දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

අජිත් පැරකුම් ජයසිංහ
“සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත.”
– විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස්
නූතන සමාජයේ ජීවත් වන පුරවැසියන් කියන්නේයනු දත්ත සමග ජීවත් වන ජනතාවක්. දුම්රිය කාලසටහනේ සිට, කාලගුණ තොරතුරු, වෙළඳපොළ මිළ උච්චාවචනයන් ආදී වූ දත්ත රැසක් අප එදිනෙදා භාවිතා කරනවා. ඒ අතර, කොවිඩ්-19 සම්බන්ධ දත්ත මෑත කාලයේදී ඉතා වැදගත් වුණා. අපගේ ජීවිතයට දත්ත සම්බන්ධ වන ආකාරය ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි උදාහරණයක් තමයි කොවිඩ්-19 වසංගතය සම්බන්ධ දත්ත භාවිතය.
එක්සත් ජාතීන් විසින් වසර 2030 වන විට සාක්ෂාත් කර ගැනීමට අරමුණු කරගෙන තිබෙන තිරසාර සංවර්ධන අරමුණු 17න් 17වන අරමුණ ගෝලීය හවුල්කාරිත්වයට අදාළයි. එහිදී දත්තවල වැදගත්කම විශේෂයෙන් අවධාරණය වෙනවා.
තිරසාර ඉලක්ක 17 සාක්ෂාත් කර ගැනීමේදී රටක ප්‍රතිපත්ති සහ තීරණ ඉතා වැදගත් වෙනවා. ගනු ලබන තීරණ සාක්ෂි මත පදනම් වූ විට ඒවා වඩා නිවැරදි වෙනවා. දත්ත අවශ්‍ය වන්නේ ඒකටයි. උදාහරණයක් ලෙස, කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා කුමන මට්ටමේ සමාජ සම්බාධක පැණවිය යුතුද යන්න තීරණය කිරීමේදී දත්ත ඉතා වැදගත් වෙනවා.
තිරසර සංවර්ධන අරමුණු අතර පළමු අරමුණ වන්නේ සෑම තැනක ම ඇති සෑම ආකාරයක ම දිළිඳුකම දුරලීම යි. 2012 වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව 6.7%ක් වුණා. මෙය 2006/07 වන විට 15.2%ක මට්ටමේ පැවතුණා. එහෙත්, ඒ වන විටත් දිස්ත්‍රික් හතක ම ජනතාවගෙන් 10%කට වඩා දිළින්දන් වුණා. එම දිස්ත්‍රික්ක හත වුණේ රත්නපුර, බදුල්ල, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, මොනරාගල සහ මුලතිවු.
මෙවැනි දත්ත මත පදනම්ව දරිද්‍රතාව සිතියම්ගත කර ගැනීම හා ඒ අනුව අනාගත සැලසුම් සකස් කර ගැනීමත්, ඒ සඳහා උපකාරී වන ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීමත් තිරසාර සංවර්ධන අරමුණු දිනා ගැනීම සඳහා අවශ්‍යයි.
උපදින පුද්ගල සංඛ්‍යාව හෝ ඔවුන් මරණයට පත් වන වයස හෝ තවමත් දුගී බවෙන් පෙළෙන පිරිමින්, කාන්තාවන් හෝ දරුවන් ගණන හෝ අධ්‍යාපනය ලබාදිය යුතු ළමුන් ගණන හෝ පුහුණු කළ යුතු වෛද්‍යවරුන් ගණන දැනගත හැක්කේ දත්ත මගිනුයි. දත්ත සරල විය යුතුයි. එසේ ම භාවිතය පහසු වන පරිදි ඉදිරිපත් ව්ය යුතුයි.
තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත අනුව, රටේ සාමාන්‍ය පුරවැසියන්ට ද දත්ත වෙත පිවිසීමේ හිමිකම පුළුල් වෙනවා.
ශ්‍රී ලංකාව දත්ත ත්‍රස්තවාදයක ගොදුරක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගොනු 11,000කට අධික සංඛ්‍යාවක් මකාදැමීම එම සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් සැකපිට එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු යයි කියන ප‍්‍රමෝද් දිලූප රාමනායක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්තවාදී සැකකරු පැය පහකට අධික කාලයක් ගතකරමින් මෙම දත්ත මකාදමා තිබෙන අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බවට ඔහු රඟපෑමක් කර තිබෙන බව ද, ඒ වන විට ඔහු එම ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවයට යාමට සූදානමින් සිටි බව ද අධිකරණය ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා.
මෙය යම් ඖෂධ ජාවාරමක අවශ්‍යතාව මත කළ ක්‍රියාවක් වන්නට පුළුවන්. කෙසේ වෙතත්, එය අතිශය භයානක තත්වයක්.
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අමතරව ශ්‍රී ලංකා රජයේ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය වන ICTA ආයතනය ද මෙම සයිබර් ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් වගකිව යුතුයි. මෙහි ප්‍රධාන වගඋත්තරකාර සංවිධානය වන එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනය සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි. මේ සයිබර් ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් රජය තවමත් බැරෑරුම් අන්දමින් කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ.
