invest

තරගකාරී ආසියානු ආර්ථිකයන් ආයෝජන සුරක්ෂිත කර ගැනීමට සහ වෙළෙඳ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ආක්‍රමණශීලී ලෙස කටයුතු කරමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාවේ වෙළෙඳ, අපනයන සහ විදේශ සෘජු ආයෝජන (FDI) න්‍යායපත්‍රය අපේක්ෂාවන්, හදිසිභාවය සහ උපායමාර්ගික සම්බන්ධීකරණය නොමැතිකමෙන් දුබල වී ඇති බව, ආර්ථික ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලයක් වන Centre for a Smart Future (CSF) ඊයේ අනතුරු ඇඟවීය.Continue Reading

Downward trending financial graph with Indian rupee coins falling off

මෑතකදී ශ්‍රී ලංකා රුපියල (LKR) සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම, 2022 වසරේ අප මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයේ මතකයන් නැවතත් අවදි කර තිබේ. වසර තුනකට අධික කාලයක් ස්ථාවරව පැවති රුපියල, 2026 වසරේ මේ දක්වා පමණක් 5% කට වඩා වැඩි අගයකින් පහත වැටී ඇත. මහ බැංකුව පවසන පරිදි මෙයට ප්‍රධාන හේතුව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම වැනි ගෝලීය ප්‍රවණතාවල බලපෑම වුවත්, දේශීය වශයෙන් මෙයින් එල්ල වන බලපෑම සුළුපටු නොවේ.Continue Reading

Rs. 2000

මෑතකාලීනව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යළිත් වේගයෙන් අවප්‍රමාණ වීම (පිරිහීම) බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ මාතෘකාවකි. මැදපෙරදිග අර්බුද හෝ වෙනත් ගෝලීය තත්ත්වයන් මීට හේතුව ලෙස ඇතැමුන් සිතුව ද, ඇඩ්වොකාටා (Advocata) ආයතනයේ ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මීට ප්‍රධාන හේතුව දේශීය මූල්‍ය පද්ධතිය තුළ සිදුවන ක්‍රියාවලියක් බවයි.Continue Reading

රජය ගෙන ඒමට සූදානම් වන 2026 දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව මේ දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ශිරාල් ලක්තිලක සහ “දිනන දකුණ” සාමූහිකය පෙන්වා දෙන පරිදි, මෙමගින් මෙතෙක් පැවති සාධාරණ බදු පද්ධතිය වෙනුවට, පුරවැසියා අපරාධකරුවෙකු බවට පත්කරන අතිශය භයානක “දණ්ඩනීය යාන්ත්‍රණයක්” හඳුන්වා දීමට රජය උත්සාහ කරමින් සිටී.Continue Reading

central bank

දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය අමු අමුවේ ඝාතනය කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය අංශය මේ වන විට සිය ඉතිහාසයේ අඳුරුතම මෙන්ම භයානකම අර්බුදයකට මුහුණ දෙමින් සිටී. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන තුළින් නිතිපතා අසන්නට ලැබෙන මහා පරිමාණ සංවිධානාත්මක මූල්‍ය අපරාධ මගින් රටේ සමස්ත නියාමන පද්ධතියේම නිරුවත හෙළිදරව් කර ඇත.Continue Reading

වර්තමාන යුද සංදර්භය සහ ගෝලීය අර්බුද හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරියේදී දිළිඳුකම තවදුරටත් වැඩි වීමට පවා ඉඩ තිබේ. එබැවින් දිළිඳුභාවයට එරෙහි සටන වෙනදාට වඩා තීව්‍ර කළ යුතු යුගයක් උදා වී ඇත. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ඓතිහාසික හා බරපතළ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට සමාජ දේහය පුරා දිළිඳුභාවය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, හුදු සහනාධාර බෙදාදීමේ යල්පැනගිය ආකෘතිවලින් ඔබ්බට ගිය තිරසර විසඳුමක අවශ්‍යතාව සිවිල් සමාජය විසින් දැඩිව මතු කරන ලදි. විශේෂයෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සමග එක්ව, අපි මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කළෙමු. නව සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙස ‘අස්වැසුම’ හඳුන්වා දෙන සමයේදී, දිළිඳුභාවය පිටුදැකීමේ වැඩසටහන් පිළිබඳ පුළුල් පදනම් අධ්‍යයනයක් (Baseline Study) සිදු කරමින් මේ පිළිබඳ කතිකාවක් සමාජගත කිරීමට අපි උත්සාහ කළෙමු.Continue Reading

debt cut

2025 නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට බලපෑ ‘ඩිට්වා’ (Ditwa) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත මනුෂ්‍ය ජීවිත හා දේපළ හානිය හමුවේ, මෙරට විදේශ ණය වහාම කපා හරින ලෙස (Debt Cut) ජෝසෆ් ස්ටිග්ලිට්ස් සහ ජයති ඝෝෂ් ඇතුළු ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් 121 දෙනෙකු කළ යෝජනාව දැන් සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ. Continue Reading

සුනිල් හඳුන්නෙත්ති මහතා දුන් කෝල් එකක් ගැන ආන්දෝලනයක් තියෙනවානෙ. රුවන් අසුරමුනි කියල මානව හිමිකම් සංවිධානයක සභාපති කෙනෙකු ඉන්දියාවෙන් ආනයනය කරපු කන්ටේනර් පහක කිලෝ 130,000ක හාල් වගයක් කිලෝවකට රු. 65 බැගින් වූ තීරු බදු නොගෙවා නිදහස් කරගැනීමට හඳුන්නෙත්ති ඇමතිතුමා මැදිහත් වූ බව තමයි කියන්නෙ. Continue Reading

Public Servant cartoon

ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය.Continue Reading

central bank

කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ අපේක්ෂිත ප්‍රමාණයට සංචිත වර්ධනය වී නොමැති බවයි. අපනයන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වී තිබීම ද මේ තත්ත්වය තවදුරටත් තහවුරු කරයි. උදාහරණයක් ලෙස, 2025 වසරේ මුල් භාගයේදී පමණක් අපනයන සහ සේවා ආදායම ඩොලර් බිලියන 8.3ක් පමණ වූ බව ගණන් බලා ඇත. එසේ නම්, මෙලෙස විදේශ විනිමය රට තුළට ගලා එද්දීත්, සංචිත වර්ධනයට බාධා කරන්නේ කුමක්ද?Continue Reading