කතාව මේකයි. මේක ධනේශ්වර විප්ලවීය මොහොතක්. කළ යුතුව තියෙන්නෙ ධනේශ්වර ක්‍රමය තිරසර කිරීම සඳහා අවශ්‍ය විප්ලවීය පියවර ගනිමින් කල් ලබාගැනීම. එහෙම යනකොට විකල්ප හොයන්නට පුළුවන් තත්වයන් නිර්මාණය වෙයි. එහෙම නැතත්, ධනේශ්වර ක්‍රමය තිරසර කර ගත්තොත්, පරණ තිබුණු සුබසාධනවාදය හරි තිරසර විදියට තරමක් ශක්තිමත් කරන්නට පුළුවන්.Continue Reading

විප්ලවයක් කියන්නෙ රතු කොඩි උස්සගෙන නටන ජවුසමක් කියල තමයි ලංකාවෙ වම්මු හිතාගෙන ඉන්නෙ. විප්ලවවාදීන් වන අපට විප්ලවය කියන්නෙ කෙටි කාලයක් තුළ වේගයෙන් සිදු වන ප්‍රතිසංස්කරණ මාලාවක්. එහිදී රාජ්‍ය බලය ඉතා වැදගත්. ඊට වඩා වැදගත් වෙන්නෙ දැක්ම. මොකක් ද කරන්න යන්නෙ කියන එක ගැන තියෙන දිශානතිය.Continue Reading

mirror and monkey

රාජ්‍ය දූෂණය ඉතා ගැඹුරුය. එය මුළුමනින්ම නැවැත්වීම පහසු නැත. යම් යම් සිදුවීම් සමග එවැනි ක්‍රියා නැවත සිදු නොවීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. මහ බැංකු සිද්ධියත් සමග එසේ සිදු විය. ගල්ලඟුරු සිද්ධියත් සමග තත්වය තවදුරටත් වර්ධනය කළ හැකිය. වෙනත් අයත් වංචා කර ඇද්දැයි සෙවීම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීමෙන් තමන් වංචා කළ බව වසා ගත නො හැකිය. ඔවුන් පරාජය කළේ හොරුන්ය කියාය. දැන් බැලුවාම උනුත් එකයි මුනුත් එකයි කියූ තොපිත් හොරුම තමාය.Continue Reading

රාජපක්ෂලාගෙන් හා යහපාලනයෙන් වත්මන් පාලකයන් නූගත් පාඩම වන්නේ, විශාල පක්ෂ, කැම්පේන්, බල ව්‍යාපෘති සඳහා මුදල් උපයන්නට යාම මගින් සමස්ත දේශපාලන ව්‍යාපෘතියම අවදානමට ලක් වන බවයි.Continue Reading

Social Capital

මෑතකදී ජාතික ජන බලවේගයේ නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා ජනතාවගෙන් මුදල් සම්මාදම් කිරීම හා සමාජ ප්‍රාග්ධනය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළේය. දේශපාලන ව්‍යාපාරයකට හෝ නායකයකුට ජනතාව විශ්වාසයෙන් යුතුව මුදල් පරිත්‍යාග කරන්නේ නම් එය හුදෙක් ආර්ථික ගනුදෙනුවක් නොවේ.Continue Reading

ජේආර් ලංකාවේ ධනේශ්වර ක්‍රමය තිරසර කරන්නට හේතු වූ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ නායකයෙකි. ප්‍රභාකරන් දෙමළ ජාතිකවාදය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා යුද්ධයක් මට්ටමට ඔසවා තැබුවේය. මහින්ද එය පරදවා සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තිරසර කළේය. රනිල් බිඳ වැටුණු ලංකා ආර්ථිකය තිරසර ලිබරල් ධනේශ්වර පීල්ලක තැබුවේය. Continue Reading

PTA NPP policy

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිත කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස උදුරා ගැනීමේ බිහිසුණු යථාර්ථය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළිත් වරක් අනාවරණය විය. අසාධාරණ ලෙස මාස නවයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාවනැල්ලේ මොහොමඩ් සුහයිල්ගේ සිදුවීම මගින් පෙන්වා දෙන්නේ, මෙවැනි අපරාධ හුදු සමාව ගැනීමකින් හෝ වන්දි ගෙවීමකින් කිසිදා අවසන් කළ නොහැකි බවයි.Continue Reading

mirror and monkey

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් මහජන බලමුළුගැන්වීමක් සිදු කරමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආණ්ඩුව මේ පිළිබඳව දැඩි අසහනයකින් පසුවන බව ඔවුන්ගේ හැසිරීම්වලින් මැනවින් පැහැදිලි වේ. එහෙත්, ජවිපෙ හා සෙසු ජනයා ලෙස මෙතරම් ධ්‍රැවීකරණය කළ සමාජයක විපක්ෂයෙන් වෙනස් චර්යාවක් බලාපොරොත්තු වීමට ජවිපෙට අයිතියක් තිබේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නම්, ජවිපෙ බලවේගය ඉදිරියෙන් ඔවුන්ගේ අතීත චර්යාව පෙන්වන කණ්ණාඩියක් තැබිය යුතුය. එයින් පෙනෙන්නේ ඔවුන්ගේම කැත අතීතයයි.Continue Reading

US-Iran-conflict

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද කොළඹ කතිකා සංසදයේ සමාරම්භක කතිකාව පසුගිය මාර්තු 13 වන දින සන්ධාර කතිකා ආපනශාලාවේදී පැවැත්විණි. අමන්දි හිටිනායක විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේදී “ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?” යන කාලීන තේමාව ගවේෂණය කරන ලදි. මහාචාර්ය රොහාන් සමරජීව, මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග සහ මාධ්‍යවේදී/නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන යන විද්වතුන් මෙහිදී අදහස් දැක්වූහ. මෙම සංවාදයේදී මතු වූ ප්‍රධාන කරුණු 4ක් පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුය.Continue Reading

යුද්ධයක හරි වැරැද්ද තක්සේරු කිරීම හෝ එහි ප්‍රතිඵලය පිළිබඳව අනාවැකි පළ කිරීම විනෝදාත්මක විය හැකිය. එහෙත්, ශ්‍රී ලංකාවේ ශක්තීන් සහ ලෝකය තුළ එහි ස්ථානගත වීම පිළිබඳ විශ්ලේෂණයකින් පැහැදිලි වන්නේ නෙතන්යාහු සහ ට්‍රම්ප් විසින් මුදාහරින ලද සිදුවීම්වලට බලපෑම් කිරීමට හෝ ඒවා හැඩගැස්වීමට ශ්‍රී ලංකාවට නොහැකි බවයි.Continue Reading