සිංහලයාට අහිමි වූ සතුරා සහ ‘ලෝගු ත්‍රස්තවාදය’: ශ්‍රී ලංකා රාජ්‍යයේ ඊළඟ පරිණාමය
2026-07-18
හිරු කණ්ඩායමේ වැඩ කරන සමයේ පවා ඇතැමෙක් මා හඳුන්වනු ලැබුවේ ‘ජාතිවාදියකු’ ලෙසිනි. එහෙත්, එදාත් මගේ දේශපාලන කියවීම වූයේ අතිශය පැහැදිලි එකකි. එනම්, සිංහලයන් වන අප දේශපාලනිකව වැඩ කළ යුත්තේ ‘දෙමළ විමුක්ති අරගලය’ වෙනුවෙන් නො ව, එකී දෙමළ විමුක්ති අරගලය හමුවේ ‘සිංහලයන්ගේ වගකීම’ කුමක් ද යන්න සම්බන්ධයෙන් බවය. මේ දයලෙක්තික (Dialectical) දැක්ම මත පිහිටා, නව සිංහල ජාතිකවාදයක් පිළිබඳ කතිකාවතක් ගොඩනැඟීම සඳහා මම හිරු පුවත්පතට ‘නව සිංහලය’ නමින් කොලමක් ද රචනා කළෙමි.Continue Reading











