Ranil in Sannasgala's tuition class

උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර සිටීම ගැන ඔවුන් කැමතිය. ගුරුවරුන් ද එසේය. එසේ වන්නේ ඇයි?Continue Reading

Ranil-MP-2022-signing

හුණුවටයේ කතාවේ අතහැර ගිය ඔටුන්න හිමි කුමාරයා රැගෙන යන්නට ඒ වෙලාවේ ගෘෂා වැෂ්නාඩ්සේ එතැන සිටියේය. ඇය නොසිටියා නම් වෙනත් අයෙකු දරුවා රැගෙන යනු ඇද්ද, නැතිනම්, ඝාතකයන්ට දරුවා හසු වනු ඇද්ද යන්න කාටවත් කිව නොහැකිය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල, රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයකුට එහා ගිය සාධකය අර්බුදය අවස්ථාවේ ලංකාවේ රාජ්‍ය බලය ලබාගත හැකි තැනක සිටියේය. ලංකාවේ ඉතිහාසය යොමු වී තිබුණු අරාජිකත්වයේ පල්ලම වෙනුවට ගිරි ශිඛර මැදින් වූ දුර්ග මාර්ගයක රට ගෙන යාමට නායකත්වය දෙන්නට ඔහු සමත් විය. ගෘෂා දරුවා ආරක්ෂා කරන බව අපි දැන සිටියෙමු. රනිල් සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එයයි. රනිල් නොසිටියා නම් අනෙක් නායකයන් මොනවා කරන්නට ඉඩ තිබුණාද යන්න අපි නොදනිමු. එය හරියට විජය කුමාරයා පැමිණි නැව ලංකාවට ගසාගෙන නොආවා නම් ලංකාවට කුමක් වේද යන්න වැනි ප්‍රශ්නයකි. Continue Reading

Nil Katarolu

නිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය Clitoria ternatea ය. සංස්කෘත භාෂාවේ මෙය ‘අපරාජිත’ නම් වේ. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දෙනෙක් මෙම ශාකය butterfly pea ලෙස හඳුන්වයි. Continue Reading

Ajith Perakum Jayasinghe in cartoon

අනිවාර්යයෙන් සමාජ නායකයෙකු වෙන්න ඕනැ නැහැ. සමාජයේ සාමාජිකයෙකු වෙන්න. ප්‍රීතිමත් සාමාජිකයයෙකු වෙන හැටි ඉගෙන ගන්න. වෙනත් අය නායකයන් වන හැටි බලලා සතුටු වෙන්න පුරුදු වෙන්න. මං පොර නොවී නායකත්වයට ගරු කරන්න. සාධනීය විදියට විවේචනය කරන්න. කඩාකප්පල් කරන්න එපා. ගොඩනගන්න.Continue Reading

tear gas

කෙසේ වෙතත්, ලංකාව මේ මොහොතේ සිටින්නේ දරුණු නායකත්වය අර්බුදයක් මැදයි. රනිල් වික්‍රමසිංහ මෙම අර්බුදය මැද බැබළෙන්නේ ඔහුගේ දැක්ම, තික්ෂණ බුද්ධිය, තීරණ ගැනීමේ එඩිතරභාවය, රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්ද හා ජාත්‍යන්තර පිළිගැනීම වැනි සාධක නිසාය. සහකම්පනය සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ අය පවා ඔහුට චෝදනා එල්ල කරති. කුමන අඩුපාඩු තිබුණත්, මෙවැනි අර්බුදකාරී සමයක රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අසලින් හෝ යා හැකි නායකයකු නොමැති බව පැහැදිලි සත්‍යයකි. ඔහු යටතේ නායකයන් බිහි වෙමින් තිබේ. එහෙත්, ලංකාවේ පවත්නා අරාජිකවාදී නිසරු පස මත එම අලුත් නායකත්වයන් මුල් අල්ලාගැනීම සඳහා කල් ගත වනු ඇත. Continue Reading

hospital

මේ මොහොතේ රෝහල්වල සිදුවන සියලු මරණ අධි සංවේදී ලෙස වාර්තා කිරීමේ මාධ්‍ය ප්‍රවණතාවක් තිබෙනවා. මේ මගින් උත්සාහ කරන්නෙ රෝගී මරණ පෙන්වමින් මහජනයා කුපිත කිරීමටයි. ඒ වෙනුවෙන් ඒක පාර්ශ්විකව, පසුව බොරු බව ඔප්පු වෙන කරුණු ඉදිරිපත් කරනවා. පසුව නිවැරදි කිරීමක් සිදුවන්නේම නැහැ. එය පසුපස තිබෙන්නේ කඩාකප්පල්කාරී හා අරාජිකවාදී දේශපාලනයක්.Continue Reading

Ajith Perakum Jayasinghe

මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.Continue Reading

Economic center

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා.Continue Reading

Peradeniya hospital

සමාජයම එකතුවෙලා ගහනකොට ඒ සේවකයන්ට මොකද වෙන්නේ? මේවා පිළිබඳ අවබෝධයක් මිනිස්සුන්ට දෙන්න ඕනැ. මෙහෙම සිදුවීමක් වුණ හැටියෙ සමාජ මාධ්‍ය ඉතා කැත විදියට චෝදනා කරනවා. ඉතා වැරදි අවබෝධයක් මිනිස්සුන්ට දෙන්නේ.Continue Reading

Saddharathana Thero

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.Continue Reading