Nil Katarolu

නිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය Clitoria ternatea ය. සංස්කෘත භාෂාවේ මෙය ‘අපරාජිත’ නම් වේ. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දෙනෙක් මෙම ශාකය butterfly pea ලෙස හඳුන්වයි. Continue Reading

Ajith Perakum Jayasinghe in cartoon

අනිවාර්යයෙන් සමාජ නායකයෙකු වෙන්න ඕනැ නැහැ. සමාජයේ සාමාජිකයෙකු වෙන්න. ප්‍රීතිමත් සාමාජිකයයෙකු වෙන හැටි ඉගෙන ගන්න. වෙනත් අය නායකයන් වන හැටි බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න. මං පොර නොවී නායකත්වයට ගරු කරන්න. සාධනීය විදියට විවේචනය කරන්න. කඩාකප්පල් කරන්න එපා. ගොඩනගන්න.Continue Reading

tear gas

කෙසේ වෙතත්, ලංකාව මේ මොහොතේ සිටින්නේ දරුණු නායකත්වය අර්බුදයක් මැදයි. රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදය මැද බැබළෙන්නේ ඔහුගේ දැක්ම, තික්ෂණ බුද්ධිය, තීරණ ගැනීමේ එඩිතරභාවය, රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්ද හා ජාත්‍යන්තර පිළිගැනීම වැනි සාධක නිසාය. සහකම්පනය සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ අය පවා ඔහුට චෝදනා එල්ල කරති. කුමන අඩුපාඩු තිබුණත්, මෙවැනි අර්බුදකාරී සමයක රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අසලින් හෝ යා හැකි නායකයකු නොමැති බව පැහැදිලි සත්‍යයකි. ඔහු යටතේ නායකයන් බිහි වෙමින් තිබේ. එහෙත්, ලංකාවේ පවත්නා අරාජිකවාදී නිසරු පස මත එම අලුත් නායකත්වයන් මුල් අල්ලාගැනීම සඳහා කල් ගත වනු ඇත. Continue Reading

hospital

මේ මොහොතේ රෝහල්වල සිදුවන සියලු මරණ අධි සංවේදී ලෙස වාර්තා කිරීමේ මාධ්‍ය ප්‍රවණතාවක් තිබෙනවා. මේ මගින් උත්සාහ කරන්නෙ රෝගී මරණ පෙන්වමින් මහජනයා කුපිත කිරීමටයි. ඒ වෙනුවෙන් ඒක පාර්ශ්විකව, පසුව බොරු බව ඔප්පු වෙන කරුණු ඉදිරිපත් කරනවා. පසුව නිවැරදි කිරීමක් සිදුවන්නේම නැහැ. එය පසුපස තිබෙන්නේ කඩාකප්පල්කාරී හා අරාජිකවාදී දේශපාලනයක්.Continue Reading

Ajith Perakum Jayasinghe

මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.Continue Reading

Economic center

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා.Continue Reading

Peradeniya hospital

සමාජයම එකතුවෙලා ගහනකොට ඒ සේවකයන්ට මොකද වෙන්නේ? මේවා පිළිබඳ අවබෝධයක් මිනිස්සුන්ට දෙන්න ඕනැ. මෙහෙම සිදුවීමක් වුණ හැටියෙ සමාජ මාධ්‍ය ඉතා කැත විදියට චෝදනා කරනවා. ඉතා වැරදි අවබෝධයක් මිනිස්සුන්ට දෙන්නේ.Continue Reading

Saddharathana Thero

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.Continue Reading

Crudia zeylanica

සංවර්ධනයේදී පරිසරයට හානි සිදු වේ. ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අර්බුදය හමුවේ රුපියල් බිලියන ගණනක් වැය කර අදිවේගී මාර්ගය වෙනස් කරනවාට වඩා පඬු කරඳ ගස වෙනත් ආකාරවලින් සංරක්ෂණය කර පාර හැදීම වැදගත් බව අපගේ අදහසයි.Continue Reading

Ruwanpura Expressway

ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුව නැහැ.Continue Reading