කොමියුනිස්ට් පක්ෂ තුළ මිනිස් සම්බන්ධකම් ගැන චිත්‍රපටියක්
අජිත් පැරකුම් ජයසිංහ Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන අත්දැකීම්. 1934දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ සර්ජි කිරොව් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 1936-38 සමයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝසප් ස්ටාලින්ගේContinue Reading
ජාතික ප්‍රාර්ථනා
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද දේශපාලන උපහාස කවියකි.Continue Reading
ඉතිහාස ඒබීසී මතින් කතා කාපට් ඇතිරූ සේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’
සේපාලි මායාදුන්නේ දෑවාන නවකතාවෙන් කර තිබෙන්නේ ඇය අභයගිරිය හා මහා විහාරය ගැන හැදෑරූ රළු කරුණු සම්භාරය මතින් ගලා යන අපූරු කතා සාරයක රසයකින් බිම සම කර මනරම් නවකතාවක් නිර්මාණය කිරීම නොවේ. ඇය කර තිබෙන්නේ ඉතිහාස ඒබීසී ගොඩගසා ඒ මතින් රළු කතා කාප්ට් එකක් දමා ගල්රෝලකින් අඩිය අඟට තලා අපට ඉදිරිපත් කිරීමයි. ඉතින් එය කියවා මේ තරම් හති දමන්නට සිදුවීම පුදුම විය යුතු කාරණයක්ද? රසවත් කතාවක් කියන විට කතාකරුවා තුළ උපදින ප්‍රහර්ෂය නිසාම රසවත් භාෂාවක්ද නිර්මාණය වෙයි. සංස්කරණයෙන් එය මටසිලිටු කර ඔපමට්ටම් කළ හැකිය. මේ කිසිවක් දෑවානෙහි නැත. ඉතිහාස දැනුම නවකතාකරුවා විනාශ කර ඇත. Continue Reading
ටෙලි නිර්මාණයක් ප්‍රදර්ශනය කරගැනීමට අවුරුදු දහයක් තිස්සේ කරන අරගලයක්
විපුල සුමනසේකර. චිත්‍රපට තිරනාටක රචක, අධ්‍යක්ෂ හා නිෂ්පාදක. නිර්මාණ අධ්‍යක්ෂ හා උපදේශක (වෙළෙඳ ප්‍රචාරක කටයුතු)
මෙය ලියන මා විරුද්ධවන්නේ වසර 2001දී ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් වූ නිමල් ලක්ෂපතිආරච්චි විසින් ඇති කරන ලද, නාලිකා මගින් රූපවාහිනී ටෙලි නාට්‍ය හා වැඩසටහන් අව-තක්සේරු කරමින්, අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලුම මුදල් අයිති කරගනිමින්, අනුග්‍රාහක දැන්වීම් සොයාදෙමින් අතරමැදි සේවාවක් සපයන ප්‍රචාරක ආයතනවලට සියයට 15%ක කොමිස් මුදලක් ලබාදෙමින්, නිර්මාණය බිහිකළ නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට සියයට 2% ක පමණ සොච්චම් මුදලක් ලබාදෙන මේ “සම-අනුග්‍රාහක ක්‍රමවේදය” නම් වූ අසාධාරණ ක්‍රමවේදයටය.Continue Reading
චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් (කෙටිකතාවකි)
අජිත් පැරකුම් ජයසිංහ රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා. මං හෙමිහිට ජනේලෙ ඇරියා. ඌ යන්තං තටු ගසමින් එහෙට මෙහෙට පැනලා ඇරපු ජනේලෙ පඩිය උඩ වාඩි වුණා. “මොනව හරි කනවද?” මං ඇහුවා. “ම්හු!” රාජාලියාContinue Reading
නින්ද විකුණන මිනිසා
නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක් නින්ද විකුණන මිනිසානින්ද පැමිණෙනු උදෙසා ගිනි වතුර ගිල දාරිදෙන ගත සතපවයි බිම දා පද: අජිත් පැරකුම් ජයසිංහඡායාරූපය: දක්ෂිණා සන්තෝෂි පෙරේරාContinue Reading
ඩිලයිලා, ඇවිලෙනසුලුයි හා නිධානය
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ප්‍රචණ්ඩත්වය හා කාන්තාවට එරෙහි හිංසනය තේමා කරගත් විශිෂ්ට සිනමා කෘති කිහිපයක් තිබේ. නිධානය, දඩයම, දැකල පුරුදු කෙනෙක් හා චින්තන ධර්මදාසගේ අලුත්ම චිත්‍රපටය වන ඇවිලෙනසුලුයි ක්ෂණිකව සිහිපත් වූ චිත්‍රපට කිහිපයකි. පසුගිය දිනෙක ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ නිධානය චිත්‍රපටය නරඹන අතරතුර මට ටොම් ජෝන්ස්ගේ ඩිලයිලා ගීතය මතක් විය.Continue Reading
සිබිල් වෙත්තසිංහ මැතිනියට උපහාර!
සිබිල් වෙත්තසිංහයන් යනු ලංකාවේ ළමයින්, නව යොවුන් වියේ පුද්ගලයන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් අපූරු කතා සාහිත්‍යයක් හා ඒ හා බැඳුණු චිත්‍ර කලාවක් නිර්මාණය කළ ලේඛිකාවකි. ඇගේ කතා හා චිත්‍ර සිංහල සාහිත්‍යයේ නොමැකෙන මං සලකුණකි. ඇය තම කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කාන්තාවකි. පරම්පරා කීපයක පුද්ගලයන් ඇගෙන් ආවේදන ප්‍රබෝධය ලබාගෙන ඇතිContinue Reading