පන්දාහ යනු රාජපක්ෂ පවුලේ ඕමික්‍රෝන් ප්‍රභේදයයි

දැන් ලබාදෙන සහන මගින් ආණ්ඩුවට සිය ගිලිහී ගිය ජනප්‍රියත්වය යළි ග්‍රහණය කරගැනීමට හැකිවේ නම්, එය සති කීපයකට පමණක් වන තරමේ ආර්ථික අර්බුදයක් රට තුළ නිර්මාණය වී තිබේ. ආණ්ඩුව ගන්නා මෙබඳු ක්‍රියාමාර්ග හේතුවෙන් තත්වය තවත් නරක අතට හැරීමේ අවදානමක් ද තිබේ.

News Detail

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ

අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද රාජ්‍ය පාලන ක්‍රම පිළිබඳ ප්‍රශ්න කිරීම ලොව පුරාම සිදුවේ.

News Detail

රජය ණය සහන ලබාදී ඇත්තේ හැකි අයටද නොහැකි අයටද?

එවැනි සහන ලබාදෙන බව වරින් වර රජය නිවේදනය කරනමුත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරවල බරපතල ගැටලු තිබෙන බව ඉහත දක්වන ලද උදාහරණයෙන් පෙනේ. ණය සහන නොදීමෙන් අවසානයේ සිදුවනු ඇත්තේ මේ ණය ගෙවාගැනීමට ණයලාභීන්ට බැරි වීම නිසා ඒවා බොල්ණය බවට පත්වීමයි. මෙය සමස්ත බැංකු පද්ධතියටම බලපානු ඇත. කොවිඩ් හමුවේ මුළු ලෝකයම ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඇති බව බොරුවක් නොවේ. එහෙත්, මේ අන්දමින් ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා කඩාවැටෙන්නට යන වෙනත් රටවල් අඩුය.

News Detail

අර්ථශාස්ත්‍ර 4: නොමග යවන ලද රාජ්‍ය ප්‍රමුඛතා සහ ඒවා නැවත සකස් කරන ආකාරය

අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.

News Detail

ගොන්කම්වල මිල ගෙවන කාලය

මේ ආණ්ඩුව බලය ලබාගත්තේ ඊනියා ජාතික චින්තනය හා ගොඩේකම තොරොම්බල් කිරීමෙනි. දැන් ඒ ගොන්කම්වල මිල ගෙවන කාලයයි. එහෙත් වැඩිම මිල ගෙවන්නේ දේශපාලකයන් නොව, දරාගත නොහැකි බඩු මිලකට හා බදු බරකට කරගසා සිටින මහජනතාවය. ඉතිහාසයේ අඩුම ආර්ථික වර්ධන වේගය වන ඍණ 16ටත් වැඩි අගය 2020 දෙවන කාර්තුවේදී වාර්තා විය. හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙටය.

News Detail