media cameras

ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමිතය. එහෙයින් ආණ්ඩුව කරන්නේ බොරු කීමයි. ඒ වෙනුවෙන්, කටේ තොලේ නොගෑවී අල්ලේ පැලවෙන බොරු වීදීමට දක්ෂ අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ වැනි දේශපාලන වෘත්තිකයන් මෙන්ම, වාචාලකමින් ජයගත හැකි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වාචාල පුද්ගලයන් ද සිටින එක ආණ්ඩුවට වාසියකි. එහෙත්, බොරුව තිරසර නැත. බොරුවෙන් මේ රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි වසර කීපය මේ රටේ ජනතාවට ලබාදෙනු ඇත්තේ කාලකණ්ණිකම පමණි. Continue Reading

European Union

Sri Lanka’s apparel industry accounts for 43% of the country’s total exports and generates over $ 5 billion foreign exchange. Daily FT reported in January that over 60% of exports to the EU had benefited the most through the GSP+ concession. “As of 2018 as much as 58% of all Sri Lankan exports benefit from some form of preferential access due to GSP+ and the EU remains the country’s largest export market. Since the resumption of GSP+ concessions in 2017, the value of Sri Lanka’s total exports to the EU market in 2018 recorded a growth of 5% when compared to 2017. As a result, Sri Lanka’s GSP+ utilised exports recorded a year-on-year recorded a growth of 1% in 2018.Continue Reading

presenting budget 2021

අයවැය යෝජනාවල තියෙන ඇත්තෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකි එකම දෙය වන්නේ රු. බිලියන 2,900ක ඉහළ සීමාවකට යටත්ව රජය ණය ගැනීමයි. 2020 වසරේද රජය රු. බිලියන 2,650ක් ණය ගත්තේය. 2021 වසරේ ගන්නට යන ණය ප්‍රමාණය අයවැය පරතරය මෙන් දෙගුණයකට ආසන්න ණය ප්‍රමාණයකි. එසේ ණයට ගන්නා මුදල්වලින් කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය. Continue Reading

Gotabaya on wall

පන්සල් ගිය පමණින් ඉල්ලාගෙන දමාගත් උරචක්‍රමාලයෙන් ගැලවිය නොහැකිය. ආණ්ඩුවේ සියලු දේශපාලකයන්ගේ, විපක්ෂයේ, රාජ්‍ය නිලධාරීන්ගේ හා සේවකයන්ගේ, පෞද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානවල හා පුරවැසියන්ගේ සහයෝගය බලමුළුගන්වාගන්නට ජනාධිපතිවරයා මුලපිරිය යුතුය. යාහැකි වෙනත් මාර්ගයක් නැත. Continue Reading

Sri Lanka cabinet

අජිත් පැරකුම් ජයසිංහ නිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 27 සිට දෙසැම්බර් මැදභාගය දක්වා පැවැත්වේ. විස්තර මෙතැනින් Read Lanka Memo>> අලුත් සාමාන්‍ය තත්වයට ගැලපෙන පරිදි රජය ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසා තිබේ. ඒContinue Reading

President Gotabaya

බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය. කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත. දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත. Continue Reading

Rohan Samarajiva

ඉන්දියාව එක්සත් ජනපද මූලෝපායේ වැදගත් අවධානයක් වේවි. බොහෝ අවස්ථාවලදී, ශ්‍රී ලංකාවට සිදුවන්නේ ඉන්දියාව හා චීනය සම්බන්ධ වඩා පුළුල් මූලෝපායන් සමග අනුගත වන්නටයි. ලෝකයේ අනෙක් පැත්තේ තිබෙන කුඩා රටක් වන ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව හසුරුවන රටවලට ඉහළ ප්‍රමුඛතාවක් වනු ඇතැයි සිතීම ටිකක් යථාර්ථවාදී නැහැ. Continue Reading

Gotabaya Rajapaksa

ජනාධිපතිතුමා කියන දෙය හරියට හරිය. රජයේ සේවකයන්ට හා වර්ක් ෆ්‍රොම් හෝම් කළ හැකි පෞද්ගලික අංශයේ සේවකයන්ට ප්‍රශ්නයක් නැත. එහෙත්, දෛනික ආදායම් උපදවන අවිධිමත් අංශයේ කම්කරුවන්ට, පෞද්ගලික අංශයට, ස්වයං රැකියා කරන අයට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ඇඳිරි නීති මැද පැවැත්මක් නැත. මේ කියන පිරිසගේ ජීවිත, ජීවනෝපාය, ව්‍යාපාර, පෝෂණය, සෞඛ්‍යාරක්ෂාව කඩාවැටුණහොත් රටත් බිඳවැටේ. අර ගෙදර ඉඳන් මාසෙ අන්තිමට පඩිය අතට ගන්නට පුළුවන් රජයේ සේවකයන්ටද කෙළ වේ. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මෙම අවසානාවන්ත කාලයේ ඉදිරි වසර කීපය තුළ රට ඉදිරියට ගෙන යාම කෙසේ වෙතත්, පවත්වාගෙන යාම සඳහා ඔවුන්ට අපගේ සහයෝගය ලබාදිය යුතු ය. වෛද්‍ය වැනි හේතුවක් පෙරට දමා බලය අතහැර පළා යන්නට නායකයන් පෙළඹෙන තරමේ අසහනකාරී අර්බුදයක් මැද සිටින පාලකයන් රැකගත යුතුව ඇත්තේ අන් හේතුවක් නිසා නොවේ. පාලකයන් මාරු කිරීම තේරුමක් නැත. කවුරු ආවත් මෙම වසර කීපය තුළ කළ හැකි දේ අවම ය. පොර කා අවාසනාව වැළඳගත් පාලකයන්ට ගත්තා නම් කරගන්නට ඉඩ දීම පුරවැසියන් ලෙස අපගේ වගකීම ය. Continue Reading