ගල්ලඟුරු වංචාව: සිදු විය ඒ විපතා – නොදනිමි කාගෙ දොසා
රාජපක්ෂලාගෙන් හා යහපාලනයෙන් වත්මන් පාලකයන් නූගත් පාඩම වන්නේ, විශාල පක්ෂ, කැම්පේන්, බල ව්‍යාපෘති සඳහා මුදල් උපයන්නට යාම මගින් සමස්ත දේශපාලන ව්‍යාපෘතියම අවදානමට ලක් වන බවයි.Continue Reading
රාජපක්ෂලාගෙන් හා යහපාලනයෙන් වත්මන් පාලකයන් නූගත් පාඩම වන්නේ, විශාල පක්ෂ, කැම්පේන්, බල ව්‍යාපෘති සඳහා මුදල් උපයන්නට යාම මගින් සමස්ත දේශපාලන ව්‍යාපෘතියම අවදානමට ලක් වන බවයි.Continue Reading
මෑතකදී ජාතික ජන බලවේගයේ නායක කේ.ඩී. ලාල් කාන්ත මහතා ජනතාවගෙන් මුදල් සම්මාදම් කිරීම හා සමාජ ප්‍රාග්ධනය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කළේය. දේශපාලන ව්‍යාපාරයකට හෝ නායකයකුට ජනතාව විශ්වාසයෙන් යුතුව මුදල් පරිත්‍යාග කරන්නේ නම් එය හුදෙක් ආර්ථික ගනුදෙනුවක් නොවේ.Continue Reading
මං අවුරුදු පහක් (1985-89) එවකට ජවිපෙ (වත්මන් ජවිපෙ නොවේ) පූර්ණ කාලීනව වැඩ කළා. එතකොට පක්ෂෙ තහනම්. මට වයස අවුරුදු 19-24 අතර. අපි අවංක නිසා, අනෙක් සියලු දෙනා හොරුන් හා නොමග ගිය ජනතාව නිසා, බලය අරගෙන කැප වෙලා සමාජවාදය ගොඩනගන්නට පුළුවන්ය කියල දැඩිව විශ්වාස කරපු කාලෙ. ධනවාදයේ අර්බුදය නිසා අනිවාර්යයෙන්ම ධනේශ්වර ක්‍රමය කඩා වැටිලා, සමාජවාදය අනිවාර්යයෙන් අවශ්‍ය වන තත්වයක් නිර්මාණය වෙනවාය කියලත් විශ්වාස කරපු කාලෙ.Continue Reading
මෑතකදී අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක අතිශයින් ජනප්‍රිය වූ “හට්ටිමටිම් ටීම්” (Hattimatim Tim) ගීතය පිටුපස රසවත් මෙන්ම ඓතිහාසික කතාවක් සැඟවී තිබේ. ඒ පිළිබඳ විස්තරාත්මක තොරතුරු පහතින් දැක්වේ.Continue Reading
2021-2022 ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු වූ හානියට දේශපාලනඥයන් (රාජපක්ෂ සහෝදරයන් තිදෙනා) සහ මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් දෙදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ අවස්ථාවේදී බොහෝ පිරිසක් අප්‍රසාදයට පත් වූහ. වරදකරුවන් වූ පුද්ගලයන් සිරගත කිරීම, දඩ නියම කිරීම සහ වෙනත් ආකාරවලින් දඬුවම් කිරීම ඔවුහු අපේක්ෂා කළහ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය විසින් ගොනු කරන ලද නඩුවකට අනුව, රුපියල් මිලියන 75ක මුදලක් ගෙවන ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෑතකදී නියෝග කරන ලදි. එසේම, නිලධාරින් සිවුදෙනකුට රුපියල් මිලියන 50 බැගින් ගෙවන ලෙස ද නියෝග කරන ලදි. එ් සමගම කලින් සඳහන් කරන ලද අප්‍රසාදය මේ වන විට පහව ගොස් ඇති බව පෙනේ. එහෙත්, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය පිළිබඳව සැලකිලිමත් වන සියලුදෙනා විසින් අවබෝධ කරගත යුතු සහ ඊට අදාළව ක්‍රියාමාර්ග ගත යුතු කනගාටුදායක ප්‍රතිවිපාක රැසක් මෙහි පවතී.Continue Reading
