Sri Lanka police

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා. එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා. Continue Reading

violence against men

Right to Life මානව හිමිකම් මධ්‍යස්ථානයේ ‘පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුව ගැලවුණ අයට සහාය: වෘත්තිකයන්ට මාර්ගෝපදේශයක්’ වාර්තාව ඇසුරෙනි. පුරුෂ ලිංගික ප්‍රචණ්ඩත්වයෙහි පැවැත්ම ශ්‍රී ලංකාවේ බොහෝ විට සැලකිල්ලට නොගන්නා වූ හඳුනා නොගත් ප්‍රශ්නයකි. එසේ හඳුනා නොගැනීම එයට ගොදුරුව ගැලවුණ අයට ප්‍රමාණවත් සහාය සහ සේවා අවම වීමට දායක වන හේතුවකි. ශ්‍රී ලංකාවේ පිරිමින්ටContinue Reading

Sri Lanka Burqa

මෙම පසුබිම තුළ හදිසියේ ගෙන ආ බුර්කා තහනම විමර්ශනයේ අඩුලුහුඬුකම් වෙතින් අවධානය වෙනතකට යොමුකිරීමට සහ ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ජාතිකයන්ගෙන්, විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් පළිගැනීම මගින් වෙනත් ආකාරයක තෘප්තියක් තම අනුගාමිකයන්ට ලබාදීම ඉලක්ක කර ඇති බවට අනුමාන කළ හැකිය. Continue Reading

Migrant workers

බහුතරය ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලාංකික කාන්තාවන් 41දෙනෙකු (ඊට වැඩි විය හැකිය) රටින් පිටකිරීම සඳහා බලහත්කාරයෙන් සවුදි අරාබියේ රියාද්හි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය පවසයි.Continue Reading

කිසියම් හේතුවක් නිසා අප ඉපදුණු, අප විසින්ම පත්කරගෙන තිබෙන දේශපාලකයන් හා නිලධාරීන් නිසා අපායක් වී තිබෙන ශ්‍රී ලංකාවේ ජීවත් වීමට කිසිවකු ඇකැමැති නම්, සංක්‍රමණය සඳහා තෝරාගත යුත්තේ ලංකාවේ ජීවත් වන්නට තීරණය කර තිබෙන පිරිස්වලට තර්ජනයක් නොවන ක්‍රමයකි. මොකක් හෝ වෙබ් අඩවියක් අටවාගෙන එහි ඕපාදූප ඇදබා කාගෙන් හෝ තර්ජනයක් ලබාගෙන හෝ එහෙම නැතිනම්, තර්ජනයක් කෘත්‍රිමව නිර්මාණය කරගෙන දේශපාලන රැකවරණ ඉල්ලා විදේශගතවීමේ කුමන්ත්‍රණ කිසිවකු විසින් නොකළ යුතුව තිබේ.Continue Reading

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.Continue Reading

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පහළ හිරිපිටිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවසක් හා වීමෝලක් ඉවත් කිරීමට නිලධාරීන් උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුමක් ඊයේ සිරස ප්‍රවෘත්තිවල පෙන්නුවා. එම ප්‍රවෘත්තියෙන් අපට සම්පූර්ණ කතාව දැනගන්නට හැකියාවක් නැහැ. එහෙත්, එය ඉතා වැදගත් නාට්‍යමය ජවනිකාවක්. එම ගැටුම සංවර්ධනය, රජයේ සේවය හා ජනතාContinue Reading

Lawyer assaulted in Sri Lanka

චෝදනාවක් ඔප්පු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. චෝදනා එල්ල කරන පොලිසිය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු. අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී විත්තිකරුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත. Continue Reading

Covid-19 Funeral

2009දී අවසන් වූ යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් 12 වසරකට පසුව පවා තවමත් ආණ්ඩුව කියන්නේ තමන්ට ඒවා අභ්‍යන්තරව විසඳාගත හැකි බවයි. එහෙත්, රටේ ජනතාවගේ සංස්කෘතික ප්‍රශ්නයක් වූ කොවිඩ් මළසිරුරු බලෙන් ආදාහනය කිරීම නම් ප්‍රශ්නයවත් ජාත්‍යන්තර බලපෑමකින් තොරව විසඳාගැනීමට ආණ්ඩුවට බැරිවුණා නේද?Continue Reading

black balloons at Sri Lanka High Commission in UK

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරය 2021 පෙබරවාරි 22දා ආරම්භ විය. ඒ නිමිති කරගෙන ලන්ඩනයේ දෙමළ ක්‍රියාකාරිකයන් විසින් දියත් කරන ලද කළු බැලුන් විරෝධතාවක ඡායාරූප කිහිපයක් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියෙහි පළ කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රචාරණ පාඨය වන So Sri Lanka අනුකරණය කරමින් සකස්කරන ලද I am SriContinue Reading