principals of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන් කියන්නෙ රජයේ පංගුකාරයන්. පංගුවෙ විවිධ ප්‍රමාණ තිබෙන්න පුළුවන්. ඒ වුණාට, රජයේ ආදායමෙන් 80%ක් යන්නෙ ඔවුන්ට වැටුප් ගෙවන්න. වැටුප්වලට අමතරව, ඔවුන් පුහුණු කරන්න, විදේශ ශිෂ්‍යත්ව දෙන්න, වෙනත් වරප්‍රසාද දෙන්න, ඔවුන්ගෙ කාර්යාල සුවපහසු අන්දමින් පවත්වාගන්න වගේ දේවලට වැයවන අතිවිශාල මහජන මුදලත් එක්ක බැලුවොත්, රජයේ ආදායමෙන් 90%ක් විතරContinue Reading

Diyawanna oya

ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය ආර්ථික අර්බුදයකට සීමාකර දකින්නට බොහෝදෙනෙකු කැමති බවක් දක්නට ලැබේ. එහෙත්, එය ආර්ථික අර්බුදය නිසා කැපීපෙනෙන දරුණු සමාජ, දේශපාලනික හා සංස්කෘතික අර්බුදයකි. මා එසේ කියන්නේ ඇයි?Continue Reading

Gota waving

හේතුව සරලයි. ප්‍රජාතන්ත්‍රවාදය තමයි මේ වෙලාවෙ විපක්ෂයට ගේම දෙන්න පුළුවන් නියම ආයුදේ. විපක්ෂය මර්දනය කරන්න ගියොත් පොදු අපේක්ෂකයෙක් එන්න පුළුවන්. ඉදිරි මැතිවරණයකදී සජිත්, චම්පික, අනුර, රනිල් වෙනම ඉල්ලුවොත් රාජපක්ෂලා ගොඩ. මේ උපායමාර්ගය ඇතුළෙ ඉදිරි කාලයේදී චම්පිකගෙ නඩු වුණත් විසඳෙන්න පුළුවන්.Continue Reading

blood in hand

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතහි තිබෙන අඩුපාඩු මගහැරීමට යෝජිත සංශෝධන අසමත් බව සිවිල් සංවිධාන පෙන්වා දෙති. ඒ වෙනුවට යෝජනා කරනු ලබන්නේ දැනටත් පවතින, එහෙත්, බොහෝවිට උල්ලංඝනය වන බව පෙනෙන වෙනස්කම්ය. එසේ නැතහොත්, පවත්නා තත්වය ප්‍රමාණවත් අන්දමින් හෝ අර්ථවත් ලෙස හෝ වෙනස් කිරීමට ඉවහල් නොවන නොගැඹුරු වෙනස්කම්ය. ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාද දරන්නන් ප්‍රතිරැඩිකල්කරණය සඳහා වන රෙගුලාසි නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් පිළිබඳ ගැටලු මතුවේ.Continue Reading

Vijaya Kumarathunga

විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහ යන දෙදෙනාම මට හමු වී තිබේ. ලයනල් රණසිංහ මට මුලින්ම හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දීය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියාය.Continue Reading

chamuditha Samarawickrama

මාධ්‍යවේදීන්ට අසූචිවලින් පහරදෙන තත්වයක් රටේ තියෙනවා නම්, ඒක ගැන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සංවිධානවලට පැති ගණනාවකින් හිතන්නට සිදුවෙන බවත් මාධ්‍යවේදීන්ට කිව යුතුයි. ප්‍රකාශනයේ නිදහස කියන්නේ වල්බූරු නිදහසක් නොවන බව මාධ්‍යවේදීන් දැනගත යුතුයි. මාධ්‍ය නිසා අගතියට පත්වන පාර්ශ්ව හෝ ආණ්ඩුව හෝ නීතිය අතට ගෙන ප්‍රචණ්ඩත්වයට යොමුවෙනවා නම්, එතැන ප්‍රකාශනයේ නිදහසට බරපතල අභියෝගයක් තිබෙන බවත් කිව යුතුයි. Continue Reading

media cameras

නියාමනය මගින් බෙන්ච්මාක් කිරීමක් හෙවත් සංසන්දනය සඳහා ප්‍රමිතියක් නිර්මාණය කළ හැකියි. උදාහරණයක් විදියට රජයට පුළුවන් තමන්ගේ මාධ්‍ය ආයතනවලින් මේ සැසඳුම් නියාමනය ආරම්භ කරන්නට. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නියාමනය කිරීමට නීති සම්පාදනය කිරීමත් එක්කම, දැන්වීම් පළකිරීම නියාමනය කිරීමටත් ඒ නීති අදාළ කරනවා නම්, මාධ්‍ය නියාමනයට එය උත්ප්‍රේරකයක් විය හැකියි. Continue Reading

health workers' strike in Sri Lanka

රාජ්‍ය සේවකයන්ගේ නිමක් නොමැති වැටුප් විෂමතා අරගල අවසන් කළ යුතුය. රාජ්‍ය සේවයේ සියලු පිළිගත් වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් රාජ්‍ය වැටුප් ප්‍රතිව්‍යූහගත කිරීමේ උපදෙස් විමසීම් පවත්වා, විෂමතා අවම වන ක්‍රමයක් යටතේ රාජ්‍ය සේවා වැටුප් තල ප්‍රතිව්‍යූහගත කළ යුතුය. එහිදී රාජ්‍ය පරිපාලන සේවය, රජයේ වෛද්‍ය නිලධාරීන් වැනි අයට හැන්ද අතට ගැනීමට දුන්නොත් එතනින්ම වැඩේ ගැස්සෙන්නට ද ඉඩ තිබේ. රාජ්‍ය සේවකයන් තවදුරටත් මේ රටේ ජනතා බදු මුදල් සූරාකා ජනතාව පෙළන බලවේගයක් බවට පත් නොකර, ඵලදායී සේවාවක් ඉටුකරන කාර්යක්ෂම මහජන සේවකයන් පිරිසක් බවට පත්කිරීමට යම් ආණ්ඩුවක් කටයුතු කරන්නේ ද එම ආණ්ඩුව විප්ලවීය ආණ්ඩුවකි. රාජ්‍ය සේවය වෙනුවට ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතුය. සරලව කිවහොත්, මොනවා හෝ නිෂ්පාදනය නොකර අපට අනාගතයක් නැත.Continue Reading

Sri Lanka Podujana Peramuna

ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍යය. ඒ සඳහා අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත් වේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුව නරක කැත. විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීම ද ඉතා වැදගත්ය. Continue Reading

Over garlanding politicians

ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ කිසිදු දේශපාලකයකු අනවශ්‍ය උත්සවශ්‍රීයකාරකයකු බවට පත්කරන්නට පුරවැසියන් කටයුතු කළ යුතු නැත. පුරවැසියන් වන අප ඔවුන් විසින් සංවිධානය කරගන්නා උත්සවශ්‍රීයන්ට කිසිසේත් සහභාගී නොවිය යුතුය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ නාලක ගොඩහේවාට බස් මගීන් ප්‍රතිචාර දැක්වූ ආකාරයටය. Continue Reading