මෙහිදී 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 3 හා 4 වගන්ති උල්ලංඝනය කර තිබෙන බව ඉතා පැහැදිලියි. පනතේ තුන්වන වගන්තිය උල්ලංඝනය කරන වරදකරුවන්ට රු. ලක්ෂ පහක දඩයක් හා/ හෝ අවුරුදු පහක සිර දඬුවමක් ද, හතරවන වගන්තිය උල්ලංඝනය කරන වරදකරුවන්ට රු. ලක්ෂ දෙකක දඩයක් හා/ හෝ අවුරුදු පහක සිර දඬුවමක් ද පැනවිය හැකියි. එහෙත්, මේ දඬුවම් ප්‍රමාණවත් නොමැති බව දැන් පැහැදිලියි.
ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නායකයන් පවා මෙවැනි ක්‍රියා වීරකම් ලෙස සැලකීමයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවැනි මුග්ධ නායකයෙක්. ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක්කළ පාසල් සිසුවකු ඔහුගේ ඇගයීමට ලක්වුණා. එය බීබීසී නම් ජාත්‍යන්තර වෙබ් අඩවිය පවා වාර්තා කර තිබෙන මුග්ධ ආකාරය බලන්න. පරිගණකයක් තමන් විසින්ම එකලස් කරගැනීම එහි මහා වීරකමක් ලෙස හුවා දක්වා තිබෙනවා. ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක්කරන්නට හැකිවන්නට ඇත්තේම එහි තිබුණු දුර්වල ආරක්ෂාව නිසායි. මෙවැනි පරිගණක අපරාධ වීරකම් ලෙස හුවාදැක්වීම සයිබර් ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්.
ලංකාවේ සමාජය තුළ ගුවන් යානා මංකොල්ලකරුවන්, හොර සල්ලි අච්චු ගසන්නන් ආදීන් ද කලින් කල වීරයන් වූ අන්දමටම වර්තමානයේදී පරිගණක අපරාධකරුවන් ද වීරයන් සේ සැලකෙන ආකාරයක් දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය 2019 වන විට විදේශ විනිමය ඉපැයීමේ සිවුවන ප්‍රධාන මාර්ගය බවට පත්ව තිබුණු අතර ඇමරිකන් ඩොලර් මිලියන 1,200ක අපනයන ආදායමක් ඉපැයුවා. මෙම අංශය ශ්‍රී ලංකාවට බොහෝ දුර යා හැකි මාර්ගයක්. පරිගණක ඉංජිනේරුවන්, මෘදුකාංග ඉංජිනේරුවන් ආදීන් බිහිකරන විවිධාකාරයේ අධ්‍යාපන පාඨමාලා දේශීය හා විදේශීය අධ්‍යාපනික ආයතන විසින් මෙහෙයවනු ලබනවා. එහෙත්, එම පාඨමාලා හදාරන සිසුන් කෙතරම් දුරට පරිගණක හා සයිබර් අවකාශය සම්බන්ධ නීති හා ආචාරධර්ම පිළිබඳ දැනුවත් ද යන්න ගැටලු සහගතයි.
මෙම කාරණා වර්තමානය වන විට නම්, පාසල් මට්ටමේ සිටම ඉගැන්විය යුතුව තිබෙනවා.
පරිගණක අපරාධ හා සයිබර් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති යම් දුරකට ශක්තිමත් මට්ටමක තිබෙන බව පෙනෙනවා. දැනට කෙටුම්පත් මට්ටමේ ඇති සයිබර් ආරක්ෂක පනත හා දත්ත ආරක්ෂණ පනත වැනි නීති සංශෝධන මගින් මෙය තවත් ශක්තිමත් කළ යුතුයි.
Balang yanakota , minissu thama awassythaa balaa kiyaa genmata kooti ganang viyadamkota Aaanduwa pathkota , emagin Manegerla path karagenma masthabaaldu wedakne !
Manda , manegerlata , nidiyana pedurawath parissam karaganna behene .
Daththath ara makakda eka wageine .
Owwa hari watina deawal . Aaye dekak nea sahathika eththa .
Vela dige ihalata giyaama mahajanayagen padi kakaa surasepa widienno bohamei .
Mekuwai kiyana daththa makapu bawa danne ada ieeye nam , owwaye vedagathkama abhiyogayaki .
Ape Aachchi nam , nitharama Hembiliya atha gagaa balanawa eyaage thuttudekata kawruhari keliyada kiyala . Eyaata hembiliya wagema thuttudekath hariyata watinawa .
Mokada munupuraala galandayo !
Sorunta Horu yai amathiemata minisunge konda pana thibiya yuthuya .
Hey Para,
First watch this documentaries without any prejudgment….. and then try to debunk this documentaries ! -> www,plandemicseries.com
Try to debunk this documentaries and write an article without the reference of well funded mainstream media by pharmaceutical industry ( CNN, BBC, FOX, ABC, Al Jazeera, NBC, Nine Network etc. ) with lies and propaganda, copy paste local media outlets like your website and your local news networks.
Try to debunk this documentaries without the reference of well funded institutions by the pharmaceutical industry / well funded by the profit driven but act like foundations – Bill & Melinda Foundation / Gavi Foundation like WHO / UN / European Commission and NGO.
Try to debunk this documentaries without the reference of scientists that works for pharmaceutical companies.
Snippet preview on San Diego County State Of Emergency Board -> https://www.instagram.com/p/CUrRoLBDXHN/