Praja Office

මේක අපේ ජීවිත ගැන ලිපි පෙළක ආරම්භය. අපි කවුරුත් කැමතියිනෙ අනුන්ගෙ ජීවිතවල රහස් කවුළුවලින් එබිලා බලන්න. මං කැමතියි රෑට බස්වල යන ගමන් පාර අයිනෙ ගෙවල් ඇතුළ බලන්න. දවල්ට ආලෝකයේ පරස්පරයන් නිසා අපට ගෙවල් ඇතුළෙ කරන දේ පෙනෙන්නෙ නැහැ. ඒත්, රෑට එළියෙ අඳුරයි, ගෙවල් ඇතුළෙ එළියයි නිසා මිනිසුන් කෑම කන, දරුවන් සුරතල් කරන, රණ්ඩු වෙන, රූපවාහිනී බලන ජවනිකා අපට සිනමා දර්ශනයකදි වගේ පෙනෙනවා. බස්වල කවුළුව තරමක් උසින් පිහිටා තිබීමත් ඒකට උපකාර වෙනවා. මං කැමති නැහැ මගේ ගෙදර වුණත් ජනෙල් දොරවල් වැහෙන්නට තිර රෙදි එල්ලනවාට. ඒත්, මගේ බිරිඳ දැඩිවම ඒවා අවධාරණය කරනවා.Continue Reading

Crow

මෙම ආර්ථික දැක්ම දෙකෙහිම හොඳ, නරක දෙකම තිබේ. ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික මූලෝපායක් සකස් කරගැනීමේදී සලකා බැලිය යුත්තේ වර්තමාන අර්බුදය පමණක් නොවේ. මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති හා ඒවා විසින් ගොඩනගා තිබෙන තත්වයන් ද, අනාගත විභවයන් ද සැලකිල්ලට ගත යුතුය. Continue Reading

JVP-89

– අජිත් පැරකුම් ජයසිංහ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකර යටතේ තිබුණු තිසාවැව කෑම්ප් එකේ තිබුණු සුලබ වධහිංසනයක් වුණේ අත්අඩංගුවට ගත් තරුණයන්ගෙ ඉස්සරහ දත් හතරක් පොලුවලින් ගහලා කඩන එක. එහෙම කැඩීමට භාජනය වූ අය ගණනාවක් මට හමුවුණා, පැලවත්ත රැඳවුම් කඳවුරේදී. පස්සෙ කාලෙක අනුරාධපුරේදීත් ඒ අය නැවත හමුවුණා. ඒ අය තවමත් ජීවතුන් අතර ඉන්නවා,Continue Reading

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

අපි ලෝක ආර්ථිකයක් සමග බැඳී සිටින්නෙමු. ආනයන, අපනයන දෙකම එහිදී වැදගත්ය. වාහන ආනයනය තහනම් කර පරණ වාහනවලින් සංචාරක කර්මාන්තය කළ නොහැකිය. එසේම, පීසා එකක් හැදුවත් එය හරියට කරන්නට නම් ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍යය. දේශීය පොල්තෙල්වලින්, රම්පෙ කරපිංචාවලින්, ගල් අරක්කුවලින් විදේශ සංචාරකයන්ගේ අවශ්‍යතා සපිරිය නොහැකිය. දේශීය යයි කීවාට තුනපහ ටික හදාගන්නා කොත්තමල්ලි ටික පවා අප ගෙන්වන්නේ පිටරටිනි. ආනයන තහනම මරි මෝඩ වැඩකි. පුළුවන් තරම් ජාති වටිනාකම් අරවා මේවා එකතු කරගෙන අපනයනය කර සල්ලි හම්බ කරගෙන ඉදිකටුවේ සිට සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන චූන් එකේ ඉන්න පුළුවන් යයි සිතන ආර්ථික ඔස්තාද්ලා ලංකාවේ වැහි වැහැලාය. එවැන්නන් ලංකාවේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය මේ මොහොතේ මුහුණදෙන ගැටලු ගැන සොයා බලනවා නම් ඔවුන්ගේ ආර්ථික මූලෝපායේ ගොබ්බකම පහසුවෙන් තේරුම්ගත හැකිවනු ඇත. Continue Reading

අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්

ජාතික ජන බලවේගයේ ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය වත්මන් අර්බුදයට විසඳුම් සංකච්ඡා කිරීමේදී ගැඹුරින් සලකා බැලිය යුතු ප්‍රකාශනයකි. ලංකාවේ තත්වය විග්‍රහ කරමින් එහි පූර්විකාවේ දැක්වෙන පහත දැක්වෙන ප්‍රකාශය තුළ එම බලවේගයේ හා එහි ප්‍රධාන බලවේගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය කැටිකොට දැක්වේ යයි සිතිය හැකිය. Continue Reading

mushroom

ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි. Continue Reading

cartoon by Ajith Perakum Jayasinghe

දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහත දැක්වේ. එහි ඔහු පවසන්නේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත්, එකී කාලය සම්බන්ධයෙන් වැටුප් නොගෙවීමContinue Reading

Asath Salley

අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගිය දෙසැම්බර් 2දා නිදහස ලැබීය. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ 2021 මාර්තු මස 09 වනදා කොළඹදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙනි. “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි,Continue Reading

milk powder queue

මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, 2022 වසරේදී රජය ඩොලර් බිලියන 4.5ක විදේශ ණය ගෙවිය යුතුය. අර්බුද අතර අර්බුදය වී තිබෙන්නේ එයයි. ඔක්තෝබර් මාසය අග වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.3ට අඩු වී තිබිණි. මේ වන විට එය තවත් අඩු වී ඇත. 2022 වසර එළඹෙන්නේ ඩොලර් මිලියන 500ක බැඳුම්කර ණයක් ජනවාරිය ඇතුළත පියවීමේ අභියෝගය සමගයි. ශ්‍රී ලංකාව ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවයට පත්වේද, එමගින් රැළි පරිද්දෙන් ඇතිවන සෙසු ප්‍රතිඵල මොනවාද යන උභතෝකෝටිකය අප හමුවේ තිබේ.Continue Reading

domestic workers-1

ගෘහ සේවක/ සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු පිළිගත හැකි නීතිමය ප්‍රතිපාදනයක් පනවා නොමැත. ඔවුන් පඩි පාලක සභා නීතිවලින් හෝ ආවරණය වන්නේ නැහැ. එසේම කිසිදු සමාජ ආරක්ෂණ නීතියක් ද ඔවුන්ට අදාළ වන්නේ නැහැ. ගෘහ සේවක/ සේවිකාවන් ආවරණය වන නීතියක් ලෙස පෙනෙන 1950 අංක 43 දරණ කාර්මික ආරාවුල් පනත අනුව ස්වාමි සේවක සම්බන්ධයක් පැවතීම හා වාචික එකඟතා සම්බන්ධයෙන් එහිදී නීතිය ක්‍රියාත්මක කළ හැකියි. එහෙත්, ගෘහ සේවිකාවන් හට මෙම නීතිවලින් පිළිසරණක් ලැබුණු අවස්ථා ගැන තොරතුරු විරලයි.Continue Reading