Anojan

මෑතකදී ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වූයේ කතරගම පාද යාත්‍රාවට එක් වූ “සුබ්‍රමනි” නම් සුනඛයාගේ කතාවයි. එහෙත්, එම සංවේදී කතාවේ අවසානය සනිටුහන් වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අතිශය ඛේදනීය සහ බරපතළ සිදුවීමකිනි. කල්මුණේ ප්‍රදේශයේදී යම් පුද්ගලයෙකු විසින් මෙම සුනඛයාට පහර දීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග, ඊට ප්‍රතිචාර ලෙස පළ වූ කමෙන්ටුවක් (Comment) හේතුවෙන් සෞදි අරාබියේ සේවය කරමින් සිටි ‘අනෝජන්’ නමැති ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණයෙකුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 260කට පමණ සමාන) දැවැන්ත දඩයක් එරට අධිකරණයක් විසින් නියම කර තිබේ.Continue Reading

Judges Retiring Age

තමන්ට හිතවත් හෝ තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන අධිකරණ ව්‍යූහයක් නිර්මාණය කර ගැනීම හරහා, තෝරාගත් දේශපාලන නඩු විභාගයන් කඩිනම් කිරීමටත්, තමන්ට තර්ජනයක් විය හැකි ඇතැම් පුද්ගලයන් කඩිනමින් සිරගත කිරීමටත් ආණ්ඩුවට අවශ්‍ය වී තිබේ. බලය රැක ගැනීමෙන් තොරව තමන්ට කිසිවක් කරගත නොහැකි බව ඔවුහු හොඳින්ම දනිිති. ඔවුන් නිතර දෙවේලේ පුරසාරම් දොඩන ‘ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම’ යනු හුදෙක් බලය ලබාගැනීමට සහ එය රැකගැනීමට පමණක් භාවිතා කරන මෙවලම් පමණක් බව මෙම ක්‍රියාවලියෙන් මනාව ඔප්පු වේ.Continue Reading