Photo and poem by Ajith Perakum Jayasinghe

හිස කඳ

හිස නැති මළකඳක්ය දැන්
එහා ගෙදර උස පොල් ගස
මේ කොන්ක්‍රිට් වනන්තරේ
උස යන්නට බැරි හින්දා
මරණ දඬුවමට ලක්කළ

වෙන වරදක් කිසිත් නොකළ
ගෙඩි දන්දුන්
අතු දන්දුන්
බඹරුන්ටත්
රොන් දන්දුන්

හිස බැඳි පුන් කලස ගසා‍
කප් රුක් කඳ කෑලි කපා
උස ළමයා අපි මැරුවා
උස හින්දා අපි මැරුවා

පද: අජිත් පැරකුම් ජයසිංහ
ඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරා