සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතුද?

ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා. අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා කළා. එහිදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. කොරියානු ජාතිකයාගේ ඉදිරිපත් කිරීමේ තිබුණු කොටසක් අල්ලාගෙන තමයි ඩේලි මිරර් ප්‍රවෘත්තියක් ප්‍රබන්ධ කළේ. අනුප ප්‍රමාද වූ නිසා කොරියානුවා ඔහුට දෙහි කැපුවා කියන එකයි කියවුණේ. ඒත්, එය කතාවේ තිබුණු උදාහරණයක් පමණයි.
ආශුගේ සිද්ධිය ගැන මං කලිනුත් ලිව්වා. ආශු සම්බන්ධ වීඩියෝව ලබාගෙන ඇත්තේ අදාළ කාන්තාව බවත්, එහි ඇගේ කටහඩ මකාදමා ඇති බවත් දැනගන්නට ලැබුණා. යම්කිසි වෙලාවක දෙන්නා විහිළුවට කළ දෙයක වීඩියෝවක් පසුව දුෂ්ට අරමුණකින් භාවිතා කිරීමක් ලෙසයි මා දකින්නේ. එය අතිශය පෞද්ගලික දෙයක්. එය තනිකර සමගි ජන බලවේගයේ හිරුනිකාගේ මෙහෙයවීමෙන් සිදුවුණ දෙයක්. සජිත් ප්‍රේමදාස වගකිව යුතු කාරණයක්.
ආශුට එරෙහිව සමගි ජන බලවේගයේ පුවත්පත් සාකච්ඡාවෙදි ආදර්ශා කරඳන මෛත්‍රී වික්‍රමසිංහ හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හමුවීමට උත්සාහ කළ බව කියනවා. එහෙම හමුවෙන්නට කිසිම අවශ්‍යතාවක් නැහැ. 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත කියවලා බලන්න. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කෙනෙකුට පොලිසියට පවා නොගිහින් කෙළින්ම අධිකරණයට පැමිණිලි කරන්නට පුළුවන්. මෛත්‍රී වික්‍රමසිංහ හෝ සමන් ඒකනායක මේ කිසිවකට අදාළ අය නෙමෙයි. මේවා තනිකර හිරුනිකාගේත්, සජිත්ගේත් උවමනාව මත විවිධ පුද්ගලයන්ට අපහාස කිරීම සඳහා කරන දේ.
ආශු හා අනුව දෙදෙනාට මාධ්‍ය විසින් සිදු කළ හානිය නැවත ආපසු හැරවිය නොහැකි තරම්. එසේම, එමගින් ආණ්ඩුවට කළ හානියත් අති විශාලයි. සාපරාධී අපහාසයේ නිරන්තර ගොදුරක් වන රනිල් වික්‍රමසිංහ විසින්ම 2002දී සාපරාධී අපහාස නීතිය ඉවත්කිරීම සාධාරණද කියන එක පවා මා එක්ක කතාකළ කෙනෙකු සමග සාකච්ඡා කරන්නට සිදුවුණා.
අසත්‍ය ප්‍රවෘත්ති හා වෛරී ප්‍රකාශවලින් පුද්ගලයන්ගේ චරිතයට හා කීර්තිනාමයට හානි සිදුකිරීම අපරාධයක් ලෙස නැවතත් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කළ යුතුද?
මෙය මාධ්‍ය මර්දනය කිරීමක් ලෙසයි සැලකෙන්නේ. ඒත්, මාධ්‍යම තමයි මේ ක්‍රියාවේ යෙදෙන්නෙත්.
තත්වය ඒ තරම් අසික්කිතයි.
කනවැන්දුම් අඳෝනාව යනුවෙන් අපේ ගැමි වහරේ කියමනක් තිබේ. මිනිහා මැරුණු ගෑනු මනුස්සයා ගෙදර උළුවස්සට වාරුවී චීත්ත පොටින් හොටු පිසදමමින් හූල්ල හූල්ලා පාරේ යන එන උදවිය සමඟ නැතිවාදම් කීම කනවැන්දුම් අඳෝනාව ලෙස ගම්මු සලකති. කනවැන්දුම් අඳෝනාව මූසලය. වගතුවක් නැත. ඒ නිසාම ගම්මු කනවැන්දුම් ගැහැනිය පිළ උඩ සිටිනවා දුටුවොත් අඩිය ඉක්මන් කරති. නැත්නම් මඟහැර යති.
