අජිත් පැරකුම් ජයසිංහ සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය නවකතාව ආරම්භයේදී එය මගේ අවධානය පැහැරගත්තේ එහි තිබුණු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය නිසාය. හදිසියේ මතකය ගිලිහී ගිය මැදිවියේ කාන්තාවක වටා ගොඩනැගෙන සිදුවීම් මාලාවක් ඔස්සේ එම කාන්තාව තමන් කවුරුදැයි ගවේෂණය කරගන්නීය. තතාවේ අගභාගයට ළඟාවනවිට හෙළිදරව් වන්නේ එම කාන්තාවට අතීතය අමතක වීම හුදෙක්ම ඇගේ කතාව කීම සඳහා කතුවරියContinue Reading

Ariyawansa Abesekara

ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි. Continue Reading

Alborada

ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පිනසල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි. Continue Reading

Burning Birds

අජිත් පැරකුම් ජයසිංහ ගම්වල ජීවත් වන මිනිසුන් වන අප ලංකාවේ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ සම්මානලාභී චිත්‍රපට බලන්නෙ දැඩි කැපකිරීමක් කරලායි. දැවෙන විහඟුන් මතුගම ජානකී සිනමා ශාලාවේ ටිකට් අරගෙන බලන්නට උත්සාහ කළත්, සෙනග මදි බව කියා විනාඩි පහකින් දර්ශනය නැවැත්තුවා. ඉන් පසු, චිත්‍රපටය බලන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඊයේ සිනමාවර්ල්ඩ් චැනල් එකේ දැවෙන විහඟුන්Continue Reading

Belarusian Sprinter Krystsina Tsimanouskaya

මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු – ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ. Continue Reading

temperature gauge

උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි. එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි. Continue Reading

Killings at the end of the war in Sri Lanka

Thomas Hardyගේ කවියේ පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ. 2017දී මෙම කවිය මුලින් පළ කළේ W3Lanka බ්ලොග් අඩවියේය. එම අවස්ථාවේදී එය විශාල පිරිසක් විසින් බෙදාගන්නා ලදී. Continue Reading

floods in Sri Lanka

නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.Continue Reading

antique kadayaka maranayak

රසවාදය ඔස්සේ නාට්‍යය විග්‍රහ කළොත් හඳගම නිර්මාණය කරන නාට්‍යයේ නාට්‍යමය දුර්වලකමක් පෙනෙනවා. නාට්‍යයේ ගැටුම පුපුරා යන අවස්ථාව තමයි මේ ලිංගික ජවනිකාව. එහි තිබෙන අභව්‍ය ස්වභාවය සමස්ත නාට්‍යයේම ගුණයට බලපානවා. එමගින් නිර්මාණය වෙන්නේ කෘත්‍රිම ශෝකාන්තයක්. Continue Reading

‘Hey Jude’ කියන්නේ ඉන්දියානු ශ්‍යාම්ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටියක්. එය සුවිශේෂ එකක්. චිත්‍රපටයේ තේමාව වන්නේ මානසික ආබාධයක් වන ඇස්පර්ජර් සහලක්ෂණය (Asperger’s syndrome) පිළිබඳවයි. මලයාලම් සිනමාව මෙවැනි මනෝවිද්‍යාත්මක කාරණා බෙහෙවින් ස්පර්ශ කරනවා.Continue Reading