දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ සර්ජි කිරොව් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 1936-38 සමයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝසප් ස්ටාලින්ගේContinue Reading

looking back

අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන යන තැනනුඹ ඇවිදින් මුල්ලක සිටබලාඉඳියි මට තනි නැහැඇයි නුඹ මේ?මා හැර ඇයි යන්න බැරිද? අතීතයේලිපිගොනුවලඅනාගතේ වළා අතර ඔබ මොනවදඔය ලියන්නෙ?ඒ අකුරුදහද ගැහෙන්නෙ? හැමතැනකමඔබ සිටියානොදුටු විලසමා සිටියා ඔබ නොසැලීඑහි සිටියාමාත් මෙහෙමමෙහි සිටියා මට මතකයිවිටකදිContinue Reading

Baby Shaykh Sri Lanka

කොවිඩ්-19 වයිරසයට ජාති, ආගම් ආදී වෙනස්කම් නැත. එහෙත්, පන්තිමය වෙනසක් නම් පැහැදිලිවම තිබේ. කොවිඩ්-19 වැඩිපුරම ආසාදනය වන්නේත්, එයින් මියයන්නේත් දිළිඳු පවුල්පල ජනයායි. එයට හේතු පැහැදිලිය. ගෙවල්වල මීටරේ පරතරේ තබාගෙන ජීවත් වීමට තරම් ඉඩකඩ නැත්තේ ඔවුන්ටය. බස්වල තදබද වී ගමන් බිමන් යන්නට සිදුවන්නේ ඔවුන්ටය. අවදානම නොතකා දවසේ ආදායම වෙනුවෙන් රැකියා කරන්නට සිදුවන්නේ ඔවුන්ටය. මාස්ක්, සැනිටයිසර් ආදිය පවා මිලදී ගන්නට මුදල් නැත්තේ ඔවුන්ටය. Continue Reading

Sri Lanka sinking

වත්මන් පාලනය සමග ගැටෙන්නට නොගොස් ඔවුන් පොරකා උදුරාගත් රාජ්‍ය පාලන වගකීමේ රස බලන්නට හා හැදෙන්නට හෝ නැතිවන්නට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදිය යුතුය. බලය අල්ලාගැනීම තමන් විසින් ගොඩනගාගන්නා ලද මුග්ධ බලවේගයට ඔවුන් සමග ගනුදෙනු බේරාගන්නට ඉඩදිය යුතුය. අප අරගල කළ යුත්තේ හැකිතරම් ජනතාව ඒ මෝඩ පොකුරෙන් ගලවාගන්නටය. කාලය විසින් බොහෝ දේ විසඳා දෙන නිසා අප එතරම් කලබල විය යුතු නැත. Continue Reading

Dilum Amunugama

රාජ්‍ය අංශයේ ආයතනයක් සම්බන්ධයෙන් මෙම වෘත්තිකමය නොවන අපරිණත දේශපාලන මැදිහත්වීමට වැඩිපුර සම්බන්ධ බව පෙනෙන්නේ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමයි. නිලධාරීන් මාරුකිරීමේ මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ ඔහු දැවැන්ත ප්‍රචාරයක් ගන්නට උත්සාහ කරන බව පෙනේ. 2018 වසරේදී දින 52 ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවේ කතානායක මේසයේ මයික්‍රෆෝනයක් අතින් කඩන්නට ගිය දිලුම් අමුණුගම අත ද කපා ගත්තේය. Continue Reading

circulars on coconut, cartoon by Ajith Perakum Jayasinghe

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.Continue Reading

භයානකම තත්වය වන්නේ මේ රට පාලනය කරන පිරිස වනාහි ධම්මික බණ්ඩාර වැනි භින්නෝන්මාද තත්වයේ සිටින්නේ යයි සිතිය හැකි පුද්ගලයන් දේශපාලන වාසි සඳහා ප්‍රවර්ධනය කරන, ජාතික චින්තන තර්කනයට යට වූ, වෙනත් සමාන්තර විශ්වයක ජීවත් වන පිරිසක් වීමයි. ඔවුන් කරන කියන කිසිවක් මේ මිහිපිට වෙනත් රාජ්‍ය කරන දේවල් ඇසුරෙන් මුළුමනින්ම වටහාගන්නට බැහැ. ඔවුන් මේ රටට මොකක් කරයිද?Continue Reading

Champika Ranawaka and Sajith Premadasa

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත. Continue Reading

මුස්ලිම් ජනතාව විසින් අවබෝධ කරගත යුතුව තිබෙන කාරණයක් තිබේ. ආගමික අන්තවාදයෙන්, ජාතිවාදයෙන් හා අවස්ථාවාදයෙන් මුස්ලිම් ජනතාවට කිසිවක් දිනාගැනීමට ලැබෙන්නේ නැත. ඒවාට ගොදුරු වීමෙන් ඔවුන් සිංහල ජනතාව අතර සිටින මිතුරන් ද අහිමි කරගනිමින් සිටියි. ඔවුන්ට ලෝකයේ වෙන කොහේවත් සිංහල ජනතාව තරම් සමීප මිතුරන් පිරිසක් නැත.Continue Reading

Dictator Corona - cartoon by Ajith Perakum Jayasinghe

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය. Continue Reading