polling station

විපක්ෂය කියන්නේ, ආණ්ඩුව මේක කරන්නෙ මැතිවරණ කල්දාන්නය කියලා. මේ වගේ සීමානිර්ණ උපායකින් කල්දාපු මැතිවරණයක් තමයි පළාත් සභා. ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ රජයට උපදෙස් දුන් ඇතැම් පක්ෂත් මේ වන විට ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කල්දැමීමට උත්සාහ කරන බවට මහ හඬින් චෝදනා කරනවා. Continue Reading

A5News

ජනාධිපතිවරයා කතානායකවරයාට ලිපියක් යවමින් සතුටුදායක ප්‍රගතියක් නැතැයි කරන ලද සඳහනක එම කොටස පමණක් උපුටා දක්වමින් එය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ පියවර සම්බන්ධ ප්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය උත්සාහ කරන ආකාරය දකින්නට ලැබෙනවා. මෙය නූතන මාධ්‍ය හැසිරීමේ සුවිශේෂ ලක්ෂණයක් නිරූපණය කරනවා. උදාහරණයක් ලෙස මේ සමග දැක්වෙන මීම්Continue Reading

traitor

අජිත් පැරකුම් ජයසිංහ ලාල් කාන්ත ද්‍රෝහියා සහ සතුරා පිළිබඳ අර්ථකථනයක් කරමින් පෙසපට යම් අනතුරු ඇඟවීමක් කරන අයුරු වීඩියෝවක දැක්කා. දුරස්ථ සතුරා මෙන් නොව යම් කලක මිතුරු ලෙසින් සිට පසුව වෙනස් වූ අයෙකු වාමාංශික ව්‍යාපාරය තුළ හඳුන්වන්නේ පාවාදෙන්නා, ද්‍රෝහියා, භ්‍රෂ්ටයා වැනි වචනවලින්. මේ නිගමනය ඒකපාක්ෂිකයි. සාමාන්‍යයෙන් එවැන්නන්ට සමාව නොදීම වාමාංශික සංස්කෘතියේContinue Reading

Anura Kumara -public service

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ/ ජාජබ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී සිදුකරන ලද ප්‍රකාශය ජවිපෙ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කරයි. ඔහුගේ කතාවේ වැදගත්ම කොටස වන්නේ රාජ්‍ය සේවය කුඩා කර කාර්යක්ෂම කරන බවයි. 2016 අගෝස්තු 5දා මා ෆේස්බුක්හි තැබූ සටහනක් මට හමුවුණා. “රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නෙ සුබසාධනය වෙනුවෙන් ය කියන එක පට්ටපල්Continue Reading

nan petta makan

අජිත් පැරකුම් ජයසිංහ චරණ ටීවී එකේ ගියපු නාන් පෙට්ට මකන් (මා හැදූ පුතා) නම් 2019 නිෂ්පාදිත, සාජි එස්. පැලමල් නම් අධ්‍යක්ෂවරයකුගේ මලයාලි චිත්‍රපටය අද බැලුවා. එයට පසුබිම් වෙන්නෙ 2018 ජුලි මාසයේදී කේරලයේ කොචිහි එමකුලම්හි මහරාජාස් කොලේජ්හිදී ඝාතනය වුණ අභිමන්යු නම් දෙවන වසරේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයාගේ කතාව. අභිමන්යු කේරලයේ තමිල්නාඩු මායිමේ වට්ටවඩාContinue Reading

Samabima-6-10-22

අජිත් පැරකුම් ජයසිංහ 2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද? පසුගිය ඔක්තෝබර් 31දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලිContinue Reading

Nov 2

අජිත් පැරකුම් ජයසිංහ පුරවැසියකු ලෙස මට පෙනෙන ආකාරයට රටේ ප්‍රශ්න විසඳන දුෂ්කර අරගලයෙ ආණ්ඩුව නියැලී ඉන්නවා. ඒකෙ අඩුපාඩු තියෙනවා. ලංකාවෙ ආණ්ඩුවලත්, රජයේත්, කාර්යක්ෂමතාව හැමදාමත් ගැටලු සගහත කාරණයක්. ඒ වගේම තමයි ඉතින් ජනතාවත්. තමන්ට ලැබෙන දේ ගැන තරම් තමන්ගෙන් රටට වියයුතු දේ ගැන රටේ ජනතාව අවධානය යොමු කරන්නෙ නැහැ. ජනතාවට ඉන්නContinue Reading

N.M. Perera and J.R. Jayawardane

විධායක ජනාධිපති ධුරය සඳහා සංවරණ හා තුලන නිර්මාණය කිරීමෙහිලා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය වැදගත් වේ. එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සන්සන්දනය කිරීමේදී එයට සාපේක්ෂව දුර්වල යයි පැවසිය හැකි වුවත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ සමයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර ඇති වූ බල අරගලය ද 21වන සංශෝධනයේ හැඩය තීරණය කිරීමේදී බලපෑ බව නොරහසකි. විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තනතුර රැකගැනීමටවත් නොහැකි විය. එයට හේතුව වූයේ හුදෙක් ආර්ථික අර්බුදය පමණක් නොව, දේශපාලන ක්‍රමයේ ගැටලුවයි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංවරණ හා තුලන වැදගත් වන්නේ එයට සාපේක්ෂවය. Continue Reading

Condom cartoon

කිසියම් අයකු HIV ආසාදිතයකු වුවත් කුමක් කරන්න ද? ඒ අපේ ම මිනිසෙකි. රෝගියකු වීම වරදක් ද? එම රෝගියාගේ මානව හිමිකම්වලට අත තබන්නට කිසිවෙකුට අයිතියක් නැතContinue Reading