ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට; රටට ගැලපෙන සීමා

මෙම තත්වය තුළ බොරු සෝබන අතහැරලා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිපත්තිය අමුවෙන් මෙහෙම කියමු. “නාකි හා ලෙඩ්ඩු මැරෙන්න ඇර ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට යමු.” මේකෙ කිසිම නරකක් නැහැ. ශ්‍රී ලංකාව වගේ පසුපසට ගමන් කරන රටකට ඒ ගමන වළක්වාගැනීමට හා රට ඉදිරියට චලනය වීමට යොමු කරගැනීම සඳහා මේ උපායමාර්ගය සාධාරණ එකක්.

News Detail

දිනෙන් දින සාමාන්‍යකරණය වන කොවිඩ්-19

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2016 වසරේ ශ්‍රී ලංකාවේ මරණ 143,000ක් සිදුවී තිබෙනවා එම මරණ අතරින් 83%කට කුමක් හෝ බෝ නොවන රෝගයක් සම්බන්ධයි. 34%ක් හෘද රෝග, 14%ක් පිළිකා, 8%ක් නිදන්ගත ශ්වසන රෝග, 9%ක් දියවැඩියාව. 10%ක් මියයන්නේ තුවාලවලින්. බෝවන රෝගවලින් සිදුවන මරණ 8%ටත් අඩුයි.

News Detail

කළු දිලීර රෝගය හෙවත් මියුකොමයිකොසිස් ගැන විද්‍යාත්මක කරුණු

මියුකොමයිකොසිස් යනු දිලීර ආසාදන සමූහයකි. දිලීරවලට අප සාමාන්‍යයෙන් කියන්නේ පුස් කියාය. කළු දිලීර රෝගය මගින් මිනිසුන්ට ජීවිත තර්ජන පවා ඇති වේ. එය ඇති වන්නේ පරිසරයේ ඉතා සුලබව හමුවන දිලීර විශේෂ මගිනි. ආශ්වාසය මගින් ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වී කෝටර හෝ පෙනහලු ආසාදනය කළ හැකිය.

News Detail

ලංකාවට වෙන්නෙ මොකක්ද?

ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වසංගතයේ තුන්වන රැල්ලක් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එයට ගොදුරු වූ නවතම හා ප්‍රසිද්ධම පුද්ගලයන් වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳ ජලනිය. මේ

News Detail

කොවිඩ් රෝගීන් ගෙදරදී බලාගන්නා හැටි

බොහෝ කෝවිඩ්-19 ආසාදන ඉතා මෘදු ඒවායි. එබැවින් ඒවා නිවසේදීම කළමනාකරණය කරගත හැකියි. ඔබ කෝවිඩ්-19 ආසාදිත පුද්ගලයකු ළඟින් ඇසුරු කළාද? ඔබට රෝග ලක්ෂණ තිබේ ද? ගෙදර සිට රෝගය කළමනාකරණය කරගන්නේ කෙසේද? රෝහල්ගත විය යුත්තේ කුමන අවස්ථාවකදී ද?

News Detail

හෙද සේවයේ කාන්තා ආධිපත්‍යය අහෝසි කරනු!

ජාත්‍යන්තර වශයෙන් දියුණු සේවාවක් වන හෙද සේවය ශ්‍රී ලංකාවේ ද දියුණු තත්වයකට ගෙනඒම සඳහා මෙම ස්ත්‍රී ආධිපත්‍යය වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මුල් පියවරක් ලෙස බඳවාගැනීම් සිදුකිරීමේදී පිරිමින්ට තිබෙන අවස්ථා වැඩිකළ යුතු අතර පිරිමින් මෙම සේවාවට ඇතුළත් වීම දිරිගැන්විය යුතුය.

News Detail

නාකින්ට මැරෙන්න අරින ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය

මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.

News Detail

ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම විසාලා මහනුවරක් වන පෙරනිමිත්තක්

එන්නත ලබාදීම දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමකි.

News Detail

සබන් යොදා දෑත් සේදීම මේ තරම් වැදගත් ඇයි?

ඇතැමුන් බොහෝ වෙලාවක් එකම අත්වැසුම් පාවිච්චි කරමින් සිටින ආකාරය ඔබ දැක ඇති. ඒ අත්වැසුම්වල ඉතා පහසුවෙන් වයිරසය ඇලෙනවා. ඒවා තව තව පෘෂ්ඨවලත් තැවරෙනවා. මුදල්, මේස, කවුන්ටර, පරිගණක යතුරු පුවරු, ජංගම දුරකථන ආදී හැම තැනකම වයිරසය තිබෙන්නට පුළුවන්. අත්වැසුම් දමාගෙන මේවා අල්ලන අය ඒ අත්වැසුම් පිටින්ම මුහුණු ආවරණය අල්ලනවා ඔබ දැක ඇති. අත්වැසුම් යනු පාවිච්චි කර වහා බැහැර කළ යුතු දෙයක් මිසක් බොහෝ වෙලාවක් පැළඳ සිටින්නට සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ දෑත් පිරිසිදු කරගැනීමයි.

News Detail

කෝවිඩ්-19 හමුවේ දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.

News Detail