Invest Sri Lanka 2021

2021 Invest Sri Lanka සමුළුවෙහි සන්නාම පාඨය වන්නේ Asia’s Next Growth Haven හෙවත් ආසියාවේ මීළඟ වර්ධන ක්ෂේම භූමිය යන්නයි. එය ඉතා උන්නතිකාමී සිහිනයකි. ඒ සඳහා විභවයක් ද ශ්‍රී ලංකාවට තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වෙන යන්නට පාරක් නැති බව ද පුරවැසියන් අවබෝධ කරගැනීම අවශ්‍යය. Continue Reading

court

යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීම යයි කියමනක් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මූලික හිමිකම් සම්බන්ධයෙන් අධිකරණයෙන් විසඳුම් ලබාගත හැකි තත්වයක් තිබේ යයි කිව හැකිද?Continue Reading

oil palm cultivation in Matugama

අජිත් පැරකුම් ජයසිංහ රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු. නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ දැනුම මත පදනම් වී මිස ඕපාදූප මත පදනම් වී නොවේ. අපට කටුපොල් සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් හෝ විරෝධයක් හෝ නැත. කෙසේ වෙතත්, 1960 දශකයේ පමණ සිට ලංකාවේ කටුපොල් වගාව ව්‍යාප්ත වෙමින්Continue Reading

Colombo Port City

අජිත් පැරකුම් ජයසිංහ පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි. “නොබැදි පිළිවෙත, ජාතික ස්වෛරීභාවය යනු අතීතයට අයත් දේ ය. ප්‍රායෝගික වන්නේ වඩාත් වාසි බලවතකුගේ අනුහස් කලාපයContinue Reading

micro credit

අජිත් පැරකුම් ජයසිංහ අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත් වීමට අවශ්‍ය කරුණු හතරක් එහි ඇතුළත් වෙනවා. අණන සුඛ එයින් එකක්. ඒ කියන්නේ ණයකරුවකු නොවීම නිසා සිතේ ඇතිවන සතුටයි. වර්තමාන සමාජයේ අපට අණන සුඛය පූර්ණව විඳින්නට අමාරුයි. අණන සුඛය විඳින්නටContinue Reading

Prof. Rohan Samarajiva

අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.Continue Reading

Southern expressway

2 කොටස: එන්නත, භූගත ජලය, පොදු ප්‍රවාහනය හා තැපැල් සේවා යනාදිය (1 කොටස මෙතැනින්>>, 2 කොටස මෙතැනින්>>) රොහාන් සමරජීව වර්තමානයේ, ශ්‍රී ලංකා රාජ්‍යය බොහෝ දේ නරක ලෙස කරයි. ශක්තිමත් මහජන සෞඛ්‍ය පද්ධතියක් තිබියදී පවා, පිළිවෙලකට එන්නත ලබාදීම සඳහා සූදානම් වන්නට මාස ගණනක් ලැබී තිබුණත්, එන්නත පිළිවෙලකට ලබාදීමට රජය අසමත් වී තිබේ.Continue Reading

Sugar fraud of Sri Lanka, cartoon by Ajith Perakum Jayasinghe

වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය. Continue Reading

myths about locally produced Sri Lankan flag

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.Continue Reading

Rohan Samarajiva

රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි. Continue Reading