වාමාංශිකයන්ගේ අවසාන විසඳුම

මේ සමග තිබෙන සංවාදයේ ආචාර්ය සුමනසිරි ලියනගේගේ විසඳුම කියවා තේරුම් ගන්න. ආන්තික වාමාංශිකයන්ගේ න්‍යායධරයා වන සුමනසිරි යෝජනා කරන්නේ ණය ගෙවීම අවිධිමත් ලෙස පැහැරහැර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ජාතික වශයෙන් ගොඩයාමේ සැලැස්මක් සකස් කරන ලෙසයි.
මෙහි ‘ජාතික’ යන වචනය ඉතා වැදගත්ය. තනි රටක විප්ලවය සිහිගන්වන මෙය තනි රටක් ලෙස ඉතිහාසයේ ආපස්සට යාමට කරන යෝජනාවකි. කෙසේ වෙතත්, මෙය විධිමත් විසඳුම් යෝජනාවකි. අතිශය දැවැන්ත පරිවර්තනයකි. 2019දී තිබූ ජීවිතය පමණක් නොව මේ වන විට පවා අප සතුව තිබෙන ජීවිතය ද මුළුමනින්ම අතහැර දමා අලුතෙන් පටන්ගැනීමකි.
දැනට ස්ථාවරයක් නොමැතිව මඩේ හිටවපු ඉනි සේ වැනි වැනී ඉන්නා ජවිපෙ, ලාල් කාන්ත, ලියනගේ අමරකීර්ති, හරිනි අමරසූරිය වැනි අය මේ විසඳුම සම්බන්ධයෙන් දක්වන ආකල්පය වැදගත්ය. වාමාංශික පක්ෂයක් ලෙස ජවිපෙ බංකොලොත්භාවය ප්‍රකාශ කර ජාතික වශයෙන් රට ගොඩනැගීමේ මෙම මූලෝපාය පිළිගන්නවාද?
නැතිනම්, දැනට තිබෙන හොඳම විකල්පය ලෙස අප දකින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් ඔක්සේ ආර්ථිකය තිරසර සංවර්ධන මාවතට යොමු කරගන්නවාද? (මෙම රූපයේ තිබෙන අනෙකුත් අදහස් දෙක දක්වන ලක්මාලි හේමචන්ද්‍ර ගෙන එන්නේ චීන ලයින් එකකි. ගීතිකා ධර්මසිංහට නම් එහෙම අදහසක්වත් නැත.)
ඇති කිරීමට යෝජිත අන්තර්කාලීන රජයකට මේ දැවෙන ජනතා ප්‍රශ්න පිළිබඳව ඇති වැඩ පිළිවෙල කුමක්ද? අවම වශයෙන් යෝජනා කෙටුම්පතක් හෝ කවරකු විසින් හෝ ඉදිරිපත් කර තිබේද? ආණ්ඩු විරෝධය ජනතාව තුල නියමාකාරයෙන් ඇති කිරීමට නම් අවම වශයෙන් දල කෙටුම්පතක් හෝ තිබිය යුතු නෙවේද? මේ සිදු වන්නේ රජයට ජනතා කෝපය මර්ධනය කිරීමට විවෘත අවස්තාවක් සලසා දීමක් නෙවේද? මෙම අරගලය මර්ධනය කිරීමට රජය සමත් වුවහොත් නැවත මේ රට කඳුළු විලක් වනු නොඅනුමානය.
Palamuwa dhoshithayan keseaho bhanga kalayuthuya .. Eya sakshaathwanathuru siyalu yojana aruth sunya