Siribopura flyover, Hambantota

හම්බන්තොට මිරිජ්ජවිල සංවර්ධනය කිරීමට නියමිත යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් (07) කැමැත්ත ප්‍රකාශ (EOI) ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් EOIs ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට යෝජනා සඳහා ඉල්ලීම (RFP) නිකුත්Continue Reading

Anura Kumara about sea

ලංකාව ලෝකෙ වැඩියෙන්ම සමුද්‍ර දූෂණය කරන රටවල් අතරින් එකක්. මුහුදෙ ස්වාභාවික සම්පත් කියන්නෙ ඉතාම පරිස්සමෙන් තිරසර ලෙස භාවිතා කළ යුතු දේ. එහෙම නැතුව හූරාකාල ගොඩයන්න තියෙන ජාති නෙමෙයි. එක්සත් ජාතීන්ගෙ තිරසර සංවර්ධන අරමුණු 17න් 14වෙනි එක ‘දිය යට ජීවිතය.’ ඒ යටතෙ ‘Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development’ කියලයි සඳහන් වෙන්නෙ. ඒ කියන්නෙ ‘තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුද සහ සාගර සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර ලෙස භාවිතා කිරීම’. මේව ලංකාව අනුගමනය කරන්නට එකඟ වෙලා තියෙන කාරණා.Continue Reading

2023 budget proposals

ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. Continue Reading

Ananda Wijepala

ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි.Continue Reading

Full-time release for trade unions

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වී සිටින රාජ්‍ය සේවකයන් ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ දැක්වෙන වරප්‍රසාදයි. ඒවා රූපයේ දැක්වේ. ඒ අනුව, අවුරුදු හතරක් දක්වා පූර්ණ කාලීනව නිදහස් විය හැකිය. මහින්ද ජයසිංහ අවුරුදු 23ක කාලයක් නිදහස් වී සිටින බව මෙම වීඩියෝවේ දැක්වේ. ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නා බව දැක්වේ. වෘත්තීය සංගම් කටයුතුවලට නිදහස් වී සිටින මෙම විප්ලවවාදීන් ඇමතිවරයා ළඟ පිංසෙණ්ඩු වී එසේ කරගැනීම කොයි තරම් නිර්ලජ්ජිත වැඩක්ද? දශක ගණන් එකම අය වෘත්තීය සමිති කටයුතුවලට නිදහස් වී සිටින්නේත්, ප්‍රධාන තනතුරු දරන්නේත් මේ සංගම්වල වෙනත් නායකයන් නැති නිසාද? Continue Reading

Penal Code 365

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.Continue Reading

Rahul Gandhi

අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.Continue Reading

Ranil at big match

මේ ප්‍රභූ – නිර්ප්‍රභූ හීනමානය තමයි දැන් ඊළඟ ඡන්දෙදි මාකට් කරන්න ලෑස්ති වෙන්නෙ. ඒ වෙනස ලකුණු කරගන්න එක එක සංකේත නිර්ප්‍රභූ හීනමානකාරයන් උස්සන් එනවා. රෝයල් සෙන්තෝමස් විරෝධය, කලම්බු සෙවන් විරෝධය, පොෂ් ඉංගිරිස් විරෝධය එක්ක කන්නන්ගර දරුවෝ, ඒ දරුවන්ගෙත් දරුවෝ, මධ්‍ය විද්‍යාල අරව මේව කෑලි දාගෙන එනවා. එමගින් ගම්වල තරුණ පරම්පරාවෙ ඔලු කන්නයි මේ ලෑස්ති වෙන්නෙ.Continue Reading

ජනතාව තුළ වෛරය ගොඩනැගීම ඉතා පහසුය. එහෙත්, ඒ වෛරය කොතැනින් පුපුරා යයිද යන්න අපැහැදිලිය. වැඩ වර්ජනය දිගට ගෙන ගියා නම්, ජනතා වෛරය පුපුරා යන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබෙන නිසා නොවේ. උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි කියන තැනෙනි. Continue Reading

Ajith ITN

ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහන සමග ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරක අජිත් පැරකුම් ජයසිංහ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවContinue Reading