police checkpoint

2021 අගෝස්තු 26දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් රැස්වූ කොවිඩ්-19 තත්වය හා ඉදිරිමග පිළිබඳ හයවන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කණ්ඩායමේ රැස්වීම හරහා ඇඳිරි නීතිය ඔක්තෝබර් 2දා දක්වා දීර්ඝ කිරීමට නිර්දේශ ඉදිරිපත් කර තිබේ. දැඩි ක්‍රියාමාර්ග අඩු වශයෙන් සැප්තැම්බර් 18දා දක්වා හෝ දීර්ඝ කළ යුතු බව ඔවුහු පවසති.Continue Reading

COVID-19-vaccine

කොවිඩ්-19 වයිරසයේ ප්‍රමුඛතම ස්වරූපය බවට පත්වී තිබෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව 91% සිට 66% දක්වා පහත වැටී තිබෙන බව එක්සත් ජනපදයේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. Continue Reading

Ajith Perakum Jayasinghe in cartoon

කොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.Continue Reading

blood in hand

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි. Continue Reading

Gotabaya on wall

ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව ද අද එවැන්නක් සිදුවිය හැකිය. එයට හේතුව, දුරදිග බලන්නට අවශ්‍ය දැක්වක් ජනාධිපතිගේ සිට පහළට පාලකයන් කිසිවකුට නැතිකමයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් අප මෙම වෙබ් අඩවියේ අවුරුදු එකහමාරක පමණ සිට ලියා ඇති ලිපිContinue Reading

police checkpoint

උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි විවිධාකාර සංවිධාන හා පුද්ගලයන් විසින් උපදෙස් දෙනු දැකිය හැකිය. ඒ පිළිබඳ උපදෙස් දෙන්නට දැනුමක් අපට නැත. පුරවැසියකු ලෙස යම් නිරීක්ෂණ කිහිපයක් නම් කළ හැකිය. රට වසන්නට උපදෙස් දෙන එක් බලවේගයක්Continue Reading

Sri Lanka Army vaccination centre

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.Continue Reading

Dilan Perera

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. Continue Reading

teacher agitation Sri Lanka

මේ දිනවල දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පැවැත්වේ. මෙම උද්ඝෝෂණ මගින් කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙන බව ආණ්ඩුවේ හිතවත් පාර්ශ්ව විසින් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබේ. සිදුවන කොරෝනා මරණවලින් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි අය බව ද, එසේම විවිධ රෝගවලින් පෙළෙන අය බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය සමන්ත හේරත්Continue Reading

Health Promotion Bureau

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නත් ලක්ෂ 14.5ක් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ. එම එන්නත් හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ සමගම, ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන, දෙවෙනි මාත්‍රාව නොමැතිව මාස ගණනක් බලාසිටින ජනතාවට සිය දෙවෙනි මාත්‍රාව ලබාගැනීමට හැකිවනු ඇත. Continue Reading