1. PTA අහෝසි කරන්නය කියන අය. ඒක වෙන දෙයක් නො වන බව ඔවුන් හොඳටම දන්න නිසා, ඔවුන් ඇත්තටම ප්‍රායෝගිකව කරන්නෙ PTA එහෙමම තියා ගන්නට කැම්පේන් එකක්. ඔවුන් හිතන්නේ ඔවුන්ට PTA මගින් කරදරයක් වෙන එකක් නැහැ කියලායි. ඔවුන්ට PTA වින්දිතයන්ට වඩා වැදගත් තමන්. ඒ කියන්නේ ලෝකෙ හොඳම ස්ථාවරය තිබෙන්නෙ තමන්ටය කියන එක තමයි ඔවුන්ට වැදගත්. ඒ නිසා ඔවුන් තමන්ගෙ ස්ථාවරය වෙනස් කරන්නෙ නැහැ. PTA සදා කල් පවතිනවා.

Creative Content Consultants
Call 077 1734470 / 077 1229191

2. අනෙක් පිරිස තමයි, ආණ්ඩුව ගෙනත් තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත හෙවත් PSTA වෙනුවෙන් පෙනී සිටින පිරිස. ඔවුන් හිතන්නේ මේ තමයි, ලෝක විනාශයට පෙර බිහි වුණ අවසාන රාජ්‍යය, ඒ රාජ්‍යයට විරුද්ධ සියලු දෙනා මර්දනය කිරීම සඳහා අවශ්‍ය නීති හදන්නට ඕනැ, ඒ නිසා අන්‍රයියා කියනව නම් පිදුරු වුණත් අපි කන්නම් කියලා තමයි ඔවුන් හිතන්නෙ.

ඒ අතරෙ PTA අහෝසි කරන්න ඔබට සැබැවින්ම ඕනැ නම්, කළ යුතුව තිබෙන්නේ PSTA මානව හිමිකම්වලට  හා ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව සංශෝධනය කරන්නය කියලා උද්ඝෝෂණය කරන එක.

උදාහරණයක් ලෙස, “දේශපාලනිකව පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරයකු නිකුත් කරන රැඳවුම් නියෝගයක් අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවම වශයෙන් එක් විනිසුරුවරයකුට — වඩාත් සුදුසු වන්නේ මහාධිකරණ විනිසුරුවරයකුට — බලය පැවරෙන පරිදි පනතේ 26(3) වගන්තිය සංශෝධනය කළ යුතුය. එසේම, ස්වාධීන සමාලෝචන කමිටුව විසින් ගනු ලබන තීරණ අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු වන අතර, අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඒවා වෙනස් කළ නොහැකි වන පරිදි පනතේ 30(8) වගන්තිය සංශෝධනය කළ යුතුය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *