මුස්ලිම් කියා ජනවර්ගයක් නැහැ; ඉන්නෙ යෝනක හා මැලේ

තුවාන් නූර් රහීම්
ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට අයත් බහුතරය මිශ්‍ර දෙමළ බස මව්බස ලෙස යොදාගන්නා අතර තව කොටසක් මැලේසියානු/ඉන්දුනීසියානු භාෂාවන් ප්‍රධාන කොටගත් භාෂාවක් මව්බස ලෙස යොදා ගන්නවා. ඒ අතරම බහායි, බෝරා වැනි ව්‍යාපාරික ප්‍රජාව උර්දු හෝ පාර්සි වැනි භාෂාවක් තමයි මව්බස ලෙස යොදාගන්නේ.
මේ භාවිතා වන දෙමළ හෝ මැලේ භාෂාවන් එහි මුල් ස්වරූපයන්ගෙන් වෙනස්ව ඇත. උදාහරණ ලෙස දෙමළ බසට අරාබි වදන් ද, මැලේ බසට අරාබි හා දෙමළ වදන් ද සම්මිශ්‍රණයවී ඇත.
මූලික කාරණය නම්, මුස්ලිම් යනු ආගමික ප්‍රජාවක් (බෞද්ධ, කිතුනු වැනි) මිස වාර්ගික ප්‍රජාවක් නොවන බව ලංකාව තුළ අවබෝධයක් නැති කමයි. දෙමළ බස භාවිතා කරණුයේ යෝනක/මරක්කල (තම්බි යන පොදු වහර – MOORS) ප්‍රජාව වන අතර, මැලේ බස පරිහරණය කරනුයේ මැලේ/ජා ප්‍රජාවයි.
මුස්ලිම් යන අරාබි වදන ගොඩනැගී ඇත්තේ මු+ඉස්ලාම් හෙවත් ඉස්ලාමය පිළිපදින්නා යන අරුතින් ය. තවත් පැහැදිලි කිරීමක් නම් අරාබි බසින් ඉංජිනේරු වැඩ යනු “හන්දසාත්” වන අතර මු+හන්දසාත් හෙවත් මුහන්දිස් යනු ඉංජිනේරුවා යන්නය.
මෙම ගැටලුවට මුල යෝනක ප්‍රජාව කුමක් හෝ හේතුවක් නිසා තමුන්ගේ වාර්ගිකත්වය යෝනක (ද්‍රවිඩ බසින් නම් සෝනවන්) ලෙස ප්‍රසිද්ධියේ භාවිතා නොකර එය මුස්ලිම් ලෙස භාවිතා කිරීමයි. මෙම ලියුම්කරු මැලේ/ජා කෙනෙකු වන අතර වරක් රැකියා ස්ථානයේදී එක් යෝනක සගයෙක් මගෙන් අසා සිටියේ මට චතුර ලෙස දෙමළ කථා කරන්නට බැරිනම් මා මුස්ලිම් කෙනෙකු වන්නේ කෙසේද යන්නයි. ඔහුට මගේ සරල පිළිතුර වූයේ නබිතුමා කතා කළේ ද්‍රවිඩ බසද යන්නයි.
මෙම යථාර්තය ඔවුන් පවා නොදන්නා බව එයින් පැහැදිලි වන්නේ නැද්ද? යෝනක හා මැලේ ප්‍රජාවන් දෙක ආගමික අතින් එකක් වුව ද සංස්කෘතික අතින් වෙනස් වෙති. නමුත් කේරළයේ හෝ තමිල්නාඩුවේ මෙම ප්‍රශ්නය නැත. තමිල්නාඩුවේ නම් හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් භේදයකින් තොරව ඔවුන් සියල්ලෝම තමිල් හෙවත් ද්‍රවිඩයින් වන අතර කේරළයේ ඔවුන් සැම දෙනාම කේරළයින්/මලබාරීවරුන් වේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය මෙම වැරැද්ද නිවැරදි කිරීමට උත්සාහ ගත්මුත්, බහුතරය යෝනකවරුන් නිසා එය සාර්ථක වුනේ නැත. රවුෆ් හකීම්, හිස්බුල්ලා, මුජිබර් රහුමාන්, ෆවුසි, සහරාන්, බදියුද්දීන් මහමුද් යනු යෝනකයින් වන අතර ටී.බී.ජායා, ලතීෆ්, ආමිත් මැලේ වරුන් ය.
මේ ලිපියත් කියවන්න: ලංකාවෙ මුස්ලිම් මිනිසුන් කතා කරන භාෂාව නොදත් ළමයි >>
(Photo credit: Daily News)
Maa punchi sandhiye sita igenagath paasale vividha JANAWARGA walata ayath yai bawthiesma kanuleboo lamaiy hitiya . Ownge maw bhasaa monwada kiyala api soyanna giye neththe ewennak awassya nowuna nisaa ! Mokada api siyallata thearena baasaawen thamaiy siyalla kale . Habeiy ekineka adahana Aagam denagathe prayogikawa . Samaharunta Sikuraadata welasanin behera wennath , samaharu Xmas card apita penviemah pohoya ta bahuthara lamay banak asiemat nisaa . Namuth awenide yaalukam sandahaa agayak thibuneama neha . Dr . E.W.Adhikaaram MAHATHMAYA vidya sangamaya magin gewaa asuu kathaawa punchi sith prabodamath woowaa misa ape sith aluthen hadanna awasya wune neha. PARA kiyayana vidiyata SANHINDIYAAWA athikala hekke paasalenmaiy. AADAYA , PREMAYA wageamaiy . Balen athikaranna bea . Ibeatama siduwiya yuththak !