Anura in India

අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්‍රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්‍රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ, මුස්ලිම් නායකයන් බිහි විය යුතු බව.Continue Reading

Asu

ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්‍යක්ෂවරයකුගේ වැඩක්. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි. මාර පිළිවෙලයි.Continue Reading

අපේ රටේ ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 - FCID) වගේ වැඩ කරලා මගදි මාරු වුණා. ණය ගන්න පුළුවන් කල් සියලු ආණ්ඩු විසින් කළේ ජනතාව අතර ජනප්‍රිය නැති ක්‍රියාමාර්ග කල් දාලා ණය අරගෙන රජයේ වැටුප්, සහනාධාර, සංවර්ධන සංදර්ශන ආදිය කරමින් බලය රැකගන්න එක. මේක වෙනස් කිරීම අනිවාර්ය වන විප්ලවීය අවස්ථාව උදා වුණේ 2022දී. ඒ විප්ලවීව අවස්ථාවට උර දුන්න ලංකාවෙ සැබෑ ලෙනින් තමයි රනිල්. ඉතිහාසයේ කැළැල් තියෙනවා. වාමාංශික කතිකාව ඇතුළෙ ප්‍රබන්ධකරණය කරපු ඉතිහාසයක් නැහැ. හැබැයි, ලංකාවේ කළ හැකි මූලික ක්‍රම වෙනස කරමින් ඉන්නවා. ඒක කරන්නෙ ඉතා සියුම් ලෙස බලය හසුරුවමින්. පිරිසිදු දේශපාලකයන් හොයන්න ගියේ නැහැ. ඉන්න එවුන්ගෙන් තමයි කරන්නෙ. අඩ සියවසකට වැඩි කාලයක් තිස්සෙ කුණු වෙමින් ආපු සිස්ටම් එකක් එක රැයින් හදන්න බැහැ. ඒකට කාලය අවශ්‍යයි. සියලු මූලික වෙනස්කම් කළ යුත්තෙ රජය. ඒ සඳහා මුලින්ම රාජ්‍ය මූල්‍ය විනය හදාගන්නට ඕනැ. ඒ කියන්නෙ ආදායම්-වියදම් තුලනය කරගන්නට ඕනැ. ඒක තමයි පළමු පියවර. පසුගිය කාලෙ කොයි තරම් නීති සංශෝධන ප්‍රමාණයක් කළාද කියල බලන්න. ඒ තමයි දෙවන පියවර. මේ සියල්ල කළේ පටු ප්‍රතිවිප්ලවවාදී විරෝධතා මර්දනය කරමින්. ලෝකෙ ඕනැම රටක විප්ලවීය අවස්ථා කළමනාකරණය කරල තියෙන්නෙ මේ විදියට තමයි. මාර පිළිවෙලට, කිසි අඩු පාඩුවක් නැතුව, ලස්සනට රතු කොඩි දාගෙන නෙමෙයි. විප්ලවයට ඔය බාහිර සංකේත අදාළම නැහැ.

අජිත් පැරකුම් ජයසිංහ දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක්Continue Reading

dog tax

අයකර නොගත් බදුවලින් 60% – 65% පමණ දීර්ඝ නීතිමය ක්‍රියාවලීන් සමඟ බැඳී ඇති අතර, එම නඩු විභාග වන්නේ මන්දගාමීවය. ගෙවීම් ප්‍රමාද කිරීම සඳහා ඇතැමුන් හිතාමතාම නඩු භාවිතා කරන බවට සියඹලාපිටිය සැක කරයි.Continue Reading

debt restructuring

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් අවසන් අදියර කරා ළඟාවෙමින් තිබෙන බව වාර්තා වේ. නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් වෙමින් පවතින අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති පෞද්ගලික ආයෝජකයින් සමඟ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව ද වාර්තා වේ. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවලිය අවසන් කිරීමේ වැදගත්කම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අවධාරණය කළේය.Continue Reading

Kalutara Chaithya-old

කලුතර වටදාගෙයට දැන් අවුරුදු පනහකි. එය ඉදිකිරීම ආරම්භ කළේ 1964දීයි. ඒ කාලෙ කළු ගඟ අද්දර තිබුණේ යකඩෙන් කරපු පාලමකි. කොත් පැළඳවීම සිදු වුණේ 1974දීය.Continue Reading

Kenneth Eugene Smith wife

ඡායාරූපයේ සිටින ඇලබාමාහි 58 හැවිරිදි කෙනත් ස්මිත් ඉයුජින්ගේ බිරිඳ තම සැමියා මරණීය දණ්ඩනයට ලක්කරන අවස්ථාවේ සාක්ෂි මැදිරියේ සිට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ස්මිත් යනු ඇමරිකාව විසින් පළමු වරට නයිට්‍රජන් ගෑස් භාවිතා කර ඉවත් මරණ දඬුවමට ලක් කළ පළමු පුද්ගලයායි. Continue Reading

online scams

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම වර්ධනයන් සමීපව නිරීක්ෂණය කළ යුතු අතර ශ්‍රී ලංකාවේ මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිය යුතුය. ආර්ථික ප‍්‍රකෘතිය සඳහා මාවත සකස් කිරීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම කැපකිරීම නොකළ යුතුය. ආර්ථික ස්ථාවරත්වය සහ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් සුරැකීම යන දෙකම සහතික කරන සමතුලිතතාවයක් ශ්‍රී ලංකාව සොයා ගත යුතුය.Continue Reading

Sarath Jayamanne

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

(2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි)Continue Reading

JVP-US

ජවිපෙ මූලික ගැටලුව ආර්ථික ජාතිකවාදයයි. මේක 1970 දශකයේදි අත්හදා බලලා අසාර්ථක වෙච්ච එකක්. අවුරුදු 50කට පස්සෙ ලෝකය තවත් ගෝලීයකරණය වෙලා, ප්‍රාග්ධනය, ශ්‍රමය, වෙළඳපොළ දැන් තියෙන්නෙ ගෝලීය දාම ඇතුළෙ.Continue Reading