Gotabaya on wall

ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව ද අද එවැන්නක් සිදුවිය හැකිය. එයට හේතුව, දුරදිග බලන්නට අවශ්‍ය දැක්වක් ජනාධිපතිගේ සිට පහළට පාලකයන් කිසිවකුට නැතිකමයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් අප මෙම වෙබ් අඩවියේ අවුරුදු එකහමාරක පමණ සිට ලියා ඇති ලිපිContinue Reading

police checkpoint

උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි විවිධාකාර සංවිධාන හා පුද්ගලයන් විසින් උපදෙස් දෙනු දැකිය හැකිය. ඒ පිළිබඳ උපදෙස් දෙන්නට දැනුමක් අපට නැත. පුරවැසියකු ලෙස යම් නිරීක්ෂණ කිහිපයක් නම් කළ හැකිය. රට වසන්නට උපදෙස් දෙන එක් බලවේගයක්Continue Reading

Sri Lanka Army vaccination centre

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.Continue Reading

COVID-19 and journalists

කීර්ති වර්ණකුලසූරියගේ මාධ්‍ය භාවිතාව අප ඇති තරම් විවේචනය කර තිබේ. යුද සමයේ සිංහල ජාතිවාදය හා යුදවාදය ඇවිලවීම සඳහා කටයුතු කළ ලියන්නකු වන කීර්ති කිසි සේත්ම බුද්ධිමතකු නොවේ. ඔහුගේ ඉංග්‍රීසි නොදැනුම නිසා ඔහු හාස්‍යයට ලක්විය. එවැනි අයකුට කීර්තිමත් සිංහල පුවත්පතක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන්නට ලැබීම ලංකාවේ ජනමාධ්‍ය පද්ධතිය සම්බන්ධ ගැටලුවකි. ජනමාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය ද එයට වගකිව යුතුය. ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් මෙතක් සිදුකළ ව්‍යාපෘති සාර්ථකද? කීර්ති වර්ණකුලසූරියගේ චර්යාව මෙන්ම සුනන්ද දේශප්‍රියගේ මෙම සටහන ද ප්‍රශ්නකාරීය.Continue Reading

Dilan Perera

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. Continue Reading

KDU facts

අජිත් පැරකුම් ජයසිංහ කොතලාවල විශ්වවිද්‍යාලය ගැන එල්ල වන ප්‍රධානතම විවේචන අතරින් එකක් වන්නේ උසස් අධ්‍යාපනය මිලිටරි විනයකට යටපත් කිරීමයි. හමුදාවල වෘත්තිකයන් සඳහා ලබාදෙන උසස් අධ්‍යාපනය හමුදා විනයකට යටත් කිරීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතුය. ලංකාවට මෙතරම් සුවිශාල හමුදාවක් කුමටද යන කාරණයත් එයට අදාළ කරගත යුතුය. කොතලාවල විශ්වවිද්‍යාලයContinue Reading

teacher agitation Sri Lanka

මේ දිනවල දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පැවැත්වේ. මෙම උද්ඝෝෂණ මගින් කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙන බව ආණ්ඩුවේ හිතවත් පාර්ශ්ව විසින් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබේ. සිදුවන කොරෝනා මරණවලින් වැඩිම ප්‍රමාණයක් වයස අවුරුදු 60ට වැඩි අය බව ද, එසේම විවිධ රෝගවලින් පෙළෙන අය බව ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය සමන්ත හේරත්Continue Reading

Belarusian Sprinter Krystsina Tsimanouskaya

මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු – ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ. Continue Reading

Anura Kumara Dissanayake

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ හා ජාතික ජන බලවේගය නම් බුද්ධිමතුන්ගේ පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඔවුන් මෙම ප්‍රකාශය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසාර්ථක හා අතාර්කික වෙමින්, ශීඝ්‍රයෙන් ගරාවැටෙමින් තිබෙන සංදර්භයකයි. එසේම, ජවිපෙ මෙය ප්‍රකාශ කරන්නේ මැතිවරණයක් මුවවිටදී කරන ගතානුගතික ප්‍රකාශයක් ලෙස ද නොවේ. මෙම ප්‍රකාශය සිදුකළContinue Reading

Sarath Weerasekara

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇත. මෙම ආයතන දෙක විශේෂ වැදගත්කමක් සහිත ඒවා නොවේ. බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යනු මෙලෝ වැඩක් නැති සල්ලි කන යකෙකි. ඒවා සරත් වීරසේකරගෙන් ගලවන්නේ ඔහුට දඬුවමක් ලෙස වෙන කිසිවකට නොවේ. Continue Reading