Dam Rajina

දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.Continue Reading

Eya den bendala

කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.Continue Reading

PDF

කලාව යනු උසස් රසාස්වාදයකි. හුදු විනෝදාස්වාදය නොවේ. උසස් රසවින්දනයක් ඇති මිනිසුන් යනු දියුණු පුරවැසියන්ය. එසේම, දියුණු පාරිභෝගිකයන්ය. ඔවුහු කලා කෘතියකට ගෙවිය යුතු මිල ගෙවීමට මැලි නොවෙති. කෘතිය මිලදීගැනීමට මුදල් නැතිනම් වෙනත් ආකාරයකින් අගයති. ඇතැම් විට එය ප්‍රිය වචනයක් විය හැකිය.Continue Reading

Aragalaya art

අරගලයේ ප්‍රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, මේ සමග තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න.Continue Reading

Jeevithaye Oil Pallam

මෑතක සිට දූෂිත, අපරාධකාරී, කුමන්ත්‍රණකාර දේශපාලකයකුගේ චරිතය වටි ගොඩනැගෙන කුමන්ත්‍රණ න්‍යාය සමුදාය විශේෂයෙන්ම දකණු ආසියාතික කලා සංදර්භයේ වට්ටෝරුවක් නිර්මාණය කර තිබේ. එහි කිසිදු වරදක් නැත. එහෙත්, දේශපාලකයාගේ මේ ඒකාකෘතික චරිතය සමාජය වෙත සන්නිවේදනය වීමත් සමග එක පැත්තකින් සියලු දේශපාලනඥයන් එසේ යයි සමාජය සිතීම හා එසේ වීම දේශපාලනඥයාගෙන් අපේක්ෂා කිරීම ද, දේශපාලනඥයා ද එසේ වීම ද සිදු වේ. එමගින් එම ආකෘතිය නැවත නැවතත් වැරගැන්වේ. මෙම ඒකාකෘතිය නැවත නැවත ඉදිරිපත් කිරීම ජනප්‍රිය විය හැකි වුවත්, එය සමාජ වෙනස සම්බන්ධයෙන් සාධනීය නැත. කලාකරුවාට එය අදාළ නැති බවට තර්ක කළ හැකිය. එහෙත්, කලාව රසවිඳින අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැතැයි කියන්නට හේතුවක් ද නැත. Continue Reading

fairy cartoon

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න. එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්. Continue Reading

Pravegaya

කලාව රසවින්දනයට වඩා කලා සන්නිවේදනයේදී වැදගත් වන්නේ වින්ද රසය වර්ණනා කිරීමයි. එමගින් කලා වෙළඳපොළ හසුරුවන්නට පුළුවන්. එතැනදී තමයි විචාරකයන්ගේ අධිපති භූමිකාව වැදගත් වෙන්නෙ. විචාරකයන්ගෙ චර්යාව බොහෝදුරට ප්‍රජාතාන්ත්‍රික නැහැ. සමාජවාදයට ආවරණය වුණාට විචාරයේ කිසිදු සමාජවාදයක් නැහැ. එහි සමාජවාදයේ මූලික ලක්ෂණ වන සමානාත්මතාව, පොදුබව වැනි ලක්ෂණ ඇත්තෙම නැහැ. ඒ වෙනුවට එහි තිබෙන්නේ දැඩි අධිපති වන්දනාවක්. ඒ වගේම, කලාවේ පීඩිතයන් වන ආධුනිකයන් පිටුදැකීමක්. ඒ වගේම, බොහෝ විචාරකයන් ස්වාධීනත් නැහැ. විචාරය කියන්නෙත් සමාජ වෙළඳපොළක්. කලාවක් විදියට ගත්තොත් විචාරය අතිශය ප්‍රචණ්ඩ ක්‍රියාවක්. Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය නවකතාව ආරම්භයේදී එය මගේ අවධානය පැහැරගත්තේ එහි තිබුණු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය නිසාය. හදිසියේ මතකය ගිලිහී ගිය මැදිවියේ කාන්තාවක වටා ගොඩනැගෙන සිදුවීම් මාලාවක් ඔස්සේ එම කාන්තාව තමන් කවුරුදැයි ගවේෂණය කරගන්නීය. තතාවේ අගභාගයට ළඟාවනවිට හෙළිදරව් වන්නේ එම කාන්තාවට අතීතය අමතක වීම හුදෙක්ම ඇගේ කතාව කීම සඳහා කතුවරියContinue Reading

Ariyawansa Abesekara

ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි. Continue Reading

Alborada

ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පිනසල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි. Continue Reading