නාලක ගුණවර්ධන විසිනි [email protected] ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාවේ කොන්දේසි කඩ කරන අයට ලැබෙන දඬුවමක් වන්නේ දින තුනක්, හතක් හෝ ඊට වැඩි කාලයක් පුරා ගිණුම අත්හිටුවීමය. ජනප්‍රිය කටවහරේ මෙය හැඳින්වෙන්නේ ‘ෆේස්බුක් හිරේ වැටෙනවා’ යනුවෙනි. මෑතදී වියෝ වූ මාධ්‍යවේදී සජීව විජේවීරගේ ෆේස්බුක් ගිණුම, 2021 පෙබරවාරියේ දිනක හදිසියේ එම ඉරණමට මුහුණ පෑවේය. සමාගම ඒ සඳහා නිශ්චිතContinue Reading
වර්තමාන යුද සංදර්භය සහ ගෝලීය අර්බුද හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරියේදී දිළිඳුකම තවදුරටත් වැඩි වීමට පවා ඉඩ තිබේ. එබැවින් දිළිඳුභාවයට එරෙහි සටන වෙනදාට වඩා තීව්‍ර කළ යුතු යුගයක් උදා වී ඇත. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ඓතිහාසික හා බරපතළ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට සමාජ දේහය පුරා දිළිඳුභාවය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, හුදු සහනාධාර බෙදාදීමේ යල්පැනගිය ආකෘතිවලින් ඔබ්බට ගිය තිරසර විසඳුමක අවශ්‍යතාව සිවිල් සමාජය විසින් දැඩිව මතු කරන ලදි. විශේෂයෙන්ම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සමග එක්ව, අපි මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කළෙමු. නව සමාජ ආරක්ෂණ ක්‍රමයක් ලෙස ‘අස්වැසුම’ හඳුන්වා දෙන සමයේදී, දිළිඳුභාවය පිටුදැකීමේ වැඩසටහන් පිළිබඳ පුළුල් පදනම් අධ්‍යයනයක් (Baseline Study) සිදු කරමින් මේ පිළිබඳ කතිකාවක් සමාජගත කිරීමට අපි උත්සාහ කළෙමු.Continue Reading
ඉස්සර ලංගම හෙවත් සීටීබී බස්වලට හිටි හැටියේ මගදී කඩා පැනලා ටිකට් පරීක්ෂා කරන පිරිසක් හිටියා. ඒ පරීක්ෂා කිරීමේ අරමුණ තමයි, කොන්දොස්තර ටිකට් දීලා ද, මගීන් ටිකට් අරගෙන ද කියලා පරීක්ෂා කරන එක. ඒ කණ්ඩායමට හැමෝම කිව්වෙ ප්‍රයිංස්කෝට් එක කියලායි.Continue Reading
1928 අගෝස්තු 4 වැනි දින වැලිගම මිදිගමදී උපත ලැබූ අවාලික්කාර ගලප්පත්තිගේ සුගතපාල ද සිල්වා 1964දී දෙහිවල බෝඩිමට ආවාට පසුව, ගමෙන් ගෙන ආ ලියන මේසය මේ. අජීව වස්තුවක් වුණත්, සුගතපාල ද සිල්වා නිර්මාණය කළ බොහෝ කල් පවතින බොහෝ නිර්මාණවලට මේ ලියන මේසයත් දායක වුණා.Continue Reading
ජේආර් ලංකාවේ ධනේශ්වර ක්‍රමය තිරසර කරන්නට හේතු වූ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ නායකයෙකි. ප්‍රභාකරන් දෙමළ ජාතිකවාදය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා යුද්ධයක් මට්ටමට ඔසවා තැබුවේය. මහින්ද එය පරදවා සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තිරසර කළේය. රනිල් බිඳ වැටුණු ලංකා ආර්ථිකය තිරසර ලිබරල් ධනේශ්වර පීල්ලක තැබුවේය. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us