රාජ්ය සේවයේ පඩි තකා
රජයේ සේවයට ඇතුළුවුණ අලුත ගුරුවරයකු වුණ මගේ බාප්පා මගෙන් ඇහුවා වැටුප් විස්තර පොතක ලියල තියාගන්නවද කියලා. මං කිව්වා නැහැ කියලා. එයා මට අවවාද ගොඩක් දුන්නා. හැම දෙයක්ම පොතක ලියන්න, වැටුප් විස්තරේ ඉඳන් හැම දෙයක්ම ෆයිල් කරල තියාගන්න කියලා. එයාගෙ අවුරුදු 30ක ගුරු සේවයේ ෆයිල් මට පෙන්නුවා. මං අවුරුදු 21ක් ගුරු සේවයේ යෙදුණත් ඔය කිසිදෙයක් කළේ නැහැ. ඉංග්‍රිමන්ට් ෆෝම් එක දුන්නත්, ඒකට අදාළ වැටුප හදාගන්න හෝ මං කාර්යාලයට ගියේ නැහැ. මාරු මණ්ඩලවලට සහභාගී වෙන්න කලාප කාර්යාලයේ ඉඳිද්දි පවා මං ඒක කළේ නැහැ. හැමදාමත් මගේ වැටුප් හැදුණෙ වැටුප් පරිවර්තන කරද්දි. විශ්‍රාම ගනිද්දි වුණත් මට ලැබුණෙ ලැබිය යුතු නිවැරදි විශ්‍රාම වැටුප නොවෙන්න පුළුවන්.Continue Reading