ලොව්තුරු සුවය නිම් නැති සුවය වුණ හැටි
සෝමතිලක ජයමහ රචනා කර ගායනා කර ‘පොඩි දුවගේ සිනා වැලයි’ ගීතය ගුවන් විදුලියෙන් විකාශය සඳහා තත්ව පරීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවට භාරදුන්නාම එහි මෙහෙම කොටසක් තිබුණා.Continue Reading
සෝමතිලක ජයමහ රචනා කර ගායනා කර ‘පොඩි දුවගේ සිනා වැලයි’ ගීතය ගුවන් විදුලියෙන් විකාශය සඳහා තත්ව පරීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවට භාරදුන්නාම එහි මෙහෙම කොටසක් තිබුණා.Continue Reading
– අජිත් පැරකුම් ජයසිංහ ජානගත හේතු නිසා වෙන්න ඇති මගේ කොණ්ඩෙ ඉදීම අවුරුදු 25දි විතර පටන් ගත්තෙ එළියකන්ද වධකාගාරයෙදි. ඒ කාලෙ රෙස්ටෝරියා ජාතියක් ආවා ගෑවාම කෙස් කළුවෙනවාය කියලා. පල් බොරුවක්. ඊට පස්සෙ ඩයි කරන්න පටන් ගත්තා. තැන් තැන්වල තමයි තිබුණෙ. කණ ගාව වගේ. බැන්දට පස්සෙ වයිෆ් තමයි ඒ වැඩේ කළේ.Continue Reading
කලා නිර්මාණ හැමතිස්සෙම අහිංසක නැහැ. ඒව ඇතුළෙ ප්‍රඩක්ට්ස් ප්ලේස් කිරීමේ සිට මාකටිං තියෙනවා. කලා නිර්මාණවලට අරමුදල් යොදන අයට දේශපාලනික හා වානිජ අරමුණු තියෙනවා. ඒවා බැහැර කරලා කලා නිර්මාණ රසවිඳින්නත් පුළුවන්. ඒක විතරයි කරන්න පුළුවන් කියල එකක් නැහැ. මං නම් රසවිඳීම ඉක්මවා ගිහින් ඒ පසුපස වෙළඳපොළ හා දේශපාලනය ක්‍රියාත්මක වෙන ආකාරයත් බලනවා. ඒකත් රස වින්දනයේම තවත් ලෙවල් එකක්.Continue Reading
දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.Continue Reading
කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.Continue Reading
කලාව යනු උසස් රසාස්වාදයකි. හුදු විනෝදාස්වාදය නොවේ. උසස් රසවින්දනයක් ඇති මිනිසුන් යනු දියුණු පුරවැසියන්ය. එසේම, දියුණු පාරිභෝගිකයන්ය. ඔවුහු කලා කෘතියකට ගෙවිය යුතු මිල ගෙවීමට මැලි නොවෙති. කෘතිය මිලදීගැනීමට මුදල් නැතිනම් වෙනත් ආකාරයකින් අගයති. ඇතැම් විට එය ප්‍රිය වචනයක් විය හැකිය.Continue Reading
අරගලයේ ප්‍රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, මේ සමග තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න.Continue Reading
මෑතක සිට දූෂිත, අපරාධකාරී, කුමන්ත්‍රණකාර දේශපාලකයකුගේ චරිතය වටි ගොඩනැගෙන කුමන්ත්‍රණ න්‍යාය සමුදාය විශේෂයෙන්ම දකණු ආසියාතික කලා සංදර්භයේ වට්ටෝරුවක් නිර්මාණය කර තිබේ. එහි කිසිදු වරදක් නැත. එහෙත්, දේශපාලකයාගේ මේ ඒකාකෘතික චරිතය සමාජය වෙත සන්නිවේදනය වීමත් සමග එක පැත්තකින් සියලු දේශපාලනඥයන් එසේ යයි සමාජය සිතීම හා එසේ වීම දේශපාලනඥයාගෙන් අපේක්ෂා කිරීම ද, දේශපාලනඥයා ද එසේ වීම ද සිදු වේ. එමගින් එම ආකෘතිය නැවත නැවතත් වැරගැන්වේ. මෙම ඒකාකෘතිය නැවත නැවත ඉදිරිපත් කිරීම ජනප්‍රිය විය හැකි වුවත්, එය සමාජ වෙනස සම්බන්ධයෙන් සාධනීය නැත. කලාකරුවාට එය අදාළ නැති බවට තර්ක කළ හැකිය. එහෙත්, කලාව රසවිඳින අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැතැයි කියන්නට හේතුවක් ද නැත. Continue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න. එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්. Continue Reading
කලාව රසවින්දනයට වඩා කලා සන්නිවේදනයේදී වැදගත් වන්නේ වින්ද රසය වර්ණනා කිරීමයි. එමගින් කලා වෙළඳපොළ හසුරුවන්නට පුළුවන්. එතැනදී තමයි විචාරකයන්ගේ අධිපති භූමිකාව වැදගත් වෙන්නෙ. විචාරකයන්ගෙ චර්යාව බොහෝදුරට ප්‍රජාතාන්ත්‍රික නැහැ. සමාජවාදයට ආවරණය වුණාට විචාරයේ කිසිදු සමාජවාදයක් නැහැ. එහි සමාජවාදයේ මූලික ලක්ෂණ වන සමානාත්මතාව, පොදුබව වැනි ලක්ෂණ ඇත්තෙම නැහැ. ඒ වෙනුවට එහි තිබෙන්නේ දැඩි අධිපති වන්දනාවක්. ඒ වගේම, කලාවේ පීඩිතයන් වන ආධුනිකයන් පිටුදැකීමක්. ඒ වගේම, බොහෝ විචාරකයන් ස්වාධීනත් නැහැ. විචාරය කියන්නෙත් සමාජ වෙළඳපොළක්. කලාවක් විදියට ගත්තොත් විචාරය අතිශය ප්‍රචණ්ඩ ක්‍රියාවක්. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us