මේ රටේ මිනිස්සු 2022 ගෙවා දැමුවේ කනට අප්පිරියා වන තරමට ආණ්ඩුවේ කනවැන්දුම් අඳෝනාවට සවන් දෙමිනි. දැන් 2023ටද ආසන්නය. තවත් තිබෙන්නේ දවස් 5කි. ඒත් ආණ්ඩුවේ අඳෝනාවේ කෙළවරක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙනවා කියන ඩොලර් බිලියන 2.9 ණය මුදල ගැන මාස 8ක් තිස්සේ ආණ්ඩුව බයිලා ගසයි. දැන් කියන්නේ ලබන ජනවාරියේ නැත්නම් මාර්තුවේ ලැබෙන බවය. බාලගිරි ෙදා්ෂය
අද නොවේ හෙට කියන්නේ මෙවැනි කතාවලටය.
කනවැන්දුම් ගැහැනියට කන්න යමක් දුන්නාට ලොකු ණය මුදල් දෙන්නේ නැත. මේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ඒ සන්තෑසියමය. ආධාරයක් හැටියට කන්න යමක්, ඔෟෂධ ටිකක් දුන්නාට ලෝකයේ කිසිම රටක් ඩොලර් ගණන් ණය නම් දෙන්නේ නැත. ආණ්ඩුව අද හෙට ලැබෙන ණය ගැන කතා කරන්නේ රට රවට්ටන්නටය.
අසීමිත ලෙස භාණ්ඩ මිල ඉහළ යෑම නිසා නත්තල නන්නත්තාර වී ඇතැයි මිනිස්සු අඳෝනා කියති. නමුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාද, ප්‍රිය සම්භාෂණවල කෙළවරක් නැත. හතේ හත වැදී තිබෙන්නේ රටේ සාමාන්‍ය මිනිසාටය.
කවුරු මොනවා කිව්වත් ජනවාරි මාසයේ සිට විදුලි බිල යළිත් වැඩි කරනවා යැයි විදුලිබල බලශක්ති ඇමැති උඩ පනියි. පොඩි මිනිහට අමාරු බව අපි දන්නවා, එහෙත් බිල වැඩි නොකර කරන්න දෙයක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති අලගියවන්න හැමදාමත් හූල්ලයි. රට බංකොලොත් යැයි කියනවා මිස බංකොලොත් වුණේ ඇයි දැයි කිසිවෙක් කියන්නේ නැත. මේ අඳෝනාව තියෙන රටකට වගතුවක් වන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නැත.
විදුලිය බිල නග්ගන්නේත්, ජනතාවට ලයිට් නිවන්න කියන්නේත් ආණ්ඩුව පැත්තෙන් බලශක්තිය ඉතිරි කිරීම සඳහා කිසිදු විද්‍යාත්මක වැඩසටහනක් හෝ සැලැස්මක් හෝ නැතිවය. නත්තල නිසාත්, පාර්ලිමේන්තුවේ නිවාඩු නිසාත්, අවුරුද්ද අවසානයේ පාළුවට ගොස් ඇති රජයේ අමාත්‍යාංශවල මේ දිනවල විදුලි ආලෝකයෙන් කර ඇති සැරසිලි දකින විට ඔය කියන තරම් විදුලිය අර්බුදයක් මේ රටේ නැතැයි කෙනකුට තර්ක කළ හැකිය.
ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇතැයි මේ රටේ ආණ්ඩුව ජාත්‍යන්තරයට කීවාට ආණ්ඩුව හැසිරෙන්නේ බංකොලොත් රටක් හැසිරෙන අන්දමින් නොවේ. පසුගිය දිනවල නුවරඑළිය, බදුල්ල ආදී දිස්ත්‍රික්ක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවලට රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමැතිවරු ඇතුළු මහජන නියෝජිතයන් සහභාගි වූ සුපිරි වාහන සංඛ්‍යාව දුටුවිට කෙනකුට සිතෙන්නේ ශ්‍රී ලංකාවට සෞභාග්‍යය උදා වී ඇත කියාය.