හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළවෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු දන්දුන්බඹරුන්ටත්රොන් දන්දුන්හිස බැඳි පුන් කලස ගසාකප් රුක් කඳ කෑලි කපාඋස ළමයා අපි මැරුවාඋස හින්දා අපි මැරුවාපද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරා 2020-